Date: Sunday, 19 May 2013 Register Login Report News
  Search    

මව්බිම Main

ප්‍රභාකරන් මැරුණු නන්දිකඩාල් කළපුවේ රු: 15,000ක් ගෙවලා රැයක් ඉන්න කැමැතිද?

'මව්බිම' ගවේෂණයට මෙවර මුල් වූයේ පුවත්පත් දැන්වීමකි. 'නන්දිකඩාල් කළපුවේ සුවය විඳීමට එන්න' නන්දිකඩාල් කළපුවේ ඉදි කළ නිවාඩු නිකේතනය පිළිබඳ එම දැන්වීම මෙවර 'මව්බිම' ගවේෂණයට පාර කියන්නට විය.

මීට අවුරුදු හතරකට පෙර ත්‍රිවිධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද මානුෂීය මෙහෙයුමේ විජයග්‍රාහී භූමිය වූයේ නන්දිකඩාල් කළපුවයි. නන්දිකඩාල් කළපුවේ එහා ඉවුරේ ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගන්නා ලද දහස් සංඛ්‍යාත දමිළ වැසියන්ගේ ජීවිත යුද හමුදාවේ මානුෂීය දෑත් මතින් මෙගොඩ කළේ නන්දිකඩාල් කළපුවේ දිය කඳ මැද්දෙනි. ධීවර කර්මාන්තයෙනුත් බිජුවට වපුරා මහා අස්වැන්නෙන් ස්වයංපෝෂිත වූ නන්දිකඩාල් කළපුවෙන් එහා ඉමේ ජීවත් වූ දමිළ වැසියන්ගේ ජීවිත පිරී ඉතිරී තිබුණු යුගයක කඳුළු නටබුන් හමුවේ මම මෙහා ඉමේ බලා සිටිමි.

මුලතිව් යුද හමුදා ප්‍රධාන මූලස්ථානය යටත් පාලනය වන 'Lagoons Edge' නිවාඩු නිකේතනයේ නැවුම් තේක්ක ලී සුවඳිනුත් නන්දිකඩාල් කළපුවේ සිහිල් සුළඟෙනුත් මට ඇති වූයේ නැවුම් බවකි.

'Lagoons Edge' නිවාඩු නිකේතනයේ සිට මම කතාවට මුල පුරමි.

වසර 30ක යුද්ධයේ ඓතිහාසික විජයග්‍රාහී භූමිය වන නන්දිකඩාල් කරුණු කාරණා කිහිපයකට මුල්වෙයි. වේළුපිල්ලේ ප්‍රභාකරන් අවසන් හුස්ම හෙළුවේ මෙම කළපුව යාබද වීම, L.T.T.E. නායකයන් විශාල ප්‍රමාණයකගේ නිවෙස් පිහිටා තිබීම, L.T.T.E. සංවිධානයේ මහවිරු පවුල් පිහිටා තිබීම, එම සංවිධානයේ අවසානය දක්වා සටන් කර පරාජයට පත් L.T.T.E. ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයක් රජයේ හමුදාවට බාර වූ ස්ථානය වීම වැනි විශාල ජයග්‍රාහී කාරණා රැසකට මුල්වූ නන්දිකඩාල් කළපුව යුද්ධය පැවැති සමයේ ජීවිත විශාල ප්‍රමාණයක් සඟවාගෙන ඇති ස්ථානයකි. දැන් එම භූමියේ නිවාඩු නිකේතනයක් ඉදි වී ඇත. මෙම නිකේතනයේ සුවිශේෂීතාව වනුයේ සියලුම ඉදිකිරීම් තේක්ක ලීයෙන් නිම කර තිබීමයි.

එපමණක් නොව බිත්ති සැරසිලි, ඇඳ, පුටු, මේස සියලුම දේ තේත්ක ලීයෙන් පමණක්ම නිම කර තිබේ. එක්වර අට දෙනකුට ලැගුම් ගත හැකි මෙම නිවාඩු නිකේතනයේ සුවපහසුකම් ගැන කියාවත්, ලියාවත් නිමකිරීමට නොහැකි තරමට අතිශය අලංකාරය.

= කොච්චර කාලයක් ගියාද මේක හදන්න?

මාස හතක් විතර.

= කවුද මේකෙ නිර්මාණ ශිල්පියා?

සියලුම දේ සිදුවූයේ යුද හමුදාවේ සොල්දාදුවන් අතින්. සැලසුම්, ඉදිකිරීම් මේ හැම දෙයක්ම.

= ඔය ඉස්සරහ තියෙන පරණ කාර්එක කාගෙද?

L.T.T.E. එකේ.

= ඒ කිව්වේ?

එයාලා පාවිච්චි කරපුවා. දවසක් මෙතැනට ආපු සුද්දියක් මේක දැකලා ලක්‍ෂ පහකට ඉල්ලුවා.

නිකේතනය බාර නිලධාරියාගේ කතාබහත් සමඟම 'Lagoons Edge' දින දෙකකට අපේ ලැගුම් නවාතැන්පොළ විය.

ජීවිතේ කවදාම හෝ දවසක ඔබද මේ අත්දැකීම විඳිය යුතුය. එය එතරම්ම අපූර්ව අත්දැකීමකි. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඇති විනය මෙන්ම එම නවාතැන්පොළේ ඇති පිළිවෙළත්, පිරිසුදුකමත් අති විශිෂ්ටය.

10427_2.jpg

 

 

 

 

 

 

 

 

 

 

අපි මෙතැනට එන හැමෝම නන්දිකඩාල් කළපුවත්, මුලතිව් කැලේ තියෙන L.T.T.E. සංවිධානයේ ගොඩක් දේවල් බලන්න එක්කරන් යනවා.

අපි රාත්‍රියට ඉඩ දුන්නෙමු.

මේ කළපුව කවදා හරි හිඳුණොත්, පතුලේ මොනතරම් ජීවිත ඇත්ද. ත්‍රස්තවාදී වෙඩි උණ්ඩයෙන් පසාරු වූ රණවිරුවන්ගේ හදවත් මෙන්ම, ත්‍රස්තවාදීන්ගේ ජීවිතද මෙම දිය කඳ පතුලේ ඇටසැකිලි වී එකට වැතිර ඇති බව නිසැකය. සඳඑළියට නළියන දියරළ ජීවිතයේ නිස්සාර බව පසක් කරයි.

ප්‍රභාකරනුත්, සුසේයිත්, ප්‍රභාකරන්ගේ දරුවනුත් මියැදුණේත් ත්‍රස්තවාදීන්ගේ රුදුරු වෙඩි උණ්ඩයෙන් අපේ රණවිරුවන්ගේ රුධිර ධාරා ගලා ගියේත්, මේ ජලකඳේම විය හැකිය. තවමත් අවුරුද්දකට නොවැඩි මෙම අලංකාර නිකේතනය විවෘත කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතිනි. මුලතිව් සංචාරයේ නිරත වන බොහෝ අයට ඇති ගැටලුව වන්නේ නවාතැන් ප්‍රශ්නයයි. ඒ සඳහා 'Lagoons Edge' නිවාඩු නිකේතනයට අමතරව ගී්‍රන් හවුස් නමින් තවත් නිකේතනයක් මුලතිව් යුද හමුදා මූලස්ථානය මඟින් පාලනය වෙයි. නවාතැන් ගන්න අයගේ රුචිකත්වය මත ආහාරපානද, මුලතිව් කැලය මැද්දේ ෆාරා නැව, ත්‍රස්තවාදීන්ගේ පිහිනුම් තටාකය, මුහුදු කොටි නායක සුසේයිගේ නිවෙස, ත්‍රස්තවාදීන්ගේ ආයුධ, ප්‍රභාකරන් මැරුණු තැන, ප්‍රභාට අයිති පලතුරු වත්ත මේ හැම දෙයක්ම බලන්න පුළුවන.

ඇත්තටම මුලතිව් සංචාරය කරන බොහෝදෙනා මෙම නවාතැන්පොළ පිළිබඳ නොදන්නවා විය හැකිය. එක්වර අට දෙනකුට නවාතැන් ගත හැකි මෙම නිකේතනය සඳහා දැනට මිල ගණන් නියම කර ඇති ආකාරයට දිනකට ගාස්තුව වෙන්නේ රුපියල් 15,000කි.

අඩු මුදලකට ලැබෙන අධිසුඛෝපභෝගී මෙම අත්දැකීම තුළ මමත් ඡායාරූප ශිල්පි ප්‍රියන්තත්, රාත්‍රියට සූදානම් වෙමින් සිටියෙමු.

ලී දඬුවලින් නිමාකර ඇති අතිශය සුන්දර රාත්‍රි සාද පවත්වන ස්ථානයද නවාතැන් ගන්න අයට ලැබෙන විශේෂ පහසුකමකි.

රාත්‍රිය මැදියම් වෙමින් පවතියි. වෙඩිවරුසා නතර වූ බිමක තරු වැස්සක් මෙන් කළපු දිය මතට සඳ එළිය දියවී ඇත. මියැදුණු ලක්‍ෂ සංඛ්‍යාත මිනිස් ජීවිතවල කඳුළත්, සුසුමත් මරළතෝනිත් නිහඬ වී හමාරය. එතරම්ම මේ රාත්‍රිය නිහඬය. සීතලය. කළපුවෙන් එහා ඉමේ මියැදුණු ජීවිත කතාත් ජීවත්වන මිනිසුන්ගේ බලාපොරොත්තුත් සොයා හෙට උදේම පිටත්විය යුතුය. ඔබ ලබන සතියේ හමුවන්නේ ඒ අත්දැකීම් සමූහයේ අකුරු වියමන ළඟිනි.

ලබන සතියට...

 

සංජක ප්‍රසාද් ‍ෙදාලේවත්ත

2012-12-23 01:59:00 Hits: (1,313) Comments (0)
Other Images
SocialTwist Tell-a-Friend

Add Comments

Your comment will be visible after approval
Name (Required)
E mail (Required, but will not be published)
Please read the above number carefully and enter the same in the input box below.
 

LATEST NEWS

ධම්මසිරි නාහිමියන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍ය අපවත් වී වදාළ පූජ්‍ය නිට්ටඹුවේ ධම්මසිරි නායක හිමිපාණන් වහන්සේගේ ...

2013-05-19 17:19:00
පෙරහැර අතරතුර අනතුරක්, 6 දෙනෙකු රෝහලට

කඳාන ප්‍රදේශයේ ශ‍්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ පැවති වාර්ෂික පෙරහැර වීදී සංචාරය කරමින් තිබියදී එහි ගමන් කළ ...

2013-05-19 15:04:00
2013 දී විදුලියත්, 2016 පානීය ජලයත් සෑම නිවසකට ම තිබිය යුතුයි

2013 වර්ෂයේ විදුලිය මෙන් ම 2016 වන විට සෑම නිවසකට ම පානීය ජලයත් තිබිය යුතු බව මෙම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වී තිබෙන බව ...

2013-05-19 13:55:00
අද දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල අද (19) තැනින් තැන වැසි ...

2013-05-19 12:03:00
අතුරුදන් වූ නාවික හමුදා නිලධාරියාගේ මළසිරුර සොයාගැනේ

විජයග්‍රහණයේ සිව්වැනි සැමරුම් උළෙලේදී අනතුරට පත් නාවික හමුදාවට අයත් කුඩා ප්‍රමාණයේ යාත්‍රාවේ ...

2013-05-19 10:41:00
දියේ ගිලී එක් අයෙකු අතුරුදහන් තවත් අයෙකු ජීවිතක්ෂයට

අරලගංවිල කන්දකාඩුව ප්‍රදේශයේදී මහවැලි ගඟේ දිය නෑමට ගිය කටුගස්තොට ප්‍රදේශයේ සිට පැමිණි පිරිසකගෙන් වයස ...

2013-05-19 10:34:00
අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

අද (19) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ...

2013-05-19 09:41:00
අවුරුදු 15 ක දැරියක් කපා කොටා ඝාතනය කරයි

පොළොන්නරුව මහසෙන්පුර, අක්කර 500 ප්‍රදේශයේදී වයස අවුරුදු 15 ක දැරියක් ඝාතනය කර තිබේ.මාදුකා හංසනී නමැති මෙම දැරියව ...

2013-05-19 09:08:00
ආණ්ඩුවේ ඡන්ද සටනේ නායක පුටුව බැසිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි මැතිවරණ මෙහෙයුම් කටයුතුවල නායකත්වය බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයාට ලබාදීමට එම ...

2013-05-19 06:00:00
වසරේ මුල් කාර්තුවේ අපනයන ආදායම 10.7%කින් පහළට

මේ වසරේ මුල් කාර්තුවේ මෙරට අපනයන ආදායම 10.7%කින් පහත වැටී ඇති බව මහ බැංකුවේ නවතම වාර්තා අනාවරණය කරයි.
මේ යටතේ ...

2013-05-19 03:00:00
රණවිරු මවුපියන්ට රණවිරු සේවා අධිකාරියෙන් පොල්ලක්

රණවිරු සේවා අධිකාරිය මඟින් යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ මවුපියන් දඹදිව යැවීමේ ව්‍යාපෘතිය අරඹා දැනට වසර 6ක් ...

2013-05-19 01:00:00
අලි වෙදකම ලියාපදිංචි කිරීමේ තීරණයක්

අලි ඇතුන් සඳහා වන වෙදකම ලියාපදිංචි කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. අලි ඇතුන් සඳහා වන වෙදකමට ...

2013-05-18 23:00:00
ඉන්ධන මිලත් ඉහළ යන ලකුණු

ඉන්ධන මිල නැවත වරක් ඉහළ දැමීමට ආණ්ඩුව සූදානම් වේ. ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමය අවධාරණය කරන්නේ සපුගස්කන්ද ...

2013-05-18 21:05:00
 
Stay Connected with www.mawbima.lk
Become a Fan of
Ceylon Today
Subscribe to RSS
Feed
Join our Google
Circle
Get ceylontoday.lk Twitter
Updates
Watch Ceylon Today on
Youtube
Home | මව්බිම අද | මව්බිම Features | මව්බිම FT | හද ගැස්ම | මව්බිම ඉරිදා | E Paper | Archives | මව්බිම ගම | ක්‍රිඩා | වීඩියෝ
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'mawbima.lk'
Copyright © 2012 Mawbima Online. All rights Reserved.
Web Design Sri Lanka