Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis all you acheter viagra pas cher need to know acheter levitra generique about impotence acheter cialis pas cher here acheter priligybest

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


ඔබටත් රාජයෝග තිබේද?

ජේ‍යාතිෂය පිළිබඳ ලියවී තිබෙන පොත්පත්වල රාජයෝග පිළිබඳ වෙනම පරිච්ඡේදයක් වෙන් කිරීම වර්තමානයේදී දකින්නට නැත. රජකු පහළ වන්නේ කලාතුරකිනි. එවැනි රජවරුන් පහළ වන්නේද රජකමට සුදුසු පවුලක උපත ලැබීමෙනි. එහෙත් වර්තමාන දේශපාලන ක්‍රමවේදය උඩ මැතිවරු, ජනාධිපතිවරු පහළ වීමට රජ පවුලක උපත ලැබීම අවශ්‍යම සාධකයක් නොවේ. මේ හේතුව නිසා රාජයෝග පිළිබඳ සාකච්ඡා කිරීමට සුදුසු කාලය එළැඹ ඇත. දෙවැනි පෙළ එක් නායකකු තමන්ටත් රාජ යෝග තිබෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම මෙවැනි මාතෘකාවක් පිළිබඳව සිත් යොමුකිරීමට එක් හේතුවක් විය.

Mawbima, 2012-12-23 02:00:00
Read 781 Times

ජේ‍යාතිෂය පිළිබඳ ලියවී තිබෙන පොත්පත්වල රාජයෝග පිළිබඳ වෙනම පරිච්ඡේදයක් වෙන් කිරීම වර්තමානයේදී දකින්නට නැත. රජකු පහළ වන්නේ කලාතුරකිනි. එවැනි රජවරුන් පහළ වන්නේද රජකමට සුදුසු පවුලක උපත ලැබීමෙනි. එහෙත් වර්තමාන දේශපාලන ක්‍රමවේදය උඩ මැතිවරු, ජනාධිපතිවරු පහළ වීමට රජ පවුලක උපත ලැබීම අවශ්‍යම සාධකයක් නොවේ. මේ හේතුව නිසා රාජයෝග පිළිබඳ සාකච්ඡා කිරීමට සුදුසු කාලය එළැඹ ඇත. දෙවැනි පෙළ එක් නායකකු තමන්ටත් රාජ යෝග තිබෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම මෙවැනි මාතෘකාවක් පිළිබඳව සිත් යොමුකිරීමට එක් හේතුවක් විය.

ඉන්දියාවේ ජේ‍යාතිෂය පිළිබඳ ලියැවුණු පැරැණි පොත්වල රාජයෝග පිළිබඳව සාකච්ඡා කිරීම වැඩි වශයෙන් සිදු වී ඇත. ප්‍රාන්ත රාශියක් තිබුණු රටක එම ප්‍රාන්තවල නායකයන්ට "රජු" යැයි ආමන්ත්‍රණය කළ අතර මුළු රටෙහිම නායකත්වය "මහරජු" ලෙස නම් කර තිබිණි. කවදා හෝ දිනක රජකම තමන්ට ලැබේවා යැයි විශ්වාස කරන අය තමාගේ තනතුරුවලින් ඉවත් නොවී එවැනි රාජ යෝග තමන්ටත් තිබෙනවා යැයි දැඩි විශ්වාසයෙන් සිටියි.

ග්‍රහයන් නව දෙනකු දැනට අප භාවිත කරන අතර ඉන් සිව් දෙනකු බලවත් භාවයක බලවත් රාශියක පිහිටීම සිටුවරයෙක් වීමට සුදුසු කමක් ලෙසද ග්‍රහයන් 5 දෙනකු බලවත්වීම රජුගේ මහ ඇමැති වීමට තිබෙන සුදුසුකම ලෙසද ග්‍රහයන් 6 දෙනකු හෝ ඊට වැඩි ගණනක් බලවත්වීම රජකමට සුදුසුකමක් ලෙසද පැරැණි පොත්වල හඳුන්වා දී ඇත. ලග්නාධිපතිත්, නවය අධිපතිත් පුර සඳුත් බලවත්ව සිට රාහු 11 වැන්නේ බලවත්වීම රාජයෝගයක් ලෙස හඳුන්වයි. මේ පිළිබඳ වැඩිම විස්තර ඇත්තේ ශ්‍රී ජීවනාථ දෛවඥයන් විසින් රචිත "භාව කුතුහලය" නම් අනගි ජේ‍යාතිෂ පොතෙහිය. එහි සඳහන් කේන්ද්‍ර සටහනක් ඉදිරිපත් කරමි.

මෙම කේන්දරයේදී සඳු ස්වක්‍ෂේත්‍රවද ගුරු උච්චවද පිහිටා ඇත. පංචමහා පුරුෂ යෝගවලින් ප්‍රබලම ග්‍රහ යෝගය වන ගුරු හංස යෝගය සහ ගජකේශරී යෝගයද ඒ අනුව පිහිටා ඇත. ධනය ගැන කියවෙන දෙවැනි භාවයේ එහි අධිපති රවී පිහිටීමෙන් මහා ධනවතකුගේ ලක්‍ෂණ පෙන්වයි. තුන්වන භාවයේ කන්‍යා බුධ උච්චව පිහිටීමෙන් බුද්ධිමත් බව පෙන්වයි. සිව් වැන්නේ සිකුරු ග්‍රහයා ස්වක්‍ෂේත්‍ර වීමෙන් මාලවී යෝගයටද හිමිකම ලබා ඇත. හොඳ කටහඬක් ප්‍රියමනාප පෙනුමක් ආදී බොහෝ වාසනාවන්ත ලක්‍ෂණ එම ග්‍රහ පිහිටීමේ ඇත. 5 වැන්නේ කේතු උච්චව වීමෙන් වාසනාවන්ත දරුඵල ලැබෙන ලක්‍ෂණ තිබෙන අතර 7 වැන්නේ මකර රාශියේ ශනි කුජ දෙදෙනා ස්වක්‍ෂේත්‍ර සහ උච්චව පිහිටා ඇත. එය සස යෝගය සහ රුචක යෝගය යන පංච මහා පුරුෂයෝගවලින් පරිපූර්ණ වීමට හේතුවකි. 11 වැනි භාවයේ රාහු උච්චව පිහිටීම සියලු දෝෂ භංගවීමට හේතුවක් වන අතර එය මහා වාසනාවන්ත පිහිටීමකි. මෙම කේන්දරය හිමි අයකු සිටී නම් නියත වශයෙන්ම රජකු බවට පත්වනවා ඇත.

යම්කිසි කේන්දරයක 5 වැන්න,

9 වැන්න 11 වැන්න අධිපති තිදෙනා එම භාවවලින් එකක පිහිටීමද ප්‍රබල රාජයෝගයකි. දෙවැන්න,

5 වැන්න, 9 වැන්න, 10 වැන්න,

11 වැන්න අධිපතින් එම ස්ථානවලම පිහිටීම හෝ පරිවර්තන යෝග සහිතව පිහිටීම විපරීත රාජයෝගයක් ලෙස හඳුන්වයි. එක, හතර, හත, දහය යන කේන්ද්‍ර ස්ථාන අධිපතීන් වීමද රාජ්‍ය පාලකයකු වීමට ඇති විශේෂ සුදුසුකමකි.

මේ සියල්ලටම අමතරව පුර සඳුගෙන් 6,7,8 යන ස්ථානවල බුධ, ගුරු, සිකුරු පමණක් පිහිටීම චන්ද්‍ර අධි යෝගයයි. එය ප්‍රබල රාජ යෝගයකි. මෙහිදී යහපත් භාර්යාවක් සිටීම, යහපත් දරුවන් ලැබීමද රාජයෝගවල බලය තව තවත් වර්ධනය වීමට හේතුවකි. යමෙකුගේ කේන්ද්‍රයේ ලග්නය මකර වී සඳු සහ රවී කටක රාශියේ 7 වැන්නේ පිහිටා අඟහරු 11 වැන්නේත් සිකුරු 8 වැන්නේත් පිහිටීම රාජයෝගයකි. මෙම රාජයෝග පිළිබඳ භාව කුතුහලයේ විස්තර කරන්නේ රජ පවුලක උපන්නොත් රජකුවන බවත් සාමාන්‍ය පවුලක නම් ධනවතකු වන ලක්‍ෂණයක් ලෙසය. ලග්නය, දෙවැන්න, හත්වැන්න සහ 12 වැන්නහි සියලුම ග්‍රහයන් පිහිටීම ශ්‍රී චෂ්ත්‍ර යෝගය ලෙස හඳුන්වයි. එයද රාජයෝගයකි.

මෙම රාජයෝග ලක්‍ෂණ පිළිබඳ දක්වා ඇති දීර්ඝ විස්තරයෙහි එවැනි අයගේ හස්තයෙහි රාජ ලකුණු පිහිටිය යුතු බව පැරැණි පොතපතෙහි සඳහන් වේ. අතක වර්ණය රෝස පැහැති වීමද ඇත් රූපයක් හා සමාන ලක්‍ෂණ පිහිටීමද දකුණු අත මැද මත්ස්‍යයකුගේ රූපයක් පිහිටීමද ශීර්ෂ රේඛාව සහ හෘදය රේඛාව වෙනුවට වානර රේඛාව නමින් වූ එක් රේඛාවක් පිහිටීමද රාජ යෝග පිහිටි අයට තිබෙන ලක්‍ෂණයකි. එයට අමතරව භාව කුතුහලයෙහි මෙවැනි කියමන් ද ඇත.

"යම් පුරුෂයකුගේ නළල පුළුල්වත් ඇස් පියුම් පත් වැනිවත් හිස මනාසේ වටවත් දෙඅත දණහිස පමණ තෙක් දිගවත් පිහිටියහොත් ශේ්‍රෂ්ඨ රජ කෙනෙක් වන බවත් කිව යුතුය. "යමකුගේ නාභිය වළක් සේ ගැඹුරු වේද නාසය ස්වර්ණයෙන් කරවන ලද්දක් සේ ඇද නැත්තේ වේද ළය රත්න පොරුවක් සේ බබළන්නේද පාද යුග්මය මඳක් රත් පැහැව අතිශයින් මොළොක්වේද හෙතෙම රජකු වේ යැයි කිව යුතුව ඇත. මෙම ලක්‍ෂණ නොමැතිව කුදු ගැසීම, වකුටුව, වර්ණවත් ඇස් නොමැති යහපත් පෙනුමක් නැති අයට රජෙකු විය නොහැකිය.

දේශබන්දු සෙනරත් ලියනආරච්චි

0773113580

ඡන්ද ව්‍යාපාරය අතරතුරේ මනාප ලබා ගැනීමට අපේක්ෂකයන් විවිධ උපක්‍රම භාවිතා කරන අතර එවැනි අලුත්ම ක්‍රමයක් අත්හදා බලන්න
ඇමති සී.බී. රත්නායකට අයත් බව සැලකෙන තෙමහල් නිවසක් ගින්නකින් විනාශ වී ඇති බව වාර්තා වේ.
අද උදෑසන කොටහේන ප්‍රදේශයේ කැන්වසින් යමින් සිටි පිරිසකට  සිදු වූ වෙඩි තැබුමකින් අයෙක් මියගොස් 12 ට බරපල ලෙස තුවාල
පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ තිබියදී පසුගිය බදාදා සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු
ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්තික් අපේක්ෂක කේ.ඩී. ලාල් කාන්ත  මහතා මේ දින වල උග්‍ර ලෙස වමනය යාමකට ගොදුරු වෙලා සිටින
රාජ්‍ය ආයතන මඟින් දිවයින පුරා ස්ථිර නීති විරෝධි මැතිවරණ පුවරු 4500 ක් පමණ සවි කර ඇති බව කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ
ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායක ජාතික රූපවාහිනියෙන් අද උදෑසන ඉල්ලා අස්වී ඇත.
නියෝජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර අද දිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියේය.
ප්‍රවීණ චිත්‍ර කතා හා කාටූන් ශිල්පි දයා රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද සවස 5.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැදවීමට එරෙහිව කොළඹ දිස්ත්‍රික් උසාවිය අද (29 ) සිය වාරණ නියෝගය අගෝස්තු
පිටකොටුව බැස්ටියන් මාවතේ අනුරාධපුර බස් නැවතුම් පල අසල ගමන් මල්ලක දමා තිබු පුද්ගලයා මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන
පිටකොටුව කුමාර වීදිය ප්‍රදේශයේ විසිතුරු භාණ්ඩ වෙළදසැලක හට ගත ගින්නක් හේතුවෙන් එම වෙළද සැලට අයත් කඩ කාමර හයක් දැවී

International

තායිවාන් ගුවන්සේවයක් වන ට්‍රාන්ස්ඒෂියා ගුවන්යානයක් සිදුකල හදිස්සි ගොඩබැස්වීමක් නිසා ඇති වුන අනතුරින් මේ වන විට නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
චීනයේ ගුවන් සමාගමක් වන එයාර් චයිනා නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ චෙන්ග්ඩු සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් එළඹෙන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.