Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


සෑම දෝෂයකටම නිවැරැදි පිළියමක් තිබෙනවා

නිවෙස යනු සෑම කෙනකුගේම සුන්දර සිහිනයකි. තමන්ට පරම්පරාවෙන් නිවසක් ලැබුණද සෑම කෙනෙක්ම තමන් විසින්ම හදා ගන්න නිවසේ ජීවත්වීමටයි වඩාත් කැමති. ඒක නිසා තමයි මවුපියන්ගෙන් ලැබුණු නිවස තමන්ට අවශ්‍ය ලෙස නැවත වෙනස් කරන්නේ. තවත් කොටසකට ජීවත්වීමට සිදුවී තිබෙන්නේ හැමදාමත් කුලී නිවෙසක නැත්නම් රණ්ඩු සරුවල් මැද නෑදෑයන්ගේ, සහෝදරයන්ගේ ගෙවල්වල. මේ සෑම කෙනකුම කැමති තමන්ටම කියලා පුංචි ගෙයක් ‍ෙදාරක් හදාගන්න. සෑම පුද්ගලයකුටම තමන්ගේ ජීවිත කාලයේ ඉටුකර ගනු ලබන දේවල් තුළින් නිවෙස ප්‍රධාන තැනක් ගනී. ජීවිත කාලයක් මහන්සියෙන් හරි හම්බ කරපු දේවල් නිවෙස සඳහා යොදවන්නේ ගොඩක් බලාපොරොත්තු ඇතිව. සමහර අය මේ බලාපොරොත්තු ඉටුකර ගන්න අතර සමහර අය බලාපොරොත්තු ඉටුකරගන්නේ නැතුවම ජීවිතෙන් සමුගන්නවා. නැත්නම් ගෙය බාගෙට හදාගෙන සුසුම් හෙළමින් බලාන ඉන්නවා. කෙසේ වුවත් මහන්සියෙන් හදාගන්නා නිවසේ වාස්තු දෝෂ තිබුණොත් මොකද වෙන්නේ?

Mawbima, 2012-10-18 14:21:00

නිවෙස යනු සෑම කෙනකුගේම සුන්දර සිහිනයකි. තමන්ට පරම්පරාවෙන් නිවසක් ලැබුණද සෑම කෙනෙක්ම තමන් විසින්ම හදා ගන්න නිවසේ ජීවත්වීමටයි වඩාත් කැමති. ඒක නිසා තමයි මවුපියන්ගෙන් ලැබුණු නිවස තමන්ට අවශ්‍ය ලෙස නැවත වෙනස් කරන්නේ. තවත් කොටසකට ජීවත්වීමට සිදුවී තිබෙන්නේ හැමදාමත් කුලී නිවෙසක නැත්නම් රණ්ඩු සරුවල් මැද නෑදෑයන්ගේ, සහෝදරයන්ගේ ගෙවල්වල. මේ සෑම කෙනකුම කැමති තමන්ටම කියලා පුංචි ගෙයක් ‍ෙදාරක් හදාගන්න. සෑම පුද්ගලයකුටම තමන්ගේ ජීවිත කාලයේ ඉටුකර ගනු ලබන දේවල් තුළින් නිවෙස ප්‍රධාන තැනක් ගනී. ජීවිත කාලයක් මහන්සියෙන් හරි හම්බ කරපු දේවල් නිවෙස සඳහා යොදවන්නේ ගොඩක් බලාපොරොත්තු ඇතිව. සමහර අය මේ බලාපොරොත්තු ඉටුකර ගන්න අතර සමහර අය බලාපොරොත්තු ඉටුකරගන්නේ නැතුවම ජීවිතෙන් සමුගන්නවා. නැත්නම් ගෙය බාගෙට හදාගෙන සුසුම් හෙළමින් බලාන ඉන්නවා. කෙසේ වුවත් මහන්සියෙන් හදාගන්නා නිවසේ වාස්තු දෝෂ තිබුණොත් මොකද වෙන්නේ?

ඔබ ජීවිත කාලයක් දුක්විඳ හදාගත් නිවෙසේ වාස්තු දෝෂ තිබුණොත් ඒවා ඔබට පීඩාකාරී ලෙස බලපාන්න පුළුවන්. මෙම දෝෂවලින් පීඩා විඳින අත්දැකීම් ඇති පිරිස් අපේ රටේ කොතෙක් සිටීද, ඔබ දැනටමත් නිවෙසක සිහිනයක් දකින කෙනෙක් නම් ඔබගේ නිවාස සැලැස්ම පළපුරුදු වාස්තු ශිල්පියෙකු ලවා නිර්මාණය කර ගන්න. නැත්නම් පළපුරුදු වාස්තු ශිල්පියකුට පෙන්වා දෝෂ නිවාරණය කරගෙන කටයුතු අරඹන්න. ඔබ දැනටමත් නිවෙස ඉදිකර ඇත්නම් එයද පිළිගත් වාස්තු ශිල්පියකුට පෙන්වා ගෘහයේ දෝෂ නිවැරැදි කර ගන්න. මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. වාස්තු දෝෂ බලන්න ගියපුවහම “ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ” වැඩ තමයි සිද්ධ වෙන්නේ. ඇයි එහෙම කියන්නේ. මෙච්චර අමාරුවෙන් හම්බ කරලා මුළු සේසතම වියදම් කළ ගෙදර දෝෂ නිසා කඩන්න. මෙයින් ඔබ වඩාත් බුද්ධිමත්ව සිතා බලා කටයුතු කිරීමට ඔබට අවශ්‍ය උපදෙස් ලබාදීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.

නිවෙසේ වාස්තු දෝෂයන් තිබෙන බවට දැනෙන්නට හැඟෙන්නේ එම නිවසේ ජීවත් වන පිරිසටයි. එවැනි හැඟීමක් තමන්ට යම් විටෙක ආවොත් කළ හැකි හොඳම දේ වන්නේ පිළිගත් සුදුසුකම් ඇති වාස්තු ශිල්පියකුට පෙන්වා අවශ්‍ය වාස්තු ප්‍රතිකර්ම සිදුකිරීමයි. මීළඟ ප්‍රශ්නය වන්නේ හොඳ වාස්තු ශිල්පියකු සොයා ගන්නේ කොහොමද යන්නයි. ඇත්තටම අද ලංකාවේ තමන්ගේ පරම්පරාවෙන් වාස්තු   ශිල්පය ඉටුකරන ප්‍රාඥයන් ඉන්නවද ඒ වාගේම අත්දැකීම් බහුල ශිල්පය ප්‍රගුණ කළ ශිල්පීන් ඉන්නවා. මෙවැනි කෙනෙකුගේ සහය ලබා ගැනීම සිදුකළ යුතුයි. එවැනි ශිල්පියකු හඳුනාගන්න ක්‍රම කිහිපයක් තිබෙනවා.

1. වාස්තු දෝෂ පමණක් නොව ඒවාට පිළියම් ලබාදීම

2. තමන්ගේම නිවස පරීක්‍ෂා කරන ලෙස කටයුතු කරයි

3. ගෘහහිමියා අසන සෑම වාස්තු ප්‍රශ්නයකටම නොපැකිළව පිළිතුරු ලබා දේ

4. සෑම විටම ගෘහහිමියාගේ වාස්තු ඥානය වැඩිකිරීම සඳහා අමතර වාස්තු උපදෙස් ලබාදෙයි. (අනාගත වාස්තු දෝෂ අවම කිරීම සඳහා)

5. ශිල්පීය මිනුම් ක්‍රම නිශ්චිතව ලබා ගනී.

6. තර්කානුකූලව නවීන විද්‍යාවන්ට ගැළපෙන ලෙස වාස්තු  සංකල්ප පැහැදිලි කරදෙයි.

7. නිවෙසේ සෑම වාස්තු ගැටලුවක් සම්බන්ධවම ගෘහ හිමියාගේ සැකය දුරුකරයි.

8. ලිඛිත වාස්තු විමර්ශන වාර්තා ලබාදෙයි.

9. වාස්තු කෙම් වාස්තු පූජා භාවිත කරයි

10. කැඩීම් බිඳීම් සිදු නොකරයි

වාස්තු කර්මයේ ප්‍රවීණයකු හඳුනාගන්න ඉහත උපදෙස් ඔබට ඉතා වැදගත් වේ. වාස්තු දෝෂ පමණක් ඉස්මතු කොට පෙන්වා ප්‍රායෝගික නොවන විසඳුම් ලබා දෙන සහ නිවස කැඩීමට යෝජනා කරන වාස්තු ශිල්පීන්ගෙන් ඇති පලය කිම. අතක් හෝ කකුලක  තුවාලයක් සුවකර ගැනීමට වෛද්‍යවරයා ළඟට ආ විට එම අත හෝ කකුල කපන්න යෝජනා කරන්නේ නැත. තුවාලයට බෙහෙත් බැඳ එය සුවපත් කරයි. වාස්තු කර්ම දෝෂ සඳහා පිළියම් සහ ප්‍රතිකාර අවශ්‍ය තරම් තිබේ. ඒවා නොදන්න පුද්ගලයන් මිනිසුන්ව තව තවත් අපහසුතාවට පත් කිරීමේ වරදින් ඔවුන්ට මිදෙන්නට නොහැකි බවද සිහිතබා ගත යුතුය.

 වාස්තු දෝෂ සහ යොදා ගන්නා පිළියම්

1. වහලයේ දෝෂ - ජන්ම නැකතට ගැළපෙන දැව ආරෝපණය

2. බ්‍රහ්ම පාදයේ දෝෂ -බ්‍රහ්ම පාදය සක්‍රීය කිරීම

3. ගෘහ පිණ්ඩයේ දෝෂ - කොටස් එකතු කිරීම

4. දිශානුගතකරණයේ දෝෂ - ගෘහ අංග මාරු කිරීම, වර්ණ සංයෝජනය යොදා ගැනීම

5. පාද සටහන් දෝෂ - ද්වාර සක්‍රීය කිරීම

ඉහත ආකාරයටම විවිධ වාස්තු කෙම් වාස්තු පූජා, වර්ණ සංයෝජනය, ජන්ම නැකතට ගැළපෙන දැව භාවිතය, ශාක යොදා ගැනීම මෙන්ම පථවි, ආපෝ,  තේජෝ, වායෝ යන සතර මහා ධාතුන් සමබර කිරීම ආදී වාස්තු කර්ම ක්‍රම උපායන් රාශියක් යොදාගත හැකි බව ඉපැරැණි පුස්කොළ පොත්වල සඳහන්ව ඇත.

බිත්තිය වෙනස් කිරීමේදී වහලය, ජනේලය, උළුවහු, වයරින්, ටයිල් මේ හැම දෙයක්ම කඩා නැවත එක් කිරීමට සිදුවන එක ගැන සිතන්නේ නැහැ. හිතන්නේ බිත්ති ගැන විතරයි. අඩි 10ක බිත්තියකට අඩුම තරමේ රුපියල් ලක්‍ෂයක්වත් වියදම් කිරීමට සිදුවන බව ඔබට වැටහෙන්නේ එය කඩාගත් පසුවයි. එවිට ඔබ ප්‍රමාද වැඩි බව සිතන්න. ඒ නිසා වාස්තු දෝෂ ඉවත් කිරීමේදී කැඩීම් බිඳීම්වලින් තොරව එය සිදුකළ හැකි බව මතක තබා ගත යුතු  අතර වැඩිම වුණොත් ද්වාරයක් හෝ ජනේලයක් යෙදීමට සිදුවේ. මහන්සියෙන් ජීවිත  කාලයක් ගොඩනඟා ගත් නිවසට ආශිර්වාද කොට තමන්ගේ ආගමික ශාස්තෘන්ට වාස්තු සිද්ධාන්තවලට එකඟව පුද සත්කාර කොට භූමි ඥාතීන්ට සහ දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කොට වාසනාවන්ත ගෘහයක් තුළ තමාගේ දුවා දරුවන් සමඟ සතුටින් ධන ධාන්‍යයේ ආඪ්‍යව නිරෝගීමත්ව ජීවත්වීමට ඔබ සැමට වාසනාව උදාවේවා!

වාස්තු ශාස්ත්‍රඥ පේරාදෙණියේ ඩී. යූ. සෙනරත්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය පුදබිම ජලයෙන් යටවී ඇත.
පවතින අධික වර්ෂාවත් සමඟ උඩවලව ජලාශයේ වාන් දොරටු 05න් 04ක් මේ වන විට අඩිය බැගින් විවෘත කර ඇති බව වාර්තා වෙයි.
මාතලේ, නුවර, බදුල්ල සහ නුවර එළිය යන දිස්ත්‍රික්ක වලට නායයෑමේ අවදානමක් පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

International

තුර්කි සිරියා දේශසීමාවේ පිහිටි කොබානේහි සිටින ධ්ඉ ත්‍රස්තවාදීන් වෙත එල්ල කළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර ඉතා සාර්ථක වූ බව වාර්තා වේ. සිරියානු කුර්දි භටයන් ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාර ඉතාම සාර්ථක
ඇෆ්ගනිස්ථානයේ ඊයේ (08දා) එල්ලා මැරීමට නියමිතව සිටි ස්ත්‍රී දූෂක සැකකරුවන් ඝාතනය නොකරන ලෙස මානව හිමිකම් සංවිධාන නව ඇෆ්ගන් නායක අෂ්රෆ් ගානිගෙන් ඉල්ලා සිටියේය. 
ඉරාකයේ හා සිරියාවේ ක්‍රියාත්මක අයි එස් ඉස්ලාම්වාදී සටන්කාමීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කිරීමට ඕස්ට්‍රේලියාවද කටයුතු යොදා තිබේ.