Date: Thursday, 20 June 2013 Register Login Report News
  Search    

මව්බිම Main

ටීචර්ලගෙ අසභය පින්තූර හදලා Facebook දැම්මේ පාසල් ආදරයට අකුල් හෙළපු පළියගන්නයි

පොල්ගස්ඕවිට, වෑතර ප්‍රදේශයේ ජීවත් වූ ඔහු තවමත් අවුරුදු 18 නොඉක්ම වූ යෞවනයෙකි. ආවේගශීලීත්වය ආක්‍රමණශීලීත්වය නිසාම ඔහු නොයෙක් වර තම පාසලේ ගුරුවර ගුරුවරියන්ගේ ද කතාබහට ලක් වූවේය. නමුත් ඔවුන්ගේ කතාබහට තේමා වූයේ ඔහුගේ යහපත් ගතිගුණවලට වඩා දඩබ්බරකම් පිළිබඳවය.
කුඩා අවධියේ සිටම සිය පියාගේ ආදරය, සෙනෙහස අහිමි වීමත්, මවගේ විදේශගතවීමත් නිසා ඔහුට දුක සැප බෙදා හදා ගන්නට සිටියේ ඔහුගේ වයෝවෘද්ධ මිත්තණිය සහ මාමාවරුන් පමණි. එහෙත් දිනෙන් දින කරදඬු උස්මහත් වන ඔහුගේ දඩබ්බරකම් මෙල්ල කිරීමට නම් ඔවුනට හැකිවූවේ නැත.

 

“ඕකට කියනවට වඩා හොඳයි කට බිම උලා ගන්න එක”යි සිතූ ඔහුගේ ඥාති මිත්‍රාදීහු ඔහුට රිස්සක් කරගන්නට ඉඩදී බලාගෙන සිටියහ. අපි ඔහුව සමන් ලෙසින් හඳුන්වමු. මෙතැන් පටන් දිග හැරෙන්නේ ඔහුගේ කතාවයි.
මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළට පෙනී සිටි සමන් එයින් ප්‍රමාණවත් ප්‍රතිඵල ලබා නොගත් නිසා දෙවන වරට විභාගයට පෙනී සිටීමට උපකාරක පන්තිවලට සහභාගි විය. අමතර පන්ති යන අතර තුරදී නිතරම හමුවූ තම පාසලේ ඉගෙනුම ලබන රූමත් ශිෂ්‍යාවක් හා ඔහු පෙමින් බැඳුණේය.
එහෙත් ඒ කුලුඳුල් ප්‍රේමයට වැඩි ආයුෂ තිබුණේ නැත. ටික දිනකින්ම පාසලේ ගුරුවරුන්ට දෙදෙනාගේ ප්‍රේම වෘත්තාන්තය පිළිබඳ ඉව වැටිණි. සමන්ව පාසලට ගෙන්වූ ගුරුවරියන් ඔහුට අවවාද කළේ අනවශ්‍ය සබඳතා නතර කර දමා අධ්‍යාපන වැඩ කටයුතුවලට උනන්දු වන ලෙසයි.

 

ඉදිරියට තැබූ පියවර නැවත ආපස්සට ගන්නට සමන් කිසිදු අයුරකින් සූදානම් වූයේ නැත. ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා කනකටවත් නොගත් ඔහු පාසල තුළදීම ප්‍රසිද්ධියේ තම පෙම්වතිය ඇසුරු කිරීමට පටන් ගත්තේය. අඳුරු අහුමුලුවලට වී පෙම්බස් ‍ෙදාඩන ඔවුන් දෙපළ පිළිබඳ පාසලේ විදුහල්පතිගේද අවධානය යොමු වූවේය.
පාසලේ ඉගෙනුම ලබන අනෙක් දරුවන්ට වැරැදි පූර්වාදර්ශ සපයමින් පාසලේ විනය කඩකරමින් අශෝභන ලෙස හැසිරෙන යොවුන් පෙම්වතුන් යුවළට අවවාද කිරීමට සිතූ විදුහල්පතිවරයා ඔවුන් දෙදෙනාට එරෙහිව විනය කමිටුවද කැඳවා විනය පරීක්ෂණයක්ද පැවැත්වූවේය.

 

අවසානයේ සමන්වත්, ඔහුගේ පෙම්වතියත් තම කාර්යාලයට ගෙන් වූ විදුහල්පතිවරයා මෙසේ කියමින් දෙදෙනාට තරයේ අවවාද කළේය.
“ඔය දෙන්නම තවම පොඩි ළමයි, මොනවද මේ කරන නොගැළපෙන වැඩ, අනිත් එක ප්‍රසිද්ධියේ. ඔයාල ඉස්කෝලෙ ඉන්න නංගිලා, මල්ලිලාටත් වැරැදි ආදර්ශයක් දෙන්නෙ. ඔයාලට ඉගෙනීම එපා වෙලා නම් ගෙවල්වලට කියලා කසාද බඳින්න. මං මේ ගෑනු ළමයගේ දෙමාපියන්ටත් මේ ගැන දැනුම් දෙනවා.”
සමන්ගේ පෙම්වතිය දෑසේ කඳුළු පොකුරක් පුරවාගෙන පන්ති කාමරය වෙත දිව ගියාය. කාර්යාලයෙන් එළියට බැසගත් සමන්ට මුණ ගැසුණේ ගුරුවරියන් සිවු දෙනෙකි.
“හරි අපූරුයි හැදෙන හැටි, දෙමාපියන්ටත් ලැජ්ජා කරනවා. ඔයා ආයෙ ඉස්කෝලේ පැත්ත පළාතෙ එන්න ඕන නෑ. ඔයා දැන් පාසල් ශිෂ්‍යයෙක් නෙමෙයිනේ. දැන් මෙතන තවත් රස්තියාදු නොවී කරුණාකරල යන්න”

 

ගුරුවරියන්ගේ වාග් ප්‍රහාර ඔහුට වහ කදුරු මෙන් විය. ජනේල අස්සෙන් ඔළුගෙඩි එළියට දමාගෙන විරිත්තමින් බලා සිටි පාසල් ශිෂ්‍යයන්ගේ සමච්චල්සහගත මුහුණු දුටු සමන්ට ඇති වූයේ දැඩි ලැජ්ජාවකි. වහාම පාසල් භූමියෙන් එළියට බැසගත් සමන් පාසල ඇරෙන තෙක් සැඟවී සිටියේ තම පෙම්වතිය පැමිණෙන තුරුය.
එහෙත් ඇය ඔහු වෙත පැමිණියේ නැත. ඇය වෙනුවට පැමිණියේ ඇගේ යෙහෙළියකි.

 

“සමන් අයියේ එයා ආයෙ ඔයාව බලන්න එන්නෙ නෑ කිව්වා, ගෙදර අය දැන ගන්න නිසා එයා මේ සම්බන්ධෙ නතර කරනවා කිව්වා”
ඔහුට දැනුණේ ඔහුගේ සමනල් සිහින සියල්ල තම පය පාමුල විසිරී යන ආකාරයකි. හවස් වන තෙක් රස්තියාදු ගැසූ සමන් රාත්‍රි ජාමයේ නිවෙසට සේන්දු වූවේය. රාත්‍රි කෑම වේල මේසය මත තැබූ අත්තම්මා කන්න කියා ඇවිටිලි කරද්දී සමන් අත්තම්මාටද සැර දමමින් කාමරය වෙත ගියේය.
“මුන් නිසානෙ මට සේරම දේවල් වුණේ, මට ලැජ්ජා කළා මදිවට මගේ ආදරෙත් මට නැති කළා. මං හොඳ පාඩමක් උගන්නන්නම් කෝ”යි සිතූ සමන් යහනෙන් නැඟිට සිය පරිගණකය වෙත ගියේය. වහාම පරිගණකය ක්‍රියාත්මක  කළ සමන් එහි තිබූ ෆෝල්ඩර් පිරික්සන්නට පටන් ගත්තේය.

 

එහි තිබූ ඡායාරූප එක පෙළට පරිගණක තිරය මත දිස්වෙන්නට විය. එක විටම ඔහුගේ ඇස නතර වූයේ ගිය වසරේ කලා උළෙලේදී ලබා ගත් ඡයාරූපයක් අසලයි. එහි සිටියේ විදුහල්පතිවරයා සහ තමාව අපහසුතාවට ලක්කළ ගුරුවරියන් සිවු දෙනා පමණි. “මේ තියෙන්නේ මට ඕන දේ” සිතූ ඔහු පරිගණකයේ සියුම් තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් එය ව්‍යාජ ලෙස සකස් කරන්නට පටන් ගත්තේය.
ක්‍ෂණියකින් කලා උළෙල නාන තටාකයක් බවට පත් වූවේය. විදුහල්පතිවරයා උඩුකය නග්නව නාන තටාකයේ ගිලී සිටි අතර තරුණ ගුරුවරියන් සිවු දෙනා නාන ඇඳුම් ඇඳගෙන සරාගී ලීලාවෙන් විදුහල්පතිවරයාට සමීපව සිටියහ. අවසාන ප්‍රතිඵලය දෙස ජයග්‍රාහී ලීලාවෙන් බලා සිටි සමන් “දැන් දෙන්නම්” කියමින් තම ෆේස් බුක් ගිණුම විවෘත කර ගත්තේය. තමා ව්‍යාජව නිර්මාණය කරගත් ඡායාරූපය ෆේස් බුක් ප්‍රොෆයිලය වෙතට ගත් සමන් තමාගේ, ගිණුමෙහි සිටින සියලු මිතුරන්ගේ ෆේෂ් බුක් ගිණුම්වලට එම ඡායාරූපය යවන්නට පටන් ගත්තේ ක්‍රීඩාවක් කරනවා මෙනි.

 

ඔහු එම ඡායාරූපය සිය මිතුරන් වෙත යැවුවේ “මෙන්න ඇත්ත” ලෙසින් සිරස්තලයක්ද යොදමිනි. එම ඡායාරූපයට ලැබෙන අසභ්‍ය ප්‍රතිචාර වදන් දෙස බලමින් සමන් වින්දේ දැඩි සතුටකි.
සිද්ධියෙන් දින කීපයක් ගෙවී යන්නට විය. මේ අතර දිනක් සමන් ව්‍යාජව සැකසූ ඡායාරූපයේ සිටි එක් තරුණ ගුරුවරියකගේ ජංගම දුරකතනයට මිතුරෙකුගෙන් ඇමැතුමක් ලැබිණි. “මොනවද අර දාල තියෙන ජරා ෆොටෝ” බිකිනි ඇඳගෙන නාන තටාකවල බැහැගෙන, ඔයා ගුරුවරියක් නේද? කරුණාකරල මිනිස්සු හිනස්සන්නෙ නැතිව එෆ්. බී. එකෙන් ඒක අයින් කරන්න. මිතුරාගේ වදන් ඇයට අදහාගන්නට හැකි වූයේ නැත. වහාම තම ෆේස් බුක් ගිණුම විවෘත කර ඇය තම ඡායාරූපය දැක හිසෙහි දෑත් ගසා ගත්තාය. පාසල වෙත කඩිමුඩියේ දිව ගිය ඇය සෙසු මිතුරු ගුරුවරියන්ටත් විස්තරය පවසා විදුහල්පතිවරයා මුණගැසීමට ගියාය.
ඡායාරූපය දුටු විදුහල්පතිවරයාගේ තොල කට සිඳී ගියේය.

 

අපි මේ ගැන පොලිසියට පැමිණිලි කරමු. ඔවුහු පස් දෙනාම කහතුඩුව පොලිසිය වෙත ගියහ.
“මහත්තයෝ මේක කවුරුහරි ඔයාලගෙන් පළිගන්න හිතාගෙන, තරහට කරපු දෙයක් කියලයි මට හිතෙන්නේ, කවුරු හරි සැකයිද?”
පස් දෙනාටම එක විටෙම සිහි වූවේ පසුගිය දිනෙක අවවාද කර පාසලෙන් පිටත් කළ සමන්වය. සමන් පිළිබඳ පොලිසියට පැවැසූ විදුහල්පතිවරයා සමන්ගේ දඩබ්බරකම් පිළිබඳවද පැවැසුවේය. වහාම ක්‍රියාත්මක වූ කහතුඩුව පොලිසිය සමන්ව සොයාගෙන ඔහුගේ නිවෙසට ගියේය.

 

පොලිසිය එහි යනවිටත් සමන් සිටියේ සිය පරිගණකය හරහා අන්තර්ජාලයේ සැරිසරමිනි. පොලිසිය දුටු සමන් බියට පත්වී කතා කරගන්නට පවා නොහැකි වූවේය. සමන්ගේ ඉරියව් දුටු පොලිසිය සමන්ගේ පරිගණකය පරීක්ෂා කරන්නට පටන් ගත්තේය. එහි තිබූ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ ව්‍යාජව සැකසූ පාසලේ විදුහල්පති හා ගුරුවරියන් නාන තටාකයේ සිටි ඡායරූපයත්, ජීවමානව සිටි විදුහල්පතිවරයාට ගසා තිබූ මරණ දැන්වීමක් ද සොයා ගන්නට පොලිසිය සමත් විය.
තමන් කළ සියල්ල පාපෝච්චාරණය කරනවා හැරෙන්නට සමන්ට කරන්නට දෙයක් තිබුණේ නැත.
“මං මේක කළේ තරහට. මං මේ ෆොටෝ එක ෂෙයාර් කළේ යාළුවන්ට විතරයි. මේක මේ තරම් දුර යයි කියලා මං හිතුවේ නෑ. අනිත් එක නීතියෙන් දඬුවම් ලැබෙන වරදක් කියලා මං දන්නෙත් නැහැ.”
දැන හෝ නොදැන සමන් කර තිබුණේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් පොලිසියට සමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවිය. වැඩිදුර පරීක්ෂණ කරගෙන යෑම අපරාධ විමර්ශන ඒකකය සඳහා භාර වූවේය.
මවුපියන්ගේ සෙනෙහස රැකවරණය අහිමි වූ සමන් තම දිවියේ හුදෙකලා බව නැතිකර ගත්තේ අන්තර්ජාලය හා එක් වෙමිනි. එහෙත් එහි ඇති අයහපත් පාර්ශ්වය පිළිබඳ ඔහු දැනුම්වත් වී සිටියේ නැත. එනිසා සමන්ට සිදුවූයේ අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි අයථා ලෙස පරිහරණය කරන්නට යෑමෙන් නීතිය ඉදිරියේ වරදකරුවකු වීමටය.

අරුණි මල්ලවආරච්චි
ප්‍රේමලාල් විජේරත්න

2012-11-04 02:00:00 Hits: (243) Comments (0)
SocialTwist Tell-a-Friend

Add Comments

Your comment will be visible after approval
Name (Required)
E mail (Required, but will not be published)
Please read the above number carefully and enter the same in the input box below.
 

LATEST NEWS

හෝමාගම උසාවියෙන් අරුන්දිකට නොතීසි

 

අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් ලබන ජූලි මස 16 වැනිදා හෝමාගම මහෙස්ත්‍රාත් ...

2013-06-20 01:00:00
දරුවන්ට කිරි දෙන මවුවරුන්ගෙන් 19.6%කට ලේ අඩුයි

ශ්‍රී ලංකාවේ කිරි දෙන මවුවරුන්ගෙන් සියයට 19.6ක් නිරක්තියෙන් (ලේ අඩුකමින්) පෙළෙන බව සෞඛ්‍ය සමීක්‍ෂණවලින් ...

2013-06-19 23:00:00
මහියංගණ සන්ධාන මන්ත්‍රි හාමුදුරුවෝ මන්ත්‍රිකමත්-දේශපාලනයත් අත්හරිති

මහියංගණය ප්‍රදේශයේ නොවිසඳුණු ජනතා ගැටලු හයක් මුල්කරගෙන පසුගිය 17 වැනිදා රාත්‍රි 7.00 සිට මහියංගණ නගරයේ ...

2013-06-19 21:16:00
පාසල් බසය පෙරලි දෙදෙනෙක් මරුට

UPDATED  අනතුරෙන් මිය ගිය ගණන 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිය ගිය තිදෙනාම වැඩිහිටියන් වන ...

2013-06-19 17:08:00
අංශාධිපතිනියට පිහි පහර දුන් සිසුවා අත් අඩංගුවට

නාවල විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යන අංශයේ අංශාධිපතිනියට පිහියකින් පහරදී තුවාල සිදු කල සිසුවා මිරිහාන ...

2013-06-19 14:33:00
කැපුම් කෙටුම් සතිතව කාන්තා කථිකාචාරවරියක් රෝහල් ගත කෙරේ

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කාන්තා කථිකාචාරවරියක් දරුණු කැපුම් තුවාල සහිතව ...

2013-06-19 13:19:00
දුමින්ද සිල්වා පාර්ලිමේන්තුව වෙත?

පාර්ලිමේන්තු දුමින්ද සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙතට පැමිණියේය. ඔහු භාරත ලක්ෂ්මන් ...

2013-06-19 12:31:00
මැණික් හොරු අත් අඩංගුවට

බේරුවල පොලිසියට ලැබුණු තොරතුරක් මත මැණික් හා ස්වර්ණාභරණ සොරකමක් පිළිබඳව විමර්ශන කිරීමේදී ඊයේ සැකකර්ටුවන් 7 ...

2013-06-19 12:03:00
පළාත් සභා ඡන්ද ඉවරවෙන තුරු රට සංචාර නෑ

ඉදිරියේදී පැවැත්වීමය නියමිත පළාත් සභා ඡන්ද හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ගේ සහ ...

2013-06-19 11:29:00
නඩු භාණ්ඩ අධිකරණයේදීම සොරා ගෙන

කැකිරාව අධිකරණය භූමිය තුල තබා ඇති නඩු වලට අයත් වාහන අමතර කොටස් සොරා ගන්නා ලද පුද්ගලයෙකු කැකිරාව පොලිසිය මගින් ...

2013-06-19 10:52:00
අහාර ද්‍රව්‍ය සමග කෘෂි රසායනික පලිබෝදනාශක එකට පැටවූ ලොරියක් අල්ලයි

ඊයේ දිනයේ නොච්චියාගම නගරයේදී අහාර ද්‍රව්‍ය සමග කෘෂි රසායනික ද්‍රව්‍ය එකට හසුරා ප්‍රවාහනය කරන බවට ලද ...

2013-06-19 09:30:00
පොලිස් නිලධාරියාට පහරදුන් ඇඹිලිපිටිය ප්‍රා. සභාපති ඇප මත මුදා හරී

පොලිස් නිලධාරියකුට පහරදීම සම්බන්ධව රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. ...

2013-06-19 09:00:00
ප්‍රදේශ කිහිපයක විටින් විට වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලද පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවලද විටින් විට වැසි ...

2013-06-19 07:27:00
 
Stay Connected with www.mawbima.lk
Become a Fan of
Ceylon Today
Subscribe to RSS
Feed
Join our Google
Circle
Get ceylontoday.lk Twitter
Updates
Watch Ceylon Today on
Youtube
Home | මව්බිම අද | මව්බිම Features | මව්බිම FT | හද ගැස්ම | මව්බිම ඉරිදා | E Paper | Archives | මව්බිම ගම | ක්‍රිඩා | වීඩියෝ
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'mawbima.lk'
Copyright © 2012 Mawbima Online. All rights Reserved.
Web Design Sri Lanka