Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis all you acheter viagra pas cher need to know acheter levitra generique about impotence acheter cialis pas cher here acheter priligybest

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


නිවෙසේ ජල බැස්මේ වාස්තු දෝෂ

වාස්තු ශිල්පීය ක්‍රමවේදයන්ට අනුව ඔබගේ ඉඩමේ ජල බැස්ම සහ වහලයේ ජල බැස්ම නිසි පරිදි තීරණය කිරීම ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. වාස්තු ශිල්පීය ක්‍රමවේදයන්ට අනුව ආපෝ ධාතුවේ ප්‍රබල බලපෑම ගෘහයට නිතැතින්ම ලැබෙන බව කිව යුතුයි. විශේෂයෙන්ම ස්වාභාවික පාරිසරික පද්ධතීන්ගේ සමබරතාව රැක ගැනීම සඳහා නිසි ලෙස ජල ධාතුවේ ගමන් මඟ තීරණය කිරීම වැදගත් වාස්තු මූලධර්මයක් වන අතර ප්‍රායෝගිකව ද එය ප්‍රබලව අපට බලපානු ලබන තත්ත්වයකි.

Mawbima, 2013-04-25 02:00:00
Read 274 Times

නිවෙසේ ජල බැස්මේ වාස්තු දෝෂ

වාස්තු ශිල්පීය ක්‍රමවේදයන්ට අනුව ඔබගේ ඉඩමේ ජල බැස්ම සහ වහලයේ ජල බැස්ම නිසි පරිදි තීරණය කිරීම ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. වාස්තු ශිල්පීය ක්‍රමවේදයන්ට අනුව ආපෝ ධාතුවේ ප්‍රබල බලපෑම ගෘහයට නිතැතින්ම ලැබෙන බව කිව යුතුයි. විශේෂයෙන්ම ස්වාභාවික පාරිසරික පද්ධතීන්ගේ සමබරතාව රැක ගැනීම සඳහා නිසි ලෙස ජල ධාතුවේ ගමන් මඟ තීරණය කිරීම වැදගත් වාස්තු මූලධර්මයක් වන අතර ප්‍රායෝගිකව ද එය ප්‍රබලව අපට බලපානු ලබන තත්ත්වයකි.

විශේෂයෙන් නූතනයේ ස්වාභාවික විපත්වල ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙනවා. ඊට මූලිකවම බලපානු ලබන්නේ මානව ක්‍රියාකාරකම් බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. ස්වාභාවික පරිසර පද්ධතිය තුළ ජල බැස්ම විධිමත් රටාවකට අනුව සිදුවන අතර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් එම රටාවන් වෙනස් වී ස්වාභාවික උපද්‍රව බහුල වීම සිදු වී තිබෙනවා. විශේෂයෙන් නිවාස ඉදිකිරීමේදී භූමියේ සහ ගෘහයේ ජල බැස්ම විධිමත් ලෙස සකස් කර ගැනීමට අවශ්‍ය මූලික සිද්ධාන්ත රාශියක් වාස්තු ශිල්පය තුළ පෙන්වා දී තිබෙනවා.

මෙම ශිල්පීය ක්‍රම යොදා ගැනීම තුළින් ඔබගේ ගෘහයේ අපෝ ධාතුවේ සිදුවන දෝෂ මඟහරවා ගෙන වාසනාවන්ත ගෘහයක ජීවත් වීමේ වාසනාව උදාකර ගත හැකි වෙනවා. විශේෂයෙන් නිසි ලෙස ජල බැස්ම සකස් නොකළ විට ගෘහවාසීන්ට දැනෙන වාස්තු බලපෑම් එල්ල වන බවද කිව යුතුයි. මෙහිදී නිවෙසේ ජීව කාලය වෙනස්වීම, ලෙඩ දුක් බහුල වීම, මූල්‍ය විනාශය මෙන්ම දේපළ හානි සහ පරම්පරාව යාවත්කාලීන නොවීම මෙන්ම කීර්ති නාමයට හානි වීම ආදී බලපෑම් ප්‍රබල කිරීමට ගෘහයේ සහ භූමියේ ජල බැස්මේ සිදුවන දෝෂයක් නිසා සිදුවිය හැකි අයහපත් ප්‍රතිඵල ලෙස පෙන්වා දිය හැකිය. වාස්තු දෝෂයන්ට මෙන්ම ප්‍රායෝගිකව ඔබගේ නිවෙස සහ භූමිය රැක ගැනීමට උපකාර වන ජල බැස්මේ වාස්තු සිද්ධාන්ත පිළිබඳ ඔබ වඩාත් උනන්දු විය යුතුයි.

ඉඩමේ බෑවුම් සහ හැඩය අනුව ජල බැස්මේ රටාව සහ දිශාව තීරණය කිරීම සිදුකළ හැකියි. එහිදී ඔබත් ඉඩමේ පිහිටීම පරිදි ජල බැස්ම තීරණය කිරීම සිදු කළ යුතු වෙනවා. මෙහිදී ස්වාභාවික තත්ත්ව අනුව දැනටමත් ඉඩමේ ජල බැස්මේ රටා නිර්මාණය වී ඇත්තේ එයට හානි නොවන ලෙස කටයුතු සිදුකළ යුතුයි. උදාහරණයක් ලෙස උතුර සිට දකුණට බෑවුම් සහිත ඉඩමක ජල බැස්ම නිතැතින්ම තිබීම දකුණු දිශාවට සිදුවීම ස්වාභාවික තත්ත්වයක්. එහිදී එම බෑවුම වෙනස් කිරීම කිසිසේත් කළ නොහැකි දෙයක්. මෙහිදී ඔබ කළ යුතු වන්නේ ඔබගේ ගෘහයේ ජල බැස්මේ රටාව වාස්තු සිද්ධාන්තවලට ගැළපෙන ලෙස ස්වාභාවික රටාවට එක් කිරීමයි. එනම් උතුරේ සිට දකුණට බෑවුම් වන ඔබගේ ඉඩමේ ජල බැස්ම හැකිතාක් ගිනිකොන මුල්ලට හැරවීමට වගබලා ගත යුතුයි. නිරිත මුල්ලට වතුර එකතු නොකිරීමට වගබලා ගත යුතුයි. ඒ අනුව ඔබගේ ඉඩමේ බෑවුම අනුව පහත පරිදි ඉඩමේ ජලය බැස්විය යුතු දිශා කෝණය හැකිතාක් සකස්කර ගැනීමට උනන්දු වන්න.

ඉඩමේ බෑවුම ජල බැස්මේ කෝණය
උතුරේ සිට දකුණට - ගිනිකොන
දකුණේ සිට උතුරට - වයඹ
නැඟෙනහිර සිට බටහිරට - වයඹ
බටහිර සිට නැඟෙනහිර - ගිනිකොන

ඉහත සිද්ධාන්තයන්ට අනුකූලව ඔබගේ ඉඩමේ ජල බැස්ම පවත්වාගැනීමට උනන්දු වන්න. සමහර ඉඩම්වල බෑවුම දිශා කිහිපයකට තිබෙන්න පුළුවන්. එවිට ඔබට කළ හැක්කේ හැකිතාක් නිරිත දිශාවට ජල බැස්ම නොතබා වෙනත් ඕනෑම දිශාවකට ජල බැස්ම පවත්වා ගැනීමයි. මෙම සිද්ධාන්තය ඔබ දැඩිව අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ප්‍රායෝගික තත්ත්වය තුළ ඔබගේ ඉඩමේ වතුර බැස්ම කුමන දිශාවට තිබුණ ද කිසිම විටෙක නිරිත දිශාවට වතුර බැස්ම නොතැබීමට වග බලා ගත යුතුයි. ප්‍රධාන දිශාවන් වන උතුරු, දකුණ, නැඟෙනහිර හා බටහිර දිශාවන්ට වතුර බැස්ම කිසිම විටෙක දෝෂ සහගත නොවන බවද පෙන්වා දෙමි.

ඉඩමේ ජල බැස්ම අප හැකිතාක් නිවැරැදි කර ගැනීමට උත්සාහ කළ යුතු අතර ප්‍රායෝගිකව අපට සීමා ඇති බැවින් එම ප්‍රායෝගික සීමාවල පවතින දෝෂ ඉවත් කර ගැනීම සඳහා ගෘහයේ ජල බැස්ම සකස් කර ගැනීම තුළින් හැකියාව ලැබෙනවා. මෙහිදී ගෘහයේ වහලයේ ජල බැස්ම ඉතාමත් වැදගත් බව පෙන්වා දෙමි. ඔබගේ ගෘහයේ වහලයේ ජල බැස්ම නිසියාකාරයෙන් පවත්වා ගතහොත් ඉඩමේ පවතින දෝෂ පවා මඟහරවා ගත හැකි වේ.

වහලයේ වතුර බැස්ම තැබීම සඳහා සෑම විටම එම ගෘහයේ මුදුන් යට ලීය යොදා ඇති දිශාව අනුව තීරණය කිරීම සිදුකරනු ලබයි. ඔබගේ ගෘහයේ මුදුන් යට ලීය විහිදී ඇති දිශා දෙක අනුව ඔබගේ වහලයේ ජල බැස්ම පවත්වා ගතයුතු පිළිවෙළ පහත දක්වා තිබේ.

මුදුන් යට ලීය ජල බැස්මේ දිශාව
උතුරු දකුණට - උතුරට
නැඟෙනහිර - බටහිර - නැඟෙනහිර
නිරිත - ඊශාන - ඊශානට

වයඹ - ගිනිකොන - වයඹට
ඉහත වාස්තු ශිල්පීය ක්‍රමය උපයෝගී කොටගෙන ගෘහයේ වහලයේ වතුර බැස්ම තීරණය කරන්න. ඔබගේ වහලය දෙපළ වහලක් නම් ඉහත සිද්ධාන්තයන් නිසියාකාරයෙන් අනුගමනය කළ හැකි වුවද පල දෙකකට වඩා වැඩි වූ විට ජල බැස්ම තැබිය යුතු පිළිවෙළ පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් මතු විය හැකියි. එහිදී ඔබ විසින් සෑම විට මුදුන් වහලයේ ජල බැස්ම පෙන්වා දී ඇති ආකාරයට සකස් කරගත යුතු අතර අනෙකුත් පලවල වතුර ද එම පලයන්ගේ දිශා බෑවුම අනුව තීරණය කළ යුතුවේ. මෙහිදී ඔබ විසින් කිසිම විටෙක වහලයේ නිරිත දිශාවට ජල බැස්මක් නොතැබීමට වග බලා ගත යුතුයි.

ඔබගේ වහලයේ වතුර බැස්ම පවත්වා ගැනීමේදී විශාල දෝෂයක් මතුවන අවස්ථාවක් ලෙස නිවෙසේ පල දෙකක වතුර එකට එකතු වීම සහ නිවෙස මැදට වතුර එකතුවීම පෙන්වා දිය හැකියි. මෙවැනි තත්ත්වයක් ඉතාමත් භයානක ප්‍රතිඵල ගෙන දෙන වාස්තු දෝෂයක් බවට පවත්වන බව නොකියාම බැරිය. ඔබගේ වහලයේ පල දෙකක වතුර කිසිම විටෙක එකට එකතු වීමට ඉඩ නොදිය යුතු අතර නිවෙස මැදට ජලය එක්වී ගලාගෙන යෑමට මෙවැනි ලක්‍ෂණ දැනටමත් ඇත්නම් ඉතා ඉක්මනින් නිවැරැදි කර ගැනීමට සිතිය යුතුයි.

පල දෙකක ජලය එකට එකතු වීමට ඉඩ නොදී පිහිලි යොදා එම ජලය වෙන වෙනම විරුද්ධ දිශාවන්ට බැස්සවීම කළ යුතුයි. එවිට ඔබගේ වහලයේ ජල බැස්ම දෝෂ රහිත වේ. වහලයේ ජල බැස්ම නිසියාකාරයෙන් පවත්වා ගැනීමෙන් ඔබගේ නිවෙසට විශ්ව ශක්තිය කාන්දු වීම ඉතා බලවත් වීම තුළ නිවෙසේ පිහිටි ශක්තිය ප්‍රබල වී වාසනාව උදා වනු ඇත.

මීළඟට ජල බැස්ම සම්බන්ධයෙන් ඔබගේ නිවෙස දෝෂවලට ලක්වන අවස්ථාවක් ලෙස නිවෙස මැදින් අපජල බට යෙදීම, මෙන්ම වැසි ජල බට යෙදීම පෙන්වා දිය හැකිය. ඔබ කිසිම විටෙක නිවෙසේ බ්‍රහ්ම පාදය හසුවන ලෙස වැසි ජල බට සහ අපජල බට දැමීම නොකළ යුතුයි. එසේම මංගල ද්වාරය හසුවන ලෙසද අභ්‍යන්තර බට දැමීම නොකළ යුතු වේ. ඔබගේ නිවෙසේ මූල්‍ය ශක්තිය හීන වීමට මෙය දැඩි ලෙස බලපාන බව කිව යුතුයි. එසේම ඔබගේ නිවෙසේ මැද මිදුල යොදා තිබේ නම් වැසි ජලය නිවෙස මැදට එකතු වීම නිරන්තරයෙන් සිදුවනු ලැබේ. මෙය දෝෂ සහගතය. විශේෂයෙන් මහනුවර යුගයේ තනි මැද මිදුල සහිත නිවාස ඉතාමත් අසාර්ථක බව කිව යුතුයි. වාස්තුවට අනුව අනුරාධපුර යුගයේ බ්‍රහ්ම පාදය හසු නොවන ලෙස නිවාස හා ප්‍රාසාද සඳහා මැද මිදුල් දෙකක් හෝ හතරක් යොදා තිබුණේ මෙම දෝෂය ඉවත් කරගැනීම සඳහායි. ඔබගේ වහලයේ වතුර නිවෙස මැදට එකතු වන්නේ නම් නිරිත දිශාව හැර වෙනත් ඕනෑම දිශාවකින් එම ජලය පිට කිරීම සඳහා බට යොදා ගැනීම කළ හැකි අතර ප්‍රධාන උළුවස්ස ඇති බිත්තියෙන් එළියට බට යෙදීම නොකිරීමට ද වග බලා ගත යුතුයි.

ඔබගේ ඉඩමේ හා නිවෙසේ ශක්තිය නිසි ලෙස රඳවා ගැනීම සඳහා ඉඩමේ සහ ගෘහයේ ජල බැස්ම නිසි ආකාරයට පවත්වා ගැනීමට උනන්දු වන්න. සෑම විටම ස්වාභාවික ජල රටාවන්ට අනුකූලව ජල බැස්ම යෙදීමට උනන්දු විය යුතුයි. වැසි ජලය නිසි දිශාවෙන් බැස යෑම තුළ ඔබගේ ගෘහයේ සහ ඉඩමේ ජීව ගුණය නිසි ලෙස රැකෙනු ඇත. එබැවින් ඉපැරැණි සෘෂි උතුමන් විසින් අප හට කියා දී ඇති වාස්තු ශිල්පීය උපක්‍රම නිසි ලෙස අවබෝධ කරගෙන ඒවායේ පිහිට ලබා ගැනීමට ඔබ සෑම විටම උනන්දු වන්න. ඔබගේ ඉඩමේ ජල බැස්මේ දෝෂයක් ඇත්තනම් එම දෝෂය අවම කිරීම සඳහා ගෘහයේ වහලයේ ජල බැස්ම නිසියාකාරයෙන් පවත්වා ගැනීම තුළින් හැකියාව ලැබෙනු ඇත.

වාස්තු ශාස්ත්‍රඥ
පේරාදෙණියේ
ඩී. යූ. සෙනරත්
0714402574

වසර විසිදාහකට පෙර ඈත අතීතය මෙන්ම ප්‍රෞරාණික  හා ඵෙතිහාසික වැදගත්කමක් ඇති අප රටේ  වැළලී ගොස් ඇති අතීතය පිළිබද  සාක්ෂි
මේ දින වල බරපතල ලෙස පුත්තලමේ පවතින උග්‍ර වල් අලි තර්ජනය මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සංශෝධිත කාලසටහන www.doenets.lk වෙබ් අඩවියේ පළ කර තිබෙන බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව
සිදු වූ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්නටත් අනාගතයේ ආණ්ඩුවක් පිහිටුවීමටත් තමන් වෙත කරන ජන ආරාධනය භාර ගන්නා බව හිටපු ජනපති
ශ්‍රීලනිප සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පමණක් නොව එජාපයේ සහ ජවිපෙ සිටින දේශප්‍රේමීන්ට තමන් හා එකතු වන ලෙස හිටපු
කතානායක චමල් රාජපක්ෂ මහතා සහ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාද මැදමුලන මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් ඇත.
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තව සුළු මොහොතකින් ජනතාව හමුවේ විශේෂ
ලබන අගෝස්තු 17 වැනි දා පැවත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය හේතුවෙන් සහ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස.
ඉන්දුනීසියාවේ මේඩන් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකට හමුදා ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින්
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේදී හෝ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක කණ්ඩායමේ තරග කරන කිසිදු අපේක්‍ෂකයකු අගමැති අපේක්‍ෂකයකු වශයෙන් නම්කර නැති අතර අගමැති අපේක්‍ෂකත්වය පිළිබඳ පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිදු
කොළඹ ප්‍රධාන පෙළේ තේ නිෂ්පාදන සමාගමක ගබඩාවක තිබී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 25,328 ක් සොයා ගැනීමට විශේෂ

International

තායිවාන් ගුවන්සේවයක් වන ට්‍රාන්ස්ඒෂියා ගුවන්යානයක් සිදුකල හදිස්සි ගොඩබැස්වීමක් නිසා ඇති වුන අනතුරින් මේ වන විට නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
චීනයේ ගුවන් සමාගමක් වන එයාර් චයිනා නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ චෙන්ග්ඩු සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් එළඹෙන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.