Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


අධ්‍යාපනයට ආර්ථිකය බලපෑම් කරයිද?

ප්‍රියදර්ශනී ප්‍රශ්නය : දැනට ලබා ඇති කාලය කුමක්ද? පිළිතුර : සාම්ප්‍රදායික සම්මත ක්‍රමයට අනුව සිකුරු මහ දශාවේ රවි අතුරු දශාව ඔබට ලබලා තියෙනවා. නමුත් ඒරාෂ්ටක අපල ගත කරන නිසා එහි එතරම් බලපෑමක් ඇතිව නැහැ. මේ නිසා ශරීරයට ටිකක් දුක් ඇතිකරනවා. ඒ වගේම සිතට පීඩා ඇති කරනවා. ධන හානිය පෙන්නුම් කරනවා. කෙසේ නමුත් මෙවැනි කරදර අතරතුර යම්කිසි මිහිරක් ඇති කාලයක්. 2014 මාර්තු මාසයෙන් පසුව ඔබට ටිකක් අපල කාලයක්. උදරය ආශි්‍රත ආබාධ වැනි දේ ඇතිවීමට ඉඩකඩ වැඩියි. ශල්‍යකර්මයකට භාජන වීමට පුළුවන්.

Mawbima, 2013-09-05 02:00:00

ප්‍රියදර්ශනී
ප්‍රශ්නය : දැනට ලබා ඇති කාලය කුමක්ද?
පිළිතුර : සාම්ප්‍රදායික සම්මත ක්‍රමයට අනුව සිකුරු මහ දශාවේ රවි අතුරු දශාව ඔබට ලබලා තියෙනවා. නමුත් ඒරාෂ්ටක අපල ගත කරන නිසා එහි එතරම් බලපෑමක් ඇතිව නැහැ. මේ නිසා ශරීරයට ටිකක් දුක් ඇතිකරනවා. ඒ වගේම සිතට පීඩා ඇති කරනවා. ධන හානිය පෙන්නුම් කරනවා. කෙසේ නමුත් මෙවැනි කරදර අතරතුර යම්කිසි මිහිරක් ඇති කාලයක්. 2014 මාර්තු මාසයෙන් පසුව ඔබට ටිකක් අපල කාලයක්. උදරය ආශි්‍රත ආබාධ වැනි දේ ඇතිවීමට ඉඩකඩ වැඩියි. ශල්‍යකර්මයකට භාජන වීමට පුළුවන්.

ළහිරු කුලියාපිටිය
ප්‍රශ්නය : 2017 වසරේ කුමන අංශයක් උසස් පෙළ සඳහා තෝරාගත යුතුද?
පිළිතුර : ඔබ ස්ථීර අධිෂ්ඨානයක් තිබෙන කෙනෙක්. නමුත් පවතින තත්ත්වයට අනුව ඔබ කලා අංශය තෝරා ගත්තට වරදක් නැහැ. නමුත් ඔබ පරිගණක අංශය අමතක කරන්න එපා. පරිගණක ක්‍ෂේත්‍රයේ ඔබ ප්‍රවීණත්වය ලබා ගැනීම හොඳයි.
රුවන්වැල්ල  - එල්.සී. නිලන්ත
ප්‍රශ්නය : පවතින නීතිමය තත්ත්වයෙන් නිදහසක් ලැබේද?
පිළිතුර : ඔබට නීතිමය පාර්ශ්වයේ සහාය ගැනීමට සිදුවෙනවා. එම උපකාර කිරීමට බොහෝ අය සැදී පැහැදී සිටින නිසාත් ඔබේ මෙම ගැටලුව විස¼දා ගැනීමට අවශ්‍ය ශක්තිය ඔබ සතු නිසාත් යුක්තිය හා සාධාරණත්වය ඉටුවේවි. නමුත් ගතවන්නේ ඉතා අයහපත් කාලයක් නිසා ඔබ කරන කියන දේවල්වලින් ඔබට අවාසි සිදුවීමට ඉඩකඩ වැඩියි. සිත, කය, වචනය පාලනය කරගෙන ජීවත්වීම තුළින් ඔබට යහපතක් ලැබේවි.
රුවන්වැල්ල  - සම්මානි
ප්‍රශ්නය : අනාගතය පිළිබඳ?
පිළිතුර : ඉදිරි අවුරුදු 25 - 30ක කාලය ඔබට දීප්තිමත් කාලයක්. සියලුම ස්ථාවරත්වයන් ඔබ මේ කාලය තුළ කරගත යුතු වෙනවා. අනාගතය හොඳයි. ආගම දහමට ටිකක් භක්තිමත් වුණොත් යහපත් වේවි.

ලක්මාලි
ප්‍රශ්නය : අපට දරුපල හිමිද?
පිළිතුර : ඔබ දෙදෙනාට දරුපල හිමියි. නමුත් දරුපල පිහිටියට ගැටලුවක් තියෙන බව පැහැදිලියි. ඔබේ විවාහ ස්ථානයේ විශාල ගැටලු තියෙනවා. දරුවන් ලැබීම නිසා ජීවිතය ඉදිරියට ගෙන යෑම පවා ටිකක් ගැටලු සහගතයි. විශේෂයෙන් ඔබේ ලග්නයේ කුජ පස්වැන්නේ සිටීම නිසා ඔබට දරුවන් අහිමි කිරීම පිළිබඳ කියනවා. දරුවන් ලැබෙන්න සිටින විට ඔබ ශරීරයේ උෂ්ණත්වය පාලනය කළ යුතුයි.
ගොඩගම - සඳුමිණි
ප්‍රශ්නය : අධ්‍යාපනයට ආර්ථිකය බලපාවිද?
පිළිතුර : දරුණු අපල කාලයක් ගත කරලා තියෙනවා. ඒක නිසා ඔබ ගොඩාක් පීඩාවට ලක්වූ කෙනෙක්. දැනට ආර්ථික ගැටලු පමණක් නොවේ යැපීම පවා විශාල ගැටලුවක්. ඔබ ඉඳල හිටල මෛත්‍රී භාවනාව කරන්න. වචන කතා කරනකොට ටිකක් කල්පනාවෙන් කතා කරන්න.
ශානි නිම්සරා
ප්‍රශ්නය : විවාහ වී වසර තුනක් ගත වුණා. දරුවන් නැහැ.
පිළිතුර : ඒ ගැන බයවෙන්න එපා. තව වයස තිබෙනවා. දරුවන් හදාගන්න පුළුවන්. යම් ආකාරයකින් ඔය වගේ ගැටලු ඇතිවෙනව. බැරිම වුණොත් ඔබට පුළුවන් බාහිරින් යුක්තාණුවක් රෝපණය කරන්න. වෛද්‍ය විද්‍යාව ඉතාමත් දියුණුයි. නමුත් මේ ලග්න දෙකේ දෝෂ නැහැ. පින්දහම් කටයුතුවලට හොඳින් නැඹුරු වෙන්න. වාස්තු දෝෂයක් තිබේද යන්න සොයා බැලිය යුතුයි.

රණවීර
ප්‍රශ්නය : මගේ පුතා දැනට ප්‍රවාහන සේවයක නිරතවී සිටියි. ඔහුට එය ගැළපෙනවාද?
පිළිතුර : ඔබ යොමු කරල තියෙන ප්‍රශ්නය ඉතාම වටිනවා. ඔබේ පුතාට එම රැකියාව ගැළපෙනවා. ඊට හේතුව ඔබේ පුතාගේ ලග්නයේ හයවැන්නේ කුජ, රාහු දෙදෙනා ස්ථානගතව සිටියි. මෙම පිහිටීමට අනුව බර වැඩ ගැළපෙනවා. එමෙන්ම ඒවායින් දියුණුවට පත්වෙන්න පුළුවන්.
කරුණානායක
ප්‍රශ්නය : මේ වසරේ උසස් පෙළ කිරීමට බලාපොරොත්තු වෙමි.
පිළිතුර : අධ්‍යාපනය සඳහා හොඳ පිහිටීමක් ලග්නය තුළ පිහිටල තියෙනවා. ඔබේ කටයුතු සඳහා ඔබ සුදුසු කාලය තෝරාගෙන ඉවරයි. ඇත්තටම ඔබට මෙම කටයුත්ත කර ගැනීමේ හැකියාව තියෙනව. ගුරු, බුධ යෝගවෙලා ඉන්නවා. මේකත් හොඳ පිහිටීමක්. කෙසේ නමුත් ඔබ වෘත්තීය සහ අධ්‍යාපන යන අංශ දෙකේ උසස් දියුණුවක් ලබනවා. ඒ වගේම මානව සම්පත් කළමනාකරණ අංශය වෙත ඔබ අනිවාර්යයෙන්ම යොමු වෙනවා.
මාතර - ඩබ්. චන්ද්‍රාවතී
ප්‍රශ්නය : මෙම වසරේ උසස් පෙළ විභාගය සමත් වේද?
පිළිතුර : උසස් පෙළ සමත් වෙන්න පුළුවන්. ඔබට හොඳ ධන යෝගයක් පිහිටලා තිබෙනවා. සුදුසු වයස ආවිට මෙම ධනයෝග ක්‍රියාත්මක වෙනව. උසස් රැකියා හිමිකමක් තිබෙන අතර පැහැදිලි වාසනාවන්ත අයෙක් බව කියන්න පුළුවන්.

කඩවත - ලක්ෂිකා
ප්‍රශ්නය : මෙම වසරේ විශ්වවිද්‍යාලයට තේරීපත් වේවිද?
පිළිතුර : ඔබ තෝරාගෙන තිබෙන විෂය ඔබට ගැළපෙනවා. ගොඩාක් උත්සාහ කරන්න. නමුත් ඔබේ නිවෙසේ ගැටලු තිබෙන බව පේනවා. ඔබට අවශ්‍ය නියම මාර්ග උපදේශනය නොලැබේ යැයි පෙනෙනවා. ඒ වගේම පියාගෙන් සැලකිය යුතු මට්ටමේ සහායක් ඔබ වෙත ලැබේ යැයි විශ්වාස කරන්න අමාරුයි.
මැණික්හින්නේ ජයමාන්න
ප්‍රශ්නය : ඉඩමක් මිලදී ගෙන නිවෙසක් සාදා ගැනීමට හැකිවේද?
පිළිතුර : ඇත්තටම ඔබට එය ඉතාම අමාරු කාර්යයක් වෙනවා. ඔබේ ජීවිතයෙ මුල් කාලයෙහ් පවා ඔබට උදවු උපකාර ලැබිලා නෑ. 
 කඩවත - පවනි
ප්‍රශ්නය : උසස් පෙළ සඳහා වාණිජ ධාරාවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත හැකිද?
පිළිතුර : ඔබ තෝරාගෙන තිබෙන විෂය ඔබට හොඳින් ගැළපෙනවා. නමුත් ප්‍රථම වතාවෙන් විශ්වවිද්‍යාලයට තේරී පත්වෙන්න අමාරුයි. කිහිප වතාවක් කරන්න සිද්ධ වෙනවා. හොඳ රැකියාවකට හිමිකම් කියනවා. බොහෝ දුරට රජයේ රැකියාවක් හිමිවීමේ ඉඩකඩ තියෙනවා. විශ්වවිද්‍යාල යන කාල පරාසය තුළ විශාල ගැටලු ප්‍රමාණයක් එනවා. අපල කාලයක්.  ඔබේ උත්සාහය මත සියල්ල තීරණය වේවි.

කඩවත - බුද්ධිනී
ප්‍රශ්නය : දරුවාගේ ඉදිරි අනාගතය කෙසේ වේවිද?
පිළිතුර : එතරම් වරදක් වෙන එකක් නැහැ. නමුත් පොඩි කාලයේ සිටම ආගමට දහමට යොමුකිරීම ඉතාමත් යෝග්‍ය වෙනව. පියාට ටිකක් අපලයි. උසස් අධ්‍යාපනය කඩාකප්පල් කර ගැනීමට පවා ඉඩකඩ තියෙනවා. පොඩි කාලයේ සිට කරුණාව, දයාව, උගන්වන්න. ලොකු වුණාම ඒව හදන්න අමාරුයි. කරණීය මෙත්ත සූත්‍රය, මෛත්‍රී භවනාව පුහුණු කරන්න.
මහනුවර - අමන්ති
ප්‍රශ්නය : සෞඛ්‍ය තත්ත්වය කෙසේද?
පිළිතුර : ගතකරපු කාලය තරම් ඉදිරිය නරක නැහැ. ඊට හේතුව ඉතාම දරුණු කාලයක් ගතකරල තියෙනවා. සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳ නැති කාලයක්. නමුත් අනාගතය පිළිබඳ එතරම් කලබලවිය යුතු නැහැ. ඔබ ගෙවූ කාලයේදී ඇති කරගන්නා ලද ගැටලු වැනි දේ තුළින් වරින් වර කරදර විපත් පැමිණියද ඔබව වැට්ටවීමට තරම් ඒවා ශක්තිමත් නැහැ. නමුත් සහෝදරයකුට ටිකක් අපලයි.

වාසනා
ප්‍රශ්නය : මගේ දියණියගේ අනාගතය කෙසේද?
පිළිතුර : අනාගතය ඇත්තටම හොඳයි. විවාහයෙන් පසුව තවත් හොඳ වේවි. ගතකරපු කාලයත් ගත කරන කාලයත් විශාල ලෙස ඔබේ ජීවිතයට පීඩා එල්ල කරල තියෙනවා. වසර තුනකින් පසුව සම්පූර්ණ හොඳවේවි. හැකි පමණ මෛත්‍රි භාවනාව කරන්න. ඔබේ ශරීරයේ ඇති වේදනා ගොඩාක් දුරට අඩුවේවි.
හිරුණි තත්සරණි
ප්‍රශ්නය : මම කෙනකුට ආදරය කරමි?
පිළිතුර : ආදරය කිරීම හොඳ දෙයක්. නමුත් ආදරයේ විරහව ඉතාම අමිහිරි දෙයක්. ආදරය කරන්න එපා කියලා කියන්නෙ ඉගෙන ගන්නකොට. ඒක බිඳුනාම ඒ දුක කියා විභාගය පවා අත් හරින අය ඉන්නවා. වැඩිය ඔළුවට ඒ දේවල් දැන්ම ගන්න එපා. එයා වෙන කෙනෙක් එක්ක කතා කළා කියල පාඩම් නොකර ඉන්න එපා. ටිකක් අපල කාලයක් ගතවන නිසා පින්දහම්වල නිරත වන්න.
ගාල්ල - නදීකා විජේසේකර
ප්‍රශ්නය : විවාහය කවදා සිදුවේද?
පිළිතුර : විවාහය බොහොම ඉක්මනින් සිදුවේවි. නමුත් කනගාටුවෙන් කිවයුත්තක් තියෙනවා. මෙච්චර කල් විවාහය ප්‍රමාද වීම ගැන. ඉදිරි කාලයේ ඔබට ඒතරම් යහපත් වේ යැයි මට කියන්න අමාරුයි. අනත්ත දුක් කරදරවලට මුහුණ දෙන්න වේවි. නමුත් වැරැදි තීරණ ගන්න එපා. අවුරුදු 40 දී විවාහය වෙන්න පුළුවන්.
කොත්මලේ - සරත්
ප්‍රශ්නය : දුක් කම්කටොලුවලින් පිරුණු ජීවිතය සාර්ථක වෙන්නේ කවදාද?
පිළිතුර : ඔබේ ජීවිතයේ ගැටලු ඔබ විසින් නිර්මාණය කර ගත්තක්. ඔබ ආගම දහමට ළැදිව කටයුතු කරන්න. කේන්ති ගැනීම අඩු කරන්න. හැකි පමණ මෛත්‍රි භාවනාව ප්‍රගුණ කරන්න.

ඕපාත - වත්සලා
ප්‍රශ්නය : මගේ විවාහය කවදා කුමන අයකු සමඟ සිදුවේද?
පිළිතුර : ඔබේ විවාහ සහකරු ආගම දහමට ළැදි කෙනෙක්. ඔබට ගොඩාක් ගැළපෙන කෙනෙක් ලැබුණද ගෙදරින් ටිකක් කරදරවලට මුහුණ දෙන්න වේවි. නපුරු කාලය ගතකරල ඉවරයි. හොඳ කාලය එන්නෙ ඉදිරියට.
මාතර - එන්. චාමර
ප්‍රශ්නය : මගේ විවාහය කවදා සිදුවේද?
පිළිතුර : පාපී ලග්නයක්. බොහොම හොඳට හොයල බලල විවාහ විය යුතුයි. ගැළපෙන කෙනා සොයා ගැනීම අමාරු වෙනවා. බොහෝ විට වයසින් බාල කෙනෙක් විවාහ වේවි. දැන් සිටම ඔබ කරණීය මෙත්ත සූත්‍රය, දසදිසා පිරිත කටපාඩම් කර ගැනීම හොඳයි. ඒක ඔබට ගැටලු නිරාකරණය කරගැනීමට හේතුවෙනවා. ඒ වගේම ගතවන කාලය ටිකක් විවාහයට හොඳ නැති නිසා වසර තුනක්වත් විවාහය කල් දැම්මාට කමක් නැහැ.
ගලගෙදර - වාසනා 
ප්‍රශ්නය : රජයේ පිළිගත් රැකියාවකට වාසනාව තිබේද?
පිළිතුර : ඔබට උසස් පෙළ සමත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් කිහිප වතාවක් උත්සාහ කරන්න වෙනවා. ගණකාධිකාරිවරයකු වීමට පුළුවන්. රජයේ රැකියාවකටද හිමිකම් තියෙනවා. අපල කාලයක්. ජීවිතය හොඳින් කළමනාකරණය කරගන්න.

පුත්තලම - ෂොනාලි
ප්‍රශ්නය : ඉදිරි අධ්‍යාපන කටයුතු කෙසේද?
පිළිතුර : උපන් ප්‍රදේශයේ ඉන්නෙ නැහැ. උපන් ප්‍රදේශයෙන් පිටවෙනවා. බොහෝ දුරට විදේශයකට යන්න පුළුවන්. පිටරටකට යෑම වගේ දෙයක් සාමාන්‍යයි. පියාට මුල් කාලයේ ළැදි වුණත් පසුකාලීනව නැහැ. මාර්ග අනතුරු ආදියෙන් පරිස්සම් වීම හොඳයි. සතුරු කරදරවලට මුහුණ දෙන්න වෙනවා. අධ්‍යාපනය හොඳින් කරගනීවි. වාසනාවන්ත විවාහයකට හිමිකම් කියනවා.
හොරණ - විහංගි
ප්‍රශ්නය : අධ්‍යාපනය, රැකියාව හා ඉදිරි අනාගතය කෙසේද?
පිළිතුර : ගතවෙන්නෙ හොඳ කාලයක් නෙවේ. වසර තුනක් පමණ වනතුරු ගොඩාක් අපල වලට මුහුණ දීමට සිදුවෙනු ඇති. ධන ලාභ තියෙනවා. විවාහය ගැටලු සහිත නිසා සොයා බලා කරන්න. මිත්‍රයකු සමඟ විවාහ වේවි. ශනි මංගල යෝගය පිහිටා තියෙනවා.

සුමාලි
ප්‍රශ්නය : මට අපල තියෙනවද?
පිළිතුර : ඔව්. ඔබට යන්නෙ අපල කාලයක්. බොහොම පරිස්සම් වෙන්න. ලිංගාශ්‍රිත රෝගාබාධ වැලඳීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරීව වැඩ කරන්න. උදේ කාලය උණුවතුර ස්නානය කිරීම හොඳයි. වියළි මාංස ආහාරයට ගන්න එපා. මෛත්‍රී භාවනාව ආදිය කිරීම හොඳයි. උදේ කාලය කරණීය මෙත්ත සූත්‍රය ගායනය කරන්න. අපල දුරුවේවි. නිදා ගන්න කාලය ටිකක් වැඩිකළාට කමක් නැහැ.
ද සිල්වා
ප්‍රශ්නය : මාගේ විවාහය හා රැකියාව කුමක් වේද?
පිළිතුර : විවාහය ටිකක් ප්‍රමාද වේවි. සහකරු එතරම් ප්‍රබල කෙනෙක් නොවේ. ගතකරන කාලය එතරම් සුබදායක නැහැ. ධන ලාබ පිහිටල තියෙනව. ගුරු වෘත්තිය වගේ දේකින් ඔබට ලාභ ප්‍රයෝජන තියෙනවා. පියාගෙන් යහපත නැහැ. ධෛර්යවන්ත ගතියද අඩුයි. තනිවම නැඟිටින්න වෙනවා.
හෝමාගම - අකලංක
ප්‍රශ්නය : මගේ එකම පුතු හිතුවක්කාර ලෙස විවාහ වුණා.
පිළිතුර : සාමාන්‍ය පවුලක ඉපදිලා දරුවන් හදල පවුලක් නඩත්තු කරනව කියන්නෙ පොඩි දෙයක් නොවේ. මේ ලග්නයට අනුව මොහුට යන වියදම් විවාහ වුණත් නැතත් තියෙනවා. ඒ වගේම අපල කාලයක් ගත වෙන්නෙ. පවුලක් හදාගන්නව කියන්නෙ ඉතින් විශාල ආයෝජනයක් කළා වගේ තමයි. දරුවො කිහිප දෙනෙක් ඉන්නකොට ඒ අය ලොකු වුණාම මවුපියන්ට සලකාවි නේද? එතකොට අපල කාලය ගෙවන කාලය. ටිකක් ඔහුට උදවු කරන්න.

කේ.ජී. හීන් මැණිකේ
ප්‍රශ්නය : ඉදිරි අනාගතය කෙසේද?
පිළිතුර : විශේෂයෙන් හුඟක් පරිස්සම් විය යුතුයි. වකුගඩු ආශි්‍රත රෝග සෑදීමට ඉඩ තියෙනවා. කෑම බීම වතුර ආදිය පිළිබඳ හොඳින් සැලකිලිමත් වෙන්න. හැකිනම් උදේට ස්නානය කිරීමට හුරුවෙන්න. සවස 01, 02, 03 කාලයේ ටිකක් නිදා ගැනීම හොඳයි. සවස බෝධි පූජා කරන්න.
කසුනි
ප්‍රශ්නය : A/L විභාගය සමත් වී විද්‍යාපීඨයට යෑමට හැකිද? 
පිළිතුර : ඔබට විවාහය සමත් වෙන්න පුළුවන්. ඒ වගේම විද්‍යා පීඨයට යන්නත් පුළුවන්. ඔබට ධනය ලැබෙන්නෙ ගුරු වෘත්තිය වැනි වෘත්තියකින් තමයි. පළමුවැනි වර නොහැකි වුණොත් දෙවැනි වර උත්සාහ කළ යුතුයි. ඒ වගේම ඔබ පාරෙ යනකොට ඉතාම කල්පනාවෙන් ගමන් කරන්න. මාර්ග අනතුරු ආදියෙන් පරිස්සම් විය යුතුයි. ආගමික කටයුතුවලට මුල් තැනදී කටයුතු කරන්න.
හසන්ති
ප්‍රශ්නය : මාගේ විවාහය සිදුවන්නේ ප්‍රේම සම්බන්ධයකින්ද?
පිළිතුර : ඔබේ ප්‍රේමය විවාහයක් බවට පත් වෙනවා. ඒ සබඳතාව ඇතිවෙන්නේ උසස් අධ්‍යාපන ආයතනයක. විශේෂත්වය ඔබට එම කාලයේ ප්‍රේම සබඳතා දෙකක් ඇතිවෙනවා. නමුත් මේ දෙදෙනා එකිනෙකට වෙනස් දෙන්නෙක්.

ප්‍රශ්නය
සී.එම්. පතිරණ - මාතර
ප්‍රශ්නය : මගේ විවාහය කවදා සිදුකර ගත හැකිද?
පිළිතුර : ඔබේ ජීවිතයට ප්‍රේමය ඉතා තදින් බලපානවා. ප්‍රේම කරන්න ගොඩක් අය කැමැති වුණාට විවාහ වෙන්න අකමැති අය ගොඩක් වැඩියි. ඒක නිසා විවාහයෙන් පසුව ටිකක් තදින් ප්‍රේම කළාට කමක් නැහැ. දැනට ප්‍රේමය ඔබේ ජීවිතයේ විනාශය නොවිය යුතුයි. පොරොන්දම් ගළපා බලා විවාහ වෙන්න. කොහොම නමුත් විවාහය ඔබ කල් දමා තියෙන එක හොඳ නැහැ.
ෂර්ලි බොස්ටන්
ප්‍රශ්නය : විවාහය කොයි කලෙක සිදුවේද?
පිළිතුර : ඔබේ ප්‍රේමන්තිය ඔබට වඩා වයසින් වැඩි කෙනෙක් හෝ වයස ඉතා අඩු කෙනෙක් වෙන්න පුළුවන්. උත්සාහ කළොත් ඕනෑම කාලයක විවාහ වෙන්න පුළුවන් විවාහ දෝෂ නැහැ.
දෙවිනි සංජුලා
ප්‍රශ්නය : විවාහය කුමන කාලයක, කෙබඳු අයෙක් සමඟ සිදුවේද?
පිළිතුර : සාමාන්‍ය වශයෙන් මේ ලග්නය විවාහය ටිකක් ප්‍රමාද වන ලග්නයකි. නමුත් හොඳ ධෛර්යයක් තියෙනවා. පියාට ටිකක් අලයි. මවටත් ඒ වගේම අපල තියෙනවා. කුජ ලග්නයේ සිට හත්වැන්න දකිනව. ශනි හත්වැන්නේ සිටිනව. මේක ශනි මංගල යෝගය උදාකරන පිහිටීමක්. විවාහය යෝජනාවකින් කිරීම හොඳයි. මේ කාලය විවාහයට හොඳ කාලයක්. කේන්ද්‍ර බලා ගැළපෙනවා නම් පමණක් කිරීම යහපත්.

සිංහ
ප්‍රශ්නය : මගේ ඉඩම සමඟ නිවෙස විකුණා ගත හැකිද?
පිළිතුර : ඔබට ධන ලාභයක් තියෙනවා. ඒක ඉඩමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. බොහෝ දුරට සහෝදරත්වයක් ඔබට උදා කරාවි. සහෝදරයගේ උදවු උපකාර ඇතිව ඔබේ මේ කටයුත්තට බහින්න අනිවාර්යයෙන්ම සාර්ථක වෙනව.
ආර්. ගිම්හානි
ප්‍රශ්නය : මගේ දියණියගෙ අනාගතය කෙසේද?
පිළිතුර : එතරම් සාර්ථක යැයි කියන්න බැහැ. මේ දක්වා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න කෙනෙක්ද කියලා සොයා බලන්න. හැබැයි කවුරු වුණත් හොඳ ධෛර්යවන්ත කෙනෙක්. මේ දරුවාගේ මවට ටිකක් අපලයි. එතරම් යහපතක් පේන්න නැහැ. ටිකක් පිනට දහමට යොමු කරන්න.
එස්. ගුණතිලක
ප්‍රශ්නය : මගේ නැඟණියගේ අනාගතය කොයි වගේද?
පිළිතුර : ඇත්තටම ඔබේ නැඟණියගේ ප්‍රේමවන්තයාගේද හඳහන අවශ්‍යයි. මේ දේ කියන්න. මොකද සහකරුට අනුව දෛවය සම්පූර්ණ වෙනස් වෙනව. නමුත් කියන්න පුළුවන් එක දෙයයි. ඒ තමා මේ කාලය මෙම ලග්නයට එතරම් හොඳ කාලයක් නොවේ. ඒ වගේම මෙම ලග්නය විවාහයට එතරම් හොඳ නැහැ. ශනි මංගල යෝගය පිහිටල තියෙනවා. කුජ හතර වැනි දෘෂ්ටියේ හත්වැන්න දැකීම හොඳ නැහැ.

නෙළුම් - කොපියාගම
ප්‍රශ්නය : ඔබ මීට කලින් පැවැසූ පෞද්ගලික පන්ති ආරම්භ කරල දැන් සාර්ථකයි?
පිළිතුර : ඇත්තටම සතුටුයි ඒ පිළිබඳව. ඔබට හොඳ ඥාන කාරක යෝගයක් තියෙනවා. ඒ වගේම චතුර කථිකත්වයක් පිහිටා තිබෙනවා. ධන යෝග කිහිපයක් ලග්නයේ පිහිටා තිබෙන නිසා. පෞද්ගලික පන්ති පැවැත්වීමෙන් විශාල ධනයක් ඉපැයීමේ හැකියාව තිබෙන අතර ඉංග්‍රීසි විභාගය සමත් වීමද සිදුවේවි. ඒ වගේම රජයේ  ගුරු විද්‍යාලයට ඇතුළු වීම එතරම් දෙයක් නොවේ. තවත් කෙනෙක් ඔබේ පෞද්ගලික පන්ති කටයුතු සඳහා සම්බන්ධ කරගන්න.
ඩී.එම්. ගුණවර්ධන
ප්‍රශ්නය : මගේ පුතාගෙ අනාගතය හා අධ්‍යාපනය?
පිළිතුර : උපන් දිනයත් සඳහන්ව තිබුණා නම් හොඳයි. නමුත් කිසිදේකට බය වෙන්න එපා. මේ ළමයට වෛද්‍යවරයෙක් දක්වා ඉගෙනීමේ හැකියාව තිබෙනවා. අනාගතය ඉතාම සාර්ථක එකක් බොහෝ විට අධ්‍යාපනයට පිට රටකට යෑමේ වාසනාව තියෙනවා.

ගයාන්
ප්‍රශ්නය : මගේ විවාහය කවදා සිදුවේද?
පිළිතුර :

මොස්කව් සහ කෝලා යන රුසියානු යුද නෞකා දෙක සුහද චාරිකාවක් සඳහා පසුගිය දින කොළඹ වරාය වෙත පැමිණ තිබේ.
ලෝක වෙළඳ‍පොළේ බොර තෙල් මිල අමෙරිකානු ඩොලර් 60 සීමාව දක්වා පහළ වැටී ඇති අතර එය පසුගිය පස්වසරක දී වාර්තා වූ අඩුම මිල ලෙස
2015 වසරේ මැද භාගය වනවිට ශ්‍රී ලංකාවේ සේලයින් නිෂ්පාදන ස්ථාපිත කිරීමට චීන සමාගමක් අමෙරිකානු ඩොලර් මිලියන 20ක් ආයෝජනයට
ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද පති‍්‍රකා අද සිට බෙදා හැරීමට පියවර ගන්නා බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
දිවයින පුරා ඇති සියලු ම බන්ධනාගාර සඳහා බස්රථ හා බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා කැබ්රථ ලබාදීම පුනරුත්ථාපන හා බන්ධනාගාර

International

ලෝක වෙළඳ‍පොළේ බොර තෙල් මිල අමෙරිකානු ඩොලර් 60 සීමාව දක්වා පහළ වැටී ඇති අතර එය පසුගිය පස්වසරක දී වාර්තා වූ අඩුම මිල ලෙස විදෙස් වාර්තා පවසයි.
තුර්කි සිරියා දේශසීමාවේ පිහිටි කොබානේහි සිටින ධ්ඉ ත්‍රස්තවාදීන් වෙත එල්ල කළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර ඉතා සාර්ථක වූ බව වාර්තා වේ. සිරියානු කුර්දි භටයන් ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාර ඉතාම සාර්ථක
ඇෆ්ගනිස්ථානයේ ඊයේ (08දා) එල්ලා මැරීමට නියමිතව සිටි ස්ත්‍රී දූෂක සැකකරුවන් ඝාතනය නොකරන ලෙස මානව හිමිකම් සංවිධාන නව ඇෆ්ගන් නායක අෂ්රෆ් ගානිගෙන් ඉල්ලා සිටියේය.