ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් පියාසර කල හැකි මගී ගුවන් යානාව

  👤  2832 readers have read this article !
Published by : MB WEB 2017-01-05 10:59:34

ශබ්දයේ වේගය ඉක්මවා ගිය ප්‍රථම මගී ගුවන් යානය ප්‍රංශය සහ බ්‍රිතාන්‍යනයන් එක්ව 1969දී තනා 1976දී ගුවන් ගමන් ඇරැඹූ කොන්කෝඩ් යානයයි. 2003දී එම ගුවන් යානය විශ්‍රාම ගියා.

ඇමෙරිකාවේ කොලරාඩෝ ජනපදයේ පිහිටා ඇති බූම් ටෙක්නොලිජීස් නම් වූ ගගනයාත්‍රා විද්‍යා තාක්‍ෂණ සමාගමක් විසින් නිර්මාණය කර ඇති Super Sonic Jamboo - Jet the XB- 1 Super Sonic Demonstrator පැයට කිලෝ මීටර් 2,333ක වේගයක්, එනම් ශබ්දයේ වේගය මෙන් දෙගුණයක පියාසර වේගයකින් මගීන් ගෙන යා හැකි ගුවන් යානයක්.

මගීන් 45ක් රැගෙන යා හැකි මෙම ගුවන් යානය 2017 වසරේ අවසානයේ තම ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර, එවිට එම යානය ලන්ඩන් නගරයේ සිට නිව්යෝක් නගරය දක්වා පැය 3කුත් මිනිත්තු 30ක පියාසර කාලයකින් ගමන් කිරීමට සමත් වනු ඇත. වර්තමානයේ ඔබට කොළඹ සිට සිංගප්පූරුවට ගුවනින් යෑමට ගත වෙන කාලයෙන්ම බි්‍රතාන්‍යයේ ලන්ඩන් සිට ඇ. එ. ජ. යේ නිව්යෝක් දක්වා මුළු අත්ලාන්තික් සාගරය හරහාම පියඹා ගොස් ළඟා වීමට මගීන්ට මෙම ගුවන් යානය මඟින් අවස්ථාවක් ලැබෙනවා.

වින්දන අරියවංශ 

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්