Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


විවාහය සිදුවන්නේ ප්‍රේම සම්බධයකින්ද?

ගලගෙදර - වාසනා ප්‍රශ්නය : රජයේ පිළිගත් රැකියාවකට වාසනාව තිබේද? පිළිතුර : ඔබට උසස් පෙළ සමත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් කිහිප වතාවක් උත්සාහ කරන්න වෙනවා. ගණකාධිකාරිවරයකු වීමට පුළුවන්. රජයේ රැකියාවකටද හිමිකම් තියෙනවා. අපල කාලයක්. ජීවිතය හොඳින් කළමනාකරණය කරගන්න.

Mawbima, 2013-09-12 02:00:00

ගලගෙදර - වාසනා ප්‍රශ්නය : රජයේ පිළිගත් රැකියාවකට වාසනාව තිබේද?
පිළිතුර : ඔබට උසස් පෙළ සමත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් කිහිප වතාවක් උත්සාහ කරන්න වෙනවා. ගණකාධිකාරිවරයකු වීමට පුළුවන්. රජයේ රැකියාවකටද හිමිකම් තියෙනවා. අපල කාලයක්. ජීවිතය හොඳින් කළමනාකරණය කරගන්න.

පුත්තලම - ෂොනාලි
ප්‍රශ්නය : ඉදිරි අධ්‍යාපන කටයුතු කෙසේද?
පිළිතුර : උපන් ප්‍රදේශයේ ඉන්නෙ නැහැ. උපන් ප්‍රදේශයෙන් පිටවෙනවා. බොහෝ දුරට විදේශයකට යන්න පුළුවන්. පිටරටකට යෑම වගේ දෙයක් සාමාන්‍යයි. පියාට මුල් කාලයේ ළැදි වුණත් පසුකාලීනව නැහැ. මාර්ග අනතුරු ආදියෙන් පරිස්සම් වීම හොඳයි. සතුරු කරදරවලට මුහුණ දෙන්න වෙනවා. අධ්‍යාපනය හොඳින් කරගනීවි. වාසනාවන්ත විවාහයකට හිමිකම් කියනවා.

හොරණ - විහංගි
ප්‍රශ්නය : අධ්‍යාපනය, රැකියාව හා ඉදිරි අනාගතය කෙසේද?
පිළිතුර : ගතවෙන්නෙ හොඳ කාලයක් නෙවේ. වසර තුනක් පමණ වනතුරු ගොඩාක් අපලවලට මුහුණ දීමට සිදුවෙනු ඇති. ධන ලාභ තියෙනවා. විවාහය ගැටලු සහිත නිසා සොයා බලා කරන්න. මිත්‍රයකු සමඟ විවාහ වේවි. ශනි මංගල යෝගය පිහිටා තියෙනවා.

සුමාලි
ප්‍රශ්නය : මට අපල තියෙනවද?
පිළිතුර : ඔව්. ඔබට යන්නෙ අපල කාලයක්. බොහොම පරිස්සම් වෙන්න. ලිංගාශ්‍රිත රෝගාබාධ වැලඳීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරීව වැඩ කරන්න. උදේ කාලය උණුවතුර ස්නානය කිරීම හොඳයි. වියළි මාංස ආහාරයට ගන්න එපා. මෛත්‍රි භාවනාව ආදිය කිරීම හොඳයි. උදේ කාලය කරණීය මෙත්ත සූත්‍රය ගායනය කරන්න. අපල දුරුවේවි. නිදා ගන්න කාලය ටිකක් වැඩිකළාට කමක් නැහැ.

ද සිල්වා
ප්‍රශ්නය : මාගේ විවාහය හා රැකියාව කුමක් වේද?
පිළිතුර : විවාහය ටිකක් ප්‍රමාද වේවි. සහකරු එතරම් ප්‍රබල කෙනෙක් නොවේ. ගතකරන කාලය එතරම් සුබදායක නැහැ. ධන ලාබ පිහිටල තියෙනව. ගුරු වෘත්තිය වගේ දේකින් ඔබට ලාභ ප්‍රයෝජන තියෙනවා. පියාගෙන් යහපත නැහැ. ධෛර්යවන්ත ගතියද අඩුයි. තනිවම නැඟිටින්න වෙනවා.

හෝමාගම - අකලංක
ප්‍රශ්නය : මගේ එකම පුතු හිතුවක්කාර ලෙස විවාහ වුණා.
පිළිතුර : සාමාන්‍ය පවුලක ඉපදිලා දරුවන් හදල පවුලක් නඩත්තු කරනව කියන්නෙ පොඩි දෙයක් නොවේ. මේ ලග්නයට අනුව මොහුට යන වියදම් විවාහ වුණත් නැතත් තියෙනවා. ඒ වගේම අපල කාලයක් ගත වෙන්නෙ. පවුලක් හදාගන්නව කියන්නෙ ඉතින් විශාල ආයෝජනයක් කළා වගේ තමයි. දරුවො කිහිප දෙනෙක් ඉන්නකොට ඒ අය ලොකු වුණාම මවුපියන්ට සලකාවි නේද? එතකොට අපල කාලය ගෙවන කාලය. ටිකක් ඔහුට උදවු කරන්න.

කේ.ජී. හීන් මැණිකේ
ප්‍රශ්නය : ඉදිරි අනාගතය කෙසේද?
පිළිතුර : විශේෂයෙන් හුඟක් පරිස්සම් විය යුතුයි. වකුගඩු ආශි්‍රත රෝග සෑදීමට ඉඩ තියෙනවා. කෑම බීම වතුර ආදිය පිළිබඳ හොඳින් සැලකිලිමත් වෙන්න. හැකිනම් උදේට ස්නානය කිරීමට හුරුවෙන්න. සවස 01, 02, 03 කාලයේ ටිකක් නිදා ගැනීම හොඳයි. සවස බෝධි පූජා කරන්න.

කසුනි
ප්‍රශ්නය : A/L විභාගය සමත් වී විද්‍යාපීඨයට යෑමට හැකිද? 
පිළිතුර : ඔබට විභාගය සමත් වෙන්න පුළුවන්. ඒ වගේම විද්‍යා පීඨයට යන්නත් පුළුවන්. ඔබට ධනය ලැබෙන්නෙ ගුරු වෘත්තිය වැනි වෘත්තියකින් තමයි. පළමුවැනි වර නොහැකි වුණොත් දෙවැනි වර උත්සාහ කළ යුතුයි. ඒ වගේම ඔබ පාරෙ යනකොට ඉතාම කල්පනාවෙන් ගමන් කරන්න. මාර්ග අනතුරු ආදියෙන් පරිස්සම් විය යුතුයි. ආගමික කටයුතුවලට මුල් තැනදී කටයුතු කරන්න.

හසන්ති
ප්‍රශ්නය : මාගේ විවාහය සිදුවන්නේ ප්‍රේම සම්බන්ධයකින්ද?
පිළිතුර : ඔබේ ප්‍රේමය විවාහයක් බවට පත් වෙනවා. ඒ සබඳතාව ඇතිවෙන්නේ උසස් අධ්‍යාපන ආයතනයක. විශේෂත්වය ඔබට එම කාලයේ ප්‍රේම සබඳතා දෙකක් ඇතිවෙනවා. නමුත් මේ දෙදෙනා එකිනෙකට වෙනස් දෙන්නෙක්.

සී.එම්. පතිරණ - මාතර
ප්‍රශ්නය : මගේ විවාහය කවදා සිදුකර ගත හැකිද?
පිළිතුර : ඔබේ ජීවිතයට ප්‍රේමය ඉතා තදින් බලපානවා. ප්‍රේම කරන්න ගොඩක් අය කැමැති වුණාට විවාහ වෙන්න අකැමැති අය ගොඩක් වැඩියි. ඒක නිසා විවාහයෙන් පසුව ටිකක් තදින් ප්‍රේම කළාට කමක් නැහැ. දැනට ප්‍රේමය ඔබේ ජීවිතයේ විනාශය නොවිය යුතුයි. පොරොන්දම් ගළපා බලා විවාහ වෙන්න. කොහොම නමුත් විවාහය ඔබ කල් දමා තියෙන එක හොඳ නැහැ.

ෂර්ලි වොට්සන්
ප්‍රශ්නය : විවාහය කොයි කලෙක සිදුවේද?
පිළිතුර : ඔබේ ප්‍රේමවන්තිය ඔබට වඩා වයසින් වැඩි කෙනෙක් හෝ වයස ඉතා අඩු කෙනෙක් වෙන්න පුළුවන්. උත්සාහ කළොත් ඕනෑම කාලයක විවාහ වෙන්න පුළුවන්. විවාහ දෝෂ නැහැ.

දෙවිනි සංජුලා
ප්‍රශ්නය : විවාහය කුමන කාලයක, කෙබඳු අයෙක් සමඟ සිදුවේද?
පිළිතුර : සාමාන්‍ය වශයෙන් මේ ලග්නය විවාහය ටිකක් ප්‍රමාද වන ලග්නයකි. නමුත් හොඳ ධෛර්යයක් තියෙනවා. පියාට ටිකක් අපලයි. මවටත් ඒ වගේම අපල තියෙනවා. කුජ ලග්නයේ සිට හත්වැන්න දකිනව. ශනි හත්වැන්නේ සිටිනව. මේක ශනි මංගල යෝගය උදාකරන පිහිටීමක්. විවාහය යෝජනාවකින් කිරීම හොඳයි. මේ කාලය විවාහයට හොඳ කාලයක්. කේන්ද්‍ර බලා ගැළපෙනවා නම් පමණක් කිරීම යහපත්.

සිංහ
ප්‍රශ්නය : මගේ ඉඩම සමඟ නිවෙස විකුණා ගත හැකිද?
පිළිතුර : ඔබට ධන ලාභයක් තියෙනවා. ඒක ඉඩමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. බොහෝ දුරට සහෝදරයෙක් ඔබට උදා කරාවි. සහෝදරයාගේ උදවු උපකාර ඇතිව ඔබේ මේ කටයුත්තට බහින්න අනිවාර්යයෙන්ම සාර්ථක වෙනව.

ආර්. ගිම්හානි
ප්‍රශ්නය : මගේ දියණියගෙ අනාගතය කෙසේද?
පිළිතුර : එතරම් සාර්ථක යැයි කියන්න බැහැ. මේ දක්වා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න කෙනෙක්ද කියලා සොයා බලන්න. හැබැයි කවුරු වුණත් හොඳ ධෛර්යවන්ත කෙනෙක්. මේ දරුවාගේ මවට ටිකක් අපලයි. එතරම් යහපතක් පේන්න නැහැ. ටිකක් පිනට දහමට යොමු කරන්න.

එස්. ගුණතිලක
ප්‍රශ්නය : මගේ නැඟණියගේ අනාගතය කොයි වගේද?
පිළිතුර : ඇත්තටම ඔබේ නැඟණියගේ ප්‍රේමවන්තයාගේද හඳහන අවශ්‍යයි. මේ දේ කියන්න. මොකද සහකරුට අනුව දෛවය සම්පූර්ණ වෙනස් වෙනව. නමුත් කියන්න පුළුවන් එක දෙයයි. ඒ තමා මේ කාලය මෙම ලග්නයට එතරම් හොඳ කාලයක් නොවේ. ඒ වගේම මෙම ලග්නය විවාහයට එතරම් හොඳ නැහැ. ශනි මංගල යෝගය පිහිටල තියෙනවා. කුජ හතර වැනි දෘෂ්ටියේ හත්වැන්න දැකීම හොඳ නැහැ.

නෙළුම් - කොස්ගම
ප්‍රශ්නය : ඔබ මීට කලින් පැවැසූ පෞද්ගලික පන්ති ආරම්භ කරල දැන් සාර්ථකයි?
පිළිතුර : ඇත්තටම සතුටුයි ඒ පිළිබඳව. ඔබට හොඳ ඥාන කාරක යෝගයක් තියෙනවා. ඒ වගේම චතුර කථිකත්වයක් පිහිටා තිබෙනවා. ධන යෝග කිහිපයක් ලග්නයේ පිහිටා තිබෙන නිසා පෞද්ගලික පන්ති පැවැත්වීමෙන් විශාල ධනයක් ඉපැයීමේ හැකියාව තිබෙන අතර ඉංග්‍රීසි විභාගය සමත් වීමද සිදුවේවි. ඒ වගේම රජයේ  ගුරු විද්‍යාලයට ඇතුළු වීම එතරම් දෙයක් නොවේ. තවත් කෙනෙක් ඔබේ පෞද්ගලික පන්ති කටයුතු සඳහා සම්බන්ධ කරගන්න.

ඩී.එම්. ගුණවර්ධන
ප්‍රශ්නය : මගේ පුතාගෙ අනාගතය හා අධ්‍යාපනය?
පිළිතුර : උපන් දිනයත් සඳහන්ව තිබුණා නම් හොඳයි. නමුත් කිසිදේකට බය වෙන්න එපා. මේ ළමයට වෛද්‍යවරයෙක් දක්වා ඉගෙනීමේ හැකියාව තිබෙනවා. අනාගතය ඉතාම සාර්ථක එකක්. බොහෝ විට අධ්‍යාපනයට පිට රටකට යෑමේ වාසනාව තියෙනවා.

ගයාන්
ප්‍රශ්නය : මගේ විවාහය කවදා සිදුවේද?
පිළිතුර : විවාහයක් සිදුනොවීම පුදුමයක්. නමුත් එහෙම වෙන්න පුළුවන්. ඔබේ ශරීරය ටිකක් මහතයි. වයස නොපෙනෙන කෙනෙක්. ප්‍රේම සබඳතා කැඩිල යනවා. දරුවන්ට අපලයි. චන්ද්‍ර මංගල යෝගය පිහිටල තියෙනවා. රටකජු වගේ දේවල් ආහාරයට ගන්න එපා. අධිශක්තිය ගැටලුකාරී වේවි. උස අඩුකමත් පිහිටල තියෙනව. කෙසේ නමුත් පුවත්පත් දැන්වීමක් දාල උත්සාහ කරන්න. ඔබට පුළුවන් විවාහ වෙන්න.

ආකාශ්
ප්‍රශ්නය : මගේ පුතා මෙවර පැවැත්වුණු ශිෂ්‍යත්ව විභාගය සමත් වේද?
පිළිතුර : ශිෂ්‍යත්ව විභාගය සමත් වීම ගැන බලාපොරොත්තු වෙන්න එපා. මේ ළමයාට වැඩිය කරදර කරන්න එපා. එයාට දරුණු අපල කාලයක් යන්නෙ. වැඩිය අඳින්න පලඳින්න දෙන්න එපා. ගොඩක් පින්දහම්වලට යොමු කරන්න. දැනට මෙයා ගොඩක් දුර්වලයි.

රත්නපුර - චමින්දිකා
ප්‍රශ්නය : ස්ථිර රැකියාවක් ලැබේද?
පිළිතුර : ඔව් ඔබට ස්ථිර රැකියාවක් ලැබෙනවා. ඒ වගේම රැකියාව තුළින් තමයි ඔබට විශාල දියුණුවක් තියෙන්නෙ. බොහෝ විට නීතිවේදියෙක් ළඟ හෝ බැංකුවක රැකියාවක් ලැබීමේ ඉඩකඩ වැඩියි. මේකෙ ධන යෝග පිහිටල තියෙනවා. නමුත් වචන හැසිරවීමේදී ඉතා කල්පනාකාරී වන්න. හැකි පමණ කරණීයමෙත්ත සූත්‍රය භාවිත කරන්න.

ප්‍රසාදි - රත්නපුර
ප්‍රශ්නය : මගේ දියණියගේ විවාහය සාර්ථකද?
පිළිතුර : ඔබේ දියණියට ප්‍රශ්නයක් නැහැ. විවාහ වෙන්න පුළුවන්. විවාහය සාර්ථකව ගෙනයෑමට වුණත් පුළුවන්. නමුත් සහකරුට අපලයි. සහකරු ඉක්මනින් මියයෑම වැනි දෙයක් සිදුවිය හැකියි. ශනි මංගල යෝගය පිහිටල තිබීමත් ඉතාම නරකයි. දසදිසා පිරිත කටපාඩම් කරන්න.

වික්‍රම
ප්‍රශ්නය : මාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේද?
පිළිතුර : ඔව් අධ්‍යාපන කටයුතු සාර්ථක වේවි. ඒ වගේම විදේශ රටකට යෑමේ හැකියාව තියෙනව. පියා සමඟ වැඩි සම්බන්ධතාවක් නොපෙනේ. රජයේ උදවු උපකාර ගැනීමෙන් ලොකු වාසි අත්වෙනවා. ඒ වගේම ඇස්  කණ්ණාඩි පැලඳීමට වුවත් සිදුවේවි. රැකියාව හොදයි. බොහෝදුරට ඔබට පාලන අංශයේ රැකියා ගැළපෙනවා නීති අංශයට වුණත් හොඳයි.

ප්‍රියන්ති - පේරාදෙණිය.
ප්‍රශ්නය : අනාගත දියුණුව කෙසේද?
පිළිතුර : දෙදෙනාගේ ලග්ග හොඳට ගැළපෙනසව අනාගත දියුණුව ඉතාම විශිෂ්ටයි. නමුත් ගතවන කාලය ණයතුරුස් පමණක් නොව ලෙඩ රෝගවලට පවා ඉඩ තියෙනව. විශේෂයෙන් ඔබේ සහකරුට ඉතාම අපලයි. මේ කාලයේ ඔහුට ටිකක් උදවු කරන්න. යම් ආකාරයකට ඔහු දුර්වල වන කාලයක්. තවත් වසර දෙකකින් පමණ හොඳ වේවි.

කේ. ජී. පේමා වඳුරඹ
ප්‍රශ්නය : මාගේ දියණියගේ විවාහය කවදා සිදුවේද?
පිළිතුර : ඔබේ දියණියගේ විවාහය බොහෝවිට තවත් වසරකින් පමණ සිදුවේවි. ලැබෙන සහකරු සිහින් උප සිරුරක් සහිත කෙනෙක් වීමට ඉඩකඩ තියෙනවා. තරමක් වයස පරතරයක් තිබෙන කෙනෙක් වේවි. යෝජිත විවාහයක් වීමට පවා ඉඩකඩ තියෙනව. ඊට අමතරව වැඩිමල් සහෝදරයෙක් වන කෙනෙක්ගේ උදවු උපකාර අනුදැනුම ඇතුව මෙම විවාහය සිදුවීමට ඉඩකඩ ඇති නිසා සහෝදරයාගේ මිතුරෙක් වීමට පුළුවන්.

පුෂ්පකාන්ති රත්නපුර
ප්‍රශ්නය : මගේ අනාගතය කෙසේ ගතවේද?
පිළිතුර : ඔබ ටිකක් තදබල අපල කාලයක් ගත කරල තියෙනවා. දැනට එම අපල බොහොමයක් අඩුයි. අනාගතය වරදක් නැහැ. නමුත් රෝගාබාධ සෑදීමේ ඉඩකඩ වැඩියි. ඒ වාගේම විශාල මුදල් වියදමක් තියෙනවා. ඒක බොහෝවිට ස්නායු රෝගයකට මුදල් වියදම් වීමක් වේවි.

නන්දසේන ගමගේ
ප්‍රශ්නය : ඉගෙනීම සහ විදේශ රටක පදිංචියට යෑමේ හැකියාව ගැන දැනගැනීමට අවශ්‍යයි.
පිළිතුර : උසස් අධ්‍යාපනය සාර්ථක කරගැනීමට හැකි වේදැයි විශ්වාස කළ නොහැකියි. විදේශ රටක පදිංචියට යෑමද සැක සහිතයි. නමුත් විදේශ රැකියාවකට යන්න පුළුවන් වේවි. බොහෝම සතුරු කරදරවලට මුහුණදීමට සිදුවන නිසා කල්පනාවෙන් කටයුතු කිරීම අනිවාර්ය වෙනවා.

කසුනි
ප්‍රශ්නය : A/L විභාගය විභාගය සමත් වී විද්‍යා පීඨයට යෑමට හැකිවේද?
පිළිතුර : ඔබට ඔය දෙකම කරන්න පුළුවන් A/L පාස් වෙන්න පුළුවන්. විද්‍යා පීඨයට යන්නත් පුළුවන්. නමුත් ඔබට රජයේ රැකියාවක්නම් ගැළපෙන්නේ නැහැ. හැකිනම් පෞද්ගලික අංශයේ රැකියාවකට උත්සාහ කරන්න ඒක ඔබට සාර්ථක තත්ත්වයක් ඇතිකිරීමට හේතු වෙනවා.

ඒ. ජී. එස්. ප්‍රභාෂ්වර
ප්‍රශ්නය : දරුවාගේ හඳහනේ ග්‍රහ අපල තිබේද?
පිළිතුර : අපල තියෙනවා නමුත් ඒව ඒ තරම් දරුණු නැහැ. ඒක දරුණු තත්ත්වයකට පත්වෙන්නේ තවත් වසර දෙකකිනි. ඒක නිසා දැන්ම ඉඳල බෝධිපූජා කීරිම් දානමාන කටයුතුවලට සම්බන්ධ කරගැනීම ගස්වලට වතුර දැමීමට හුරුකරවීම වැනිදේ කිරීම තුළින් එම තත්ත්වය අඩුවේවි.

ආරි උදයන්ග
ප්‍රශ්නය : විවාහය, රැකියාවද
පිළිතුර : ඇත්තටම විවාහය රැකියාව තියා ඔබට කෙළින් නැඟිට ගන්නවන්න පුළුවන් කාලයක් නෙවේ. බොහෝම හොඳින් බෝධිපූජාවක් දිගටම කරන්න හැකි පමණ තව වසරක් දෙකක් ඉවසන්න. පින් දහම් කරන්න.

වැල්ලම්පිටිය,ගොතටුව ප්‍රදේශයේ දී අසල්වාසී නිවසේ අය විසින් සිදු කල පිහි ඇනුමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අද උදෑසන වන විට අක්කර අඩි 110,000 ඉක්මවා යාමෙන් පසු ජලාශයේ වාන් දොරටු දහය අඟල්
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද කාඩ්පත් තැපෑලට භාර දීමේ කටයුතු මේ වන විට සූදානම් වෙමින්
අභියාචනාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ඊයේ (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී
දැනට පවතින වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි

International

තුර්කි සිරියා දේශසීමාවේ පිහිටි කොබානේහි සිටින ධ්ඉ ත්‍රස්තවාදීන් වෙත එල්ල කළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර ඉතා සාර්ථක වූ බව වාර්තා වේ. සිරියානු කුර්දි භටයන් ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාර ඉතාම සාර්ථක
ඇෆ්ගනිස්ථානයේ ඊයේ (08දා) එල්ලා මැරීමට නියමිතව සිටි ස්ත්‍රී දූෂක සැකකරුවන් ඝාතනය නොකරන ලෙස මානව හිමිකම් සංවිධාන නව ඇෆ්ගන් නායක අෂ්රෆ් ගානිගෙන් ඉල්ලා සිටියේය. 
ඉරාකයේ හා සිරියාවේ ක්‍රියාත්මක අයි එස් ඉස්ලාම්වාදී සටන්කාමීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කිරීමට ඕස්ට්‍රේලියාවද කටයුතු යොදා තිබේ.