Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis all you acheter viagra pas cher need to know acheter levitra generique about impotence acheter cialis pas cher here acheter priligybest viagra generique france sites cialis generique france

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


බ්‍රහ්ම පාදය සොයන නිවැරැදි ක්‍රමය

මිනිසාගේ ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රීය කුමක්ද කියා ඔබගෙන් ඇසුවොත් ඔබ විවිධ ඉන්ද්‍රියන් පිළිබඳ පවසනු ඇත. ඒ අතරින් මොළය සහ හදවත ප්‍රධානතම ඉන්ද්‍රියන් ලෙස බොහෝ දෙනා ප්‍රකාශ කරනු ඇත. මොළය සහ හදවත අතරින් ද ඉතාම ප්‍රබලතම ඉන්ද්‍රිය වන්නේ හදවතයි. මොළයට අවශ්‍ය රුධිරය ලබාදෙන්නේත්, මොළයට අවශ්‍ය ශක්තිය දෙන්නේත් හදවත මඟිනි. එසේනම් මනුෂ්‍ය ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රීය ලෙස හදවත යන්න අපිට අවිවාදයෙන්ම පිළිගැනීමට සිදුවෙනවා.

Mawbima, 2013-05-23 02:00:00
Read 799 Times

මිනිසාගේ ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රීය කුමක්ද කියා ඔබගෙන් ඇසුවොත් ඔබ විවිධ ඉන්ද්‍රියන් පිළිබඳ පවසනු ඇත. ඒ අතරින් මොළය සහ හදවත ප්‍රධානතම ඉන්ද්‍රියන් ලෙස බොහෝ දෙනා ප්‍රකාශ කරනු ඇත. මොළය සහ හදවත අතරින් ද ඉතාම ප්‍රබලතම ඉන්ද්‍රිය වන්නේ හදවතයි. මොළයට අවශ්‍ය රුධිරය ලබාදෙන්නේත්, මොළයට අවශ්‍ය ශක්තිය දෙන්නේත් හදවත මඟිනි. එසේනම් මනුෂ්‍ය ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රීය ලෙස හදවත යන්න අපිට අවිවාදයෙන්ම පිළිගැනීමට සිදුවෙනවා.

හදවතින් භෞතික පැතිකඩක් මෙන්ම ආධ්‍යාත්මික පැතිකඩක් ද පවතින බව ඔබට පැවසිය යුතුයි. භෞතික පැතිකඩ අපට පෙනෙන අතර, ආධ්‍යාත්මික පැතිකඩ අපට නොපෙනුණත් එය දැනෙනු ඇත. මිනිස් ශරීරයේ හදවතට හිමි වන වැදගත්කමට සමාන වැදගත්කමක් බ්‍රහ්ම පාදයට හිමිවන බව පුරාණ ඍෂි උතුමන් පෙන්වා දී තිබෙනවා. ගෘහයක බ්‍රහ්ම පාදයේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කිරීමක් ද මිනිස් සිරුරේ හදවත මඟින් ඉටුකරනු ලබන කාර්යයටම සමාන කාර්යයක් බ්‍රහ්ම පාදය තුළින්ද සිදුවන බව කිව යුතුයි. විශ්වයේ පවතින විශ්ව ශක්තිය නිවෙස තුළටම අද්දවාගෙන එම විශ්ව ශක්තිය නිවෙස තුළ පතුරුවා හරිනු ලබන ස්ථානය බ්‍රහ්ම පාදය ලෙස හඳුන්වා දිය හැකිය.

ශරීරයේ පවතින අපිරිසුදු රුධිරය ශිරා මඟින් හදවත තුළට ඇදගෙන ඒවා පිරිසුදු කොට ධමනි මඟින් මුළු ශරීරය පුරා ශක්තිය සහිත පිරිසුදු රුධිරය බෙදා හරින ආකාරයෙන්ම ඔබගේ බ්‍රහ්ම පාදයද නිවෙස තුළට පිවිසෙන යහපත් අයහපත් විශ්ව තරංගවල යහපත් කිරණ ගෘහය පුරා විහිදුවාලනු ලබයි. ඔබගේ ගෘහයේ හදවත බඳු බ්‍රහ්ම පාදය ඔබ මනාව හඳුනාගෙන ආරක්ෂා කළ යුත්තේ එබැවිනි. නිවෙසේ බ්‍රහ්ම පාදය ආරක්ෂා කර ගැනීමට ප්‍රථම නිසි ලෙස බ්‍රහ්ම පාදය තිබෙන ස්ථානය අප විසින් නිශ්චිතව සහ ස්ථිරව හඳුනා ගැනීම කළ යුතු වෙනවා. වාස්තු ශිල්පයට අනුව වාස්තු සිද්ධාන්ත පරිදි නිවැරැදිව බ්‍රහ්ම පාදය හඳුනා ගැනීමට අවැසි උපදෙස් ඔබ වෙත මෙම ලිපියෙන් ලබාදීමට උත්සාහ ගනී.

ප්‍රථමයෙන් නිවෙසේ බ්‍රහ්ම පාදය නැත්නම් මධ්‍ය ලක්ෂ්‍යය නිශ්චිතව හඳුනාගත යුතු වෙනවා. පුරාණයේ මේ සඳහා සිත දියුණු කළ උතුමන් එය ආධ්‍යාත්මික ශක්තිය තුළින් දුටු අතර ඉන්පසු කාලවලදී විශිෂ්ට ඔසු යොදාගෙන බ්‍රහ්ම පාදය තවරා සිදුවන වෙනස්කම් තුළින් බ්‍රහ්ම පාදය නිශ්චිතව හඳුනා ගනු ලැබුවා. නූතනයේදී එවැනි සූක්ෂ්ම ක්‍රම යොදා ගැනීමට තරම් මිනිසා දියුණු වී නොමැති බැවින් ගණිතමය සහ ජ්‍යාමිතික ක්‍රම ශිල්පය ආශ්‍රයෙන් වාස්තු මූලධර්මවලට යටත්ව බ්‍රහ්මපාදය නිවැරැදිව සොයාගැනීම කළ හැකියි.

බ්‍රහ්ම පාදය නිවැරැදිව
හඳුනා ගැනීමේදී අවධානය
යොමු කළ යුතු කරුණු
සමචතුරස්‍රාකාර හෝ ඍජුකෝණාස්‍රාකාර නිවාසයක බ්‍රහ්ම පාදය ඉතාමත් ලෙහෙසියෙන් හඳුනා ගැනීමට හැකියි. මෙහිදී නිවෙසේ බ්‍රහ්ම පාදය සොයා ගැනීම සඳහා නිවෙස එකම පද්ධතියක් ලෙස සලකා පාද සටහන යෙදීම කළ යුතු අතර පාද සටහනේ මධ්‍ය ලක්ෂ්‍යය නිවෙසේ බ්‍රහ්ම පාදය ලෙස සොයා ගැනීම කළ හැකිය.

බ්‍රහ්ම පාදය
ඉහත පරිදි ඉතා සරල හැඩතලයක බ්‍රහ්ම පාදය සොයා ගැනීම ඉතාමත් සරල වුවත් සෑම නිවෙසකම මෙවැනි සරල හැඩතල නොගනී, නිවාසවල විවිධ හැඩතල ඇති අතර විවිධ කොටස් නෙරා තිබීම දක්නට ලැබෙනවා. නිවෙසේ හැඩතල අනුව එම නිවෙසට පාද සටහන එලා ගැනීම කළ යුතු වෙනවා. නිවෙසකට පාද සටහන එළා ගැනීමේදී අනුගමනය කළ යුතු වැදගත් රීති කිහිපයක් පවතිනවා.
01. පාද සටහනට හැකිතාක් සාධාරණ ලෙස නිවෙසේ කොටස් ඇතුළත් කර ගැනීම.
මෙහිදී අනවශ්‍ය ලෙස නිවෙසෙන් කොටසක් ඉවත් කිරීම හෝ අනවශ්‍ය ලෙස කොටස් එකතු කිරීම නොකළ යුතු අතර ඉතාමත් සාධාරණ එකම ක්‍රමය යොදා ගැනීම කළ යුතුයි.

02. පාද සටහනට කොටස් එකතු කර ගැනීම.
නිවෙසේ වහලය ගැසූ කොටසින් 1/3 කට වඩා වැඩි කොටසක් පාද සටහනට එකතු කළ යුතු අතර 1/3 කට වඩා අඩු කොටස් නොසලකා හැරීම කළ යුතුයි.
3. පාද සටහනට ආලින්ද කොටස් හා ගරාජ ඇතුළත් නොවන අතර, විශේෂ අවස්ථාවක් ලෙස සලකා එම කොටස්වල මුල්ගල තබා ඇති විටෙක එම කොටස්ද එකතුකර ගැනීම කළ යුතුයි. එහිදී 1/3 රීතිය බල නොපවැත්වේ.

4. විශේෂයෙන් නිවෙසේ චිමිනිය, මුළුතැන්ගෙය යන කොටස් 1/3 කට අඩු වුවද පාද සටහන ඇතුළත් කිරීම කළ යුතුයි.
5. නිවෙසේ සරල රේඛීය නොවන ඇද බිත්ති තිබෙන විටදී එය ලම්භක රේඛාවක් ලෙස සිතා පාද සටහනට යොදා ගැනීම කළ යුතුයි.
නිවෙසේ මධ්‍ය ලක්ෂ්‍යය නැත්නම් බ්‍රහ්ම පාදය නිසිලෙස හඳුනා ගැනීම සඳහා ගෘහයේ සක්‍රිය පාද සටහන නිසි ලෙස තීරණය කළ යුතුයි. පාද සටහන නිසිලෙස යොදා නොගෙන බ්‍රහ්ම පාදය සොයාගැනීම කළ නොහැකි දෙයකි. නූතනයේ බොහෝ දෛවඥයන් නිවෙසේ බ්‍රහ්ම පාදය සහ ගිනිකතුර පටලාගෙන සිටිනවා. කිසිම විටෙක ගිනිකතුර ඡේදන ලක්ෂ්‍යය බ්‍රහ්ම පාදය වන්නේ නැහැ. එසේම ගිනිකතුර සංකල්පය ඉතාමත් සක්‍රිය නොවන ප්‍රාථමික ලෙස යොදාගනු ලබන ක්‍රියාවලියකි. මෙහිදී සෑම විටම නිවෙසේ මධ්‍ය ලක්ෂ්‍යය නොලැබේ. එසේම ගිනිකතුරට නොවැටෙන ලෙස උළුවහු ජනේල තැබිය යුතු බවට ඇති මතයද සක්‍රිය නොවන බව පෙන්වා දෙමි.

බ්‍රහ්ම පාදය යනු නිවෙසේ ඉතාමත් බලවත් ස්ථානයක් වන අතර එම බ්‍රහ්ම පාදය සෑම විටම ඡායා පාදය තුළ ස්ථානගත වේ. මෙසේ බ්‍රහ්ම පාදය ඡායා පාදය තුළ ස්ථානගත වන බැවින් බ්‍රහ්ම පාදය "ජය පාදය" ලෙසද පුරාණයේ හැඳින්වූ බව කිව යුතුයි. මෙහිදී පාද සටහන යෙදීම සමහර අවස්ථාවලදී පාද 9කට බෙදා ගන්නා අතර ඉතා නිවැරැදි ක්‍රමය වන්නේ පාද 05 න් 03කට එනම් පාද 15කට බෙදීමයි. එය තහවුරු කිරීමට ජය පාද සංකල්පය ඉවහල් වනු ඇත. වචනයේ පරිසමාර්ථයෙන්ම නිවෙසේ ඡායා පාදය නිසි ලෙස හඳුනාගෙන ආරක්ෂා කිරීම තුළින් ඔබට ජය අත්වන බව නිසැකය.

ප්‍රවීණ වාස්තු ශාස්ත්‍රඥ
ශාස්ත්‍රවේදී පේරාදෙණියේ
ඩී. යූ. සෙනරත්
0714402574

දිවි නැගුමේ සිදුවුවායැයි කියන මහා පරිමාණ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා අවශ්‍යව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ලබන අප්‍රේල් 20 වෙනිදායින් පසු ලංකාවට පැමිණීමට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද දිනයේදී 2015 ලෝක කුසලාන කණ්ඩායම නම් කරනු ලැබූ අතර එහි එකදු ඉන්දීය ක්‍රීඩකයෙකු
ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 9.6 ක මුදලක් වංචා කල බවට චෝදනාපිට රක්ෂිත බන්ධනාගාරගත කල හිටපු ඇමති සරණ ගුණවර්ධන
අද නිකුත්වූ සාමාන්‍ය පෙළ ප්‍රථිපල වලට අනුව ලංකාවේ පළමු ස්ථානය කොළඹ නාලන්ද විද්‍යාලයීය තරිඳු නිර්මාල් හිමිකර ගෙන
පසුගිය වසරේ දෙසැම්බර මස පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල මේ වන විට නිකුත් කර ඇත.
මෙතෙක් ක්‍රිකට් තරඟයක් නැරඹීම සඳහා සහභාගී වූ ලොව වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණය ලෙස අද දිනයේ මෙල්බර්න් ක්‍රීඩාංගනයට
මිගමුව ප්‍රදේශයේ ගැබිණි මව්වරුන්ට පෝෂණ මලු බෙදාදීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයක් අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ
නවසීලන්තය සමග පැවති ICC ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී කඩුළු 7 ක ජයක් වාර්තා කරමින් පස්වැනි වතාවටත් ලෝක ශූරයන් වීමට
පිළියන්දල බෝකුන්දර කොමර්ෂල් බැංකු ශාඛාව සහ අත්තිඩිය කොමර්ෂල් බැංකු ශාඛාව මංකොල්ල කෑමේ සිද්ධි දෙකට අදාළ සැකකරුවෙකු
ශ්‍රී ලංකාවේ පාකිස්තානු වැඩ බලන මහ කොමසාරිස් ආචාර්ය සෆ්රාස් සිප්රා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරාගේ
සති හයක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති නයිජීරියානු ජනාධිපතිවරණය මේ මේ වන විට පැවැත්වෙමින් පවතී. එරටට නිදහස උදාවීමෙන් පසුව පැවැත්වෙන වඩාත්ම තරඟකාරීම ජනපතිවරණය මෙය වනු ඇති බව විචාරකයන්ගේ මතය
ෆුල්ෆේස් යතුරුපැදි හිස් ආවරණ තහනමට විරුද්ධව සංවිධානය කෙරෙන විරෝධතා රැලියක් හෙට දින උදෑසන 9ට ගාලු මුවදොර පිටියේදී

International

තායිවාන් ගුවන්සේවයක් වන ට්‍රාන්ස්ඒෂියා ගුවන්යානයක් සිදුකල හදිස්සි ගොඩබැස්වීමක් නිසා ඇති වුන අනතුරින් මේ වන විට නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
චීනයේ ගුවන් සමාගමක් වන එයාර් චයිනා නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ චෙන්ග්ඩු සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් එළඹෙන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.