Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


පිරිසුදුවට ලස්සනට ඉන්න කැමැති ආදරණීය පුද්ගලයෙක්

දෛව අංක ලිපි පෙළ ආරම්භ කළ මුල් අවස්ථාවේදී පටන්ම දෛව අංකය සොයා ගන්නා ආකාරය පිළිබඳ ක්‍රම හතරකින් ඔබව දැනුම්වත් කර ඇත. අලුතින් අප හා එක්වන පාඨක හිතවතුන්ගේ දැන ගැනීම සඳහා අප අවසානයට ඉදිරිපත් කරන ලද දෛව අංකය සොයාගන්නා ආකාරය පමණක් මෙලෙසින් දක්වමු.

Mawbima, 2013-03-14 02:00:00

පිරිසුදුවට ලස්සනට ඉන්න කැමැති ආදරණීය පුද්ගලයෙක්

දෛව අංක ලිපි පෙළ ආරම්භ කළ මුල් අවස්ථාවේදී පටන්ම දෛව අංකය සොයා ගන්නා ආකාරය පිළිබඳ ක්‍රම හතරකින් ඔබව දැනුම්වත් කර ඇත. අලුතින් අප හා එක්වන පාඨක හිතවතුන්ගේ දැන ගැනීම සඳහා අප අවසානයට ඉදිරිපත් කරන ලද දෛව අංකය සොයාගන්නා ආකාරය පමණක් මෙලෙසින් දක්වමු.

ඔබේ දෛව අංකය මෙලෙසින් සොයාගන්න. මෙය අනෙක් ක්‍රම තුනටම වඩා සාර්ථක ක්‍රමය බව මගේ හැඟීමයි. 1942 අප්‍රේල් මස 29 වැනි දිනෙක උපත ලද අයකුගේ දෛව අංකය සොයා ගන්නේ මෙලෙසිනි.


පහළට එකතු කිරීමේදී ලැබුණු උත්තරය වූයේ 1975 ය. එම අංක සියල්ල මෙලෙසින් 1+9+7+5 හරහට එකතු කරන්න එවිට ඔබට ලැබෙන පිළිතුර වන්නේ අංක 22ය. එම අංක දෙක නැවැත (2+2 = 4) මෙලෙස එකතු නොකළ යුතුය. මෙම ක්‍රම වේදයට අනුව අංක 11 එකතුව ලෙස ලැබුණු විටදී ද (1+1 = 2) මෙලෙස නැවැත එකතු නොකරන්න. එය 11 ලෙසින්ම තබා ගන්න. එම සුවිශේෂී අංක දෙක සඳහා විශේෂ පලාපලයක් ඇත.


මෙම පුද්ගලයාගේ උපන් දිනයට අයත් අංක මෙලෙසින් එක දිගට හරහට එකතු කර බලන්න. (1+9+4+2+4+2+9 = 31 = 3+1 = 4) එවිට එකතුව වූයේ 4ය. පෙර දක්වන ලද පහළට එකතු කරන ක්‍රමය හා සන්සන්දනය කරන විටදී මෙම ක්‍රම දෙක අතර විශාල වෙනසක් ඇති බව දැන් ඔබට පැහැදිලි වනු ඇත. මේ අනුව ඔබට නිවැරැදි ක්‍රමය ලෙස පහළට එකතු කරන ක්‍රමවේදය යොදාගත හැක. ඒ අනුව ඔබේ දෛව අංකය නිවැරැදිව හදා ගන්න.


අංක 6 පලාපල (සිකුරු දරුවන්)
මෙම දෛව අංක 6 අයත් වන්නේ ග්‍රහ ලොව සුකුමාලිය වන සිකුරු ග්‍රහයාටය. ඔබට අනුන්ගේ සිත් පහසුවෙන් දිනාගත හැකිය. පියකරු වත මඬලකට උපතින්ම උරුම හිමිකම් ඇති ඔබ ආකර්ෂණීය බවකින් යුත් අයෙකි.


වගකීම් දැරීමේ ශක්තිය නිබඳවම ඔබ තුළ ඇත. එය සමහරවිට ඔබේ පිය පාර්ශ්වයෙන් ලද දායාදයක්ද විය හැකිය. අන්‍යයන් හොඳින් රැක බලා ගැනීමටත්, අන් අයගේ දුක්-කරදර බාර ගැනීමටත් ඔබ හපනෙකි. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න බවට පත් කරගනිමින් සියලු වගකීම් කරට ගෙන කටයුතු කරමින් ඔවුන්ට සහයෝගය දීමට ඔබ මොහොතක්වත් මැළි නොවෙයි. එමඟින් ඔබ මහත් වූ ආත්මීය සතුටක් භුක්ති විඳී.


ඔබ අනුන්ට පිහිට වන්නට පෙරමුණ ගන්නා සේම, යම් ගැටලු සහගත අවස්ථා තම හිතවතුන්ට හෝ ඇසුරු කරන්නන්ට මතුවූ විටදී, ඔවුන්ට සතුටක් දැනෙන අයුරින් ක්‍රියාත්මක වීම ඔබ සතු සුවිශේෂී ගුණය ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම ඔබ එවැනි අවස්ථාවන්හිදී හැසිරෙනුයේ එම පවුලේම සාමාජිකයකු විලාසයෙනි.


ඔබගේ යහපත් ගති ගුණ සමාජය තුළදී මැනැවින් කැපී පෙනෙන අතර ගෞරව බහුමානයටද පාත්‍රවනු ඇත. ඔබ තුළ ඇත්තේ මනා ආත්ම ශක්තියකි. එමෙන්ම පෞරුෂයකි. ඔබ ආරම්භ කරන කිසිම කටයුත්තක් අතර මඟදී නතර කරන්නේ නැත. ඔබ සතු මනා ආත්ම ශක්තියට එය හොඳම සාධකයකි.


ඔබ ප්‍රශ්න විසඳීමට බොහොම දක්‍ෂ වන අතර තමන්ගේ ප්‍රශ්න පසෙක තබා අනුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නේ දැඩි සංවේදී බවකින් යුතුවය. නමුත් ඔබ කට කෑවත් කිවයුතු දේ මුහුණටම පවසයි. එය තරමක දුර්වලකමකි. එම හේතුවෙන් ඔබට නොපෙනෙන සතුරන් ඇතිවනු ඇත. එනමුත් ඔබ ඊට බියක් නැත.
ඔබ ජීවිතයේ යථාර්ථයට මුහුණ දීමට පසුබට නොවන්නෙකි. දයාබර, කරුණාවන්ත, සෙනෙහෙබර මෙන්ම අනුකම්පා සහගත සිතක් ඇති ඔබ හිතවතුන් පිරිවරාගෙන සිටින විටදී අතිශයින් ප්‍රීතිමත් බවකින් කාලය ගත කරනු ඇත. සතුට විනෝදය මැද කාලය ගත කිරීමට ඔබ තුළ ඇත්තේ පුදුමාකාර ආසාවකි.
ධනාත්මක සිතුවිලිවලින් පෝෂණය වූ මධ්‍යස්ථ මනසක් ඔබට උපතින්ම ලැබී තිබෙන අතර එමඟින් යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමට ඔබට මහත් පිටිවහලක් ලැබී ඇත. විනිශ්චයකරුවකු ලෙසින් සාධාරණව තීන්දු දෙන්න ඔබ ඉතා දක්‍ෂයි.


කලාවට අධිපති සිකුරුට අයත් දෛව අංක හයෙන් උත්පත්තිය ලද ඔබට උපතින්ම කලා හැකියාවන් පිහිටනු ඇත. කලා ක්‍ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට ළඟා වූ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් ඔබ මෙන්ම දෛව අංක හයෙන් උපත ලැබූවන් බව අපගේ පර්යේෂණයන්ගෙන් හෙළිවී තිබේ.


දෛව අංක හයෙන් උපන් ඔබගේ ජීවිතයේ ප්‍රධාන ලක්‍ෂණය වනුයේ ආදරණීය බව හා ප්‍රේමණීය බවයි. එමෙන්ම හැඟුම්බර ඔබ, ඉතාම සංවේදීය. සාමකාමී පරිසරයක සේම සුන්දර පරිසරයක ජීවත්වීම ඔබගේ ඒකායන ප්‍රාර්ථනයයි. සොබාදහමට මෙන්ම සොබා සෞන්දර්යටත් ඔබ තුළ ඇත්තේ මහත් කැමැත්තකි. කඳුවැටි, දිය ඇලි, මුහුදු වෙරළ ආදී ස්ථාන ඔබේ සිත්ගත් තැන් වේ.


ඔබ ඇසුරු කිරීමට වඩාත් ප්‍රියවන්නේ ඔබගේ අදහස් උදහස්වලට විරුද්ධ අදහස් පළ නොකරන හිතවතුන් හටය. එවැන්නන් සමඟ කල් ගත කිරීමට ඔබ තුළ ඇත්තේ බලවත් ආසාවකි. ඔවුන් අතරදී ඔබගේ අදහස් හා යෝජනා ඉහළින් පිළිගන්නා බැවින් ඔවුන්ට උසස් අයුරින් සත්කාර කිරීමටද ඔබ පසුබට නොවෙයි. එසේ නොමැති වුවහොත් වැඩි කාලයක් ඔවුන් හා ඇසුර නොපවත්වනු ඇත.


සුන්දරත්වයට මෙන්ම වර්ණාවලියට ද ඔබ දක්වනුයේ ඉමහත් කැමැත්තකි. නිර්මාණකරණයේදී විශේෂ දක්‍ෂතා පෙන්වමින් අන්‍යයන් අබිබවා යෑමට ඔබට උත්පත්ති හැකියාවක් ඇත. දෙවියන්ට හා ආගමට පක්‍ෂපාතී බවකින් යුත් ඔබ තම ආගමික පසුබිම තුළ ජීවත් වීමට වඩාත් ප්‍රිය කරනු ඇත.
කලාත්මක නිර්මාණයන්ට සහජ හැකියාවක් ඇති ඔබ, තම නිවෙස ඉතා අලංකාරව පවත්වාගෙන යෑමට බලවත් වෙහෙසක් දරයි. කුණු ටිකක් හෝ මකුළු දැලක් හෝ ඔබ ජීවත්වන නිවෙසේ දක්නට නොලැබෙන අතර ඇඳුමක් පවා අපිරිසුදු වනවාට ඔබ බිඳක් හෝ කැමැති වන්නේ නැත. ඒ ඔබේ දෛව අංකයේ අධිපතියා වන සිකුරුගේ නෛසර්ගික ගති ගුණය හේතුවෙනි.


ඔබගේ ප්‍රධානතම අරමුණ වනුයේ සුන්දරත්වය හා සාමයයි. ඔබට සාර්ථකත්වය රඳවා ගත හැක්කේ පුද්ගල ඇසුරේදී සමබරතාවකින් යුතුව කටයුතු කිරීමෙන් මෙන්ම වෙහෙස වී කාර්යයන්හි යෙදීමෙනි. ලස්සනට හා පිරිසුදුවට ජීවත්වීම' යනු ඔබගේ තේමා පාඨයයි.
ඔබ යුක්තිගරුකය. පොරොන්දු කඩකරන්නේ නැත. පරිත්‍යාගශීලීය. ත්‍යාගශීලීය. දීමට හිතය. ආඩම්බරය. එහෙත් විටෙක නිහතමානීය. ලොකු පොඩි කාටත් එක සේ සලකන ඔබ, සමාජවාදී අදහස්වලින් පූර්ණව ඇත. අයුක්තිය, අසාධාරණය ඔබට වහකදුරු සේය. එවැනි අවස්ථාවලදී දැඩිසේ කෝප වන ඔබ සටනටද පසුබට නොවේ.


කා සමඟත් සහයෝගයෙන් ජීවත්වීමට ඔබ තුළ ඇත්තේ බලවත් කැමැත්තකි. එමෙන්ම උනන්දුවකි. මතුපිටින් ඔබ දෙස බලන අයට පෙනෙන්නේ ඔබ සැහැල්ලුවෙන් ජීවත්වන බවකි. නමුත් ඇත්ත වශයෙන්ම ඊට වඩා ජීවිතය පිළිබඳ ගැඹුරු දර්ශනයක් ඔබගේ ආත්මය තුළ ගැබ්ව ඇතැයි අනුමාන කළ හැකිය. ඒ බව මතුපිට එනුයේ ඔබ අනුනට දෙන උපදේශ මඟිනි.


අංග සම්පූර්ණ ජීවිතයක් මෙන්ම සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කිරීම සඳහා මුදල් අවශ්‍ය බව ඔබ අදහන්නකි. එමෙන්ම අන් අයගේ නිවෙස්වලට වඩා අලංකාර වූ, සුවිශේෂී වූත් නිවෙසක ජීවත් වීමට ඔබගේ පරම අභිප්‍රායයි. අන්‍යයන් ඔබගේ නිවෙස ඉතා අලංකාර එකක් යැයි පවසනවා නම් ඊටත් වඩා සතුටක් ඔබට මෙලොව තවත් නැත.


ඔබ හැඟුම්බරය. ඔබගේ ආදරණීයකු ඔබට යම් රිදවීමක් කළහොත් එය ඔබට දරා ගැනීමට තරමක් අපහසුය. එමෙන්ම පවුලේ සාමාජිකයන්ගෙන් මෙන්ම හිතමිතුරන්ගෙන්ද, ඔබගේ දියුණුවට ආධාර, උපකාර නොඅඩුව ලැබෙනු ඇත. ඔබගේ බිරිය, සැමියා ඒ අතරින් විශේෂය.


ඇත්තටම ඔබ වාසනාවන්තය. ඔබ අත ගසන සෑම කටයුත්තකින්ම ආදායම් හා වාසි ලැබෙනු ඇත. අවශ්‍ය තැනදී වියදම් කළද, නිකරුණේ මුදල් නාස්ති කරන්නේ නැත. උසස් අධ්‍යාපනයක් කරා යෑමේ හැකියාව මෙන්ම කලාවට සම්බන්ධ රැකියාවක් කිරීමේ භාග්‍යයද ඔබ සතුව පවතී.


මිතුරු ඇසුරේදී විශ්වසනීය බව හා අවංකත්වය ඔබ නිබඳවම බලාපොරොත්තු වන්නෙකි. තරමක විඩාපත් බවකින් පෙළෙන ඔබ, ඊට අමතරව පිටකොන්දේ වේදනාවකින් පීඩා විඳීමට ඉඩ තිබේ. ඔබට වැඩිපුර වැලැඳෙන රෝග අතර උගුරේ අමාරු හා හිටිහැටියේ හැදෙන සීතලය පෙන්වා දිය හැකිය.


ඔබගේ පවුලේ අතීතයද කලාවට සම්බන්ධතා දක්වන අතර ඔබද ළමා වියේ සිටම කලා කුසලතා පෙන්නුම් කරනු ඇත. ඇස මෙන්ම සිතද පිනවන රැකියාවක් ඔබට හිමි වෘත්තීන් වේ. කාන්තා ඇඳුම්, ආයිත්තම් නිෂ්පාදනය හා අලෙවිය ඔබට යහපත් ආදායම් මාර්ග සපයා දෙනු ඇත. එමෙන්ම රූපලාවණ්‍ය කටයුතු, ඡායාරූප ශිල්පය, චිත්‍ර ශිල්පය, රස කැවිලි කර්මාන්තය, ලේඛන කලාව වැනි දේ ඔබට වඩාත්ම ගැළපෙනු ඇත. විසිතුරු නිර්මාණයන් බොහොමයක් ඔබට වාසනාව ගෙන දෙනු ඇත.


ඔබේ සහකරු හෝ සහකාරිය ප්‍රසන්න, සමාජශීලී අයකු වේ. සැමගේම ආදරයට, ගෞරවයට පාත්‍රවන ඔහු හෝ ඇය කා සමඟත් ඉක්මනින්ම මිතුදම් ඇතිකර ගන්නා කාරුණික අයෙකි. එමෙන්ම විශ්වාසය කඩ නොකරන සත්‍යවාදී අයකු බව අවිවාදයෙන් පැවැසිය හැකිය.


දෛව අංක හයෙන් උපත ලද ඔබගේ ප්‍රධාන දුර්වලතාව වන්නේ තමන්ගේම මතයෙහි පිහිටා කටයුතු කිරීමය. ඊර්ෂ්‍යා සහගතය. ඊර්ෂ්‍යාව පැන නඟිනුයේ තමා අබිබවා යෑමට උත්සාහ කරන්නන්ට එක් පාර්ශ්වයක පැත්ත ගෙන කටයුතු කර අන්‍යයන් අමනාප කර ගැනීමද ඔබගේ දුර්වලකමකි. අනුන්ගේ වැඩවලට ඇඟිලි ගැසීම හේතුකොට ගෙන නැති කරදර පටලවා ගන්නා ඔබ, ඇවිළෙන ගින්නට පිදුරු දැමීමටද ගජ හපනෙකි. අනුන්ට අවවාද දීමට යෑමද ඔබට එතරම් ගුණ නොවන්නකි.


ඔබ පහසුවෙන් කුපිත වන්නේ නැත. යම් හෙයකින් ඔබව කුපිත කළහොත්, එහි ප්‍රතිවිපාකය ඉතා බියකරුය. රෝස පැහැති වස්ත්‍ර පැලැඳීම හෝ රෝස පැහැති ලේන්සුවක් නිතර අත තබා ගැනීම ඔබට ඉතා යහපත් වනු ඇත. විශේෂයෙන් ස්වාසනාළයේ රෝග පීඩාවලට ඉඩකඩ ඇති බැවින් පරිස්සම් විය යුතුය.
කොළ පැහැති මැණික් ගලක් සහිත මුද්දක් අත පැලැඳීම ඉතා යහපත්ය. විශේෂ සුබ අවස්ථාවලදී එම ගල නොකඩවා පිරිමැදීමෙන් සත්‍ය වශයෙන් ජයග්‍රහණය අත්කර ගත හැකිය.


ඔබේ වාසනාවන්ත දිනය වන්නේ සිකුරාදාය. වයස අවුරුදු 6, 15, 24, 33, 42, 51 සහ 60 යන වයස් සීමාවල ඔබේ ජීවිතයේ සුවිශේෂී සිදුවීම් සිදුවන වයස් කාණ්ඩයන්ය. මැයි, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ඔබ විවේක ගත යුතුය. (ලබන සතියේ දෛව අංක 7.)

ජේ‍යාතිෂවේදී
කොටදෙණියාවේ, වරාදල
ඩී. ඩී. එන්. ගුණවර්ධන
0776283097

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය පුදබිම ජලයෙන් යටවී ඇත.
පවතින අධික වර්ෂාවත් සමඟ උඩවලව ජලාශයේ වාන් දොරටු 05න් 04ක් මේ වන විට අඩිය බැගින් විවෘත කර ඇති බව වාර්තා වෙයි.
මාතලේ, නුවර, බදුල්ල සහ නුවර එළිය යන දිස්ත්‍රික්ක වලට නායයෑමේ අවදානමක් පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

International

තුර්කි සිරියා දේශසීමාවේ පිහිටි කොබානේහි සිටින ධ්ඉ ත්‍රස්තවාදීන් වෙත එල්ල කළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර ඉතා සාර්ථක වූ බව වාර්තා වේ. සිරියානු කුර්දි භටයන් ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාර ඉතාම සාර්ථක
ඇෆ්ගනිස්ථානයේ ඊයේ (08දා) එල්ලා මැරීමට නියමිතව සිටි ස්ත්‍රී දූෂක සැකකරුවන් ඝාතනය නොකරන ලෙස මානව හිමිකම් සංවිධාන නව ඇෆ්ගන් නායක අෂ්රෆ් ගානිගෙන් ඉල්ලා සිටියේය. 
ඉරාකයේ හා සිරියාවේ ක්‍රියාත්මක අයි එස් ඉස්ලාම්වාදී සටන්කාමීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කිරීමට ඕස්ට්‍රේලියාවද කටයුතු යොදා තිබේ.