අභ්‍යාවකාශයේ සිට ඡන්දය භාවිත කළ ඇමෙරිකානු අජටාකාශගාමියා

  👤  873 readers have read this article !
Published by : MB WEB 2017-01-07 11:15:10

"If You don't vote, You can't complain'' ඔබ ඡන්දය ප්‍රකාශ නොකළහොත් ඔබට මැසිවිලි කීමට අයිතියක් නැතැයි යනු ප්‍රකට ඇමෙරිකානු වැකියක්. එය ජනමත විචාරණවලට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමෙරිකානුවන් බහුතරයකගේ උනන්දුවක් නොමැති වීම හේතුවෙන් සමාජගත වුණු වැකියක්.

නමුත් රට වැසියකු ලෙස ජනමත විචාරණයකට සහභාගි වීම තමන්ගේ යුතු කමක් ලෙස සැලකූ ඇමෙරිකානු නාසා ආයතනයේ අජටාකාශගාමියකු වන ෂේන් කිම්බේ‍රා් පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී තම ඡන්දය අභ්‍යාවකාශයේ සිට ප්‍රකාශ කළා.

මැතිවරණය පවත්වන දිනය වන විට ඔහු අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නැතහොත් International Space Station කාර්යයේ යෙදෙමින් සිටියා. ඔහු තම ඉලෙක්ට්‍රොනික් බැලට්පත අභ්‍යාවකාශයේ සිට පුරවමින් ඇමෙරිකානු ජනපති ධුරයට ඔහු කැමැති අපේක්‍ෂකයාට ඡන්දය ප්‍රකාශ කර සිටියා. ජනමත විචාරණ දිනයන්හිදී අභ්‍යාවකාශ ගත වී සිටින අජටාකාශගාමීන්ගේ ඡන්දය දීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඔවුන් අභ්‍යාවකාශ ගත වෙන දිනයට වසරකට පෙරදී, ප්‍රථමයෙන්ම ඔවුන් ඡන්දය ප්‍රකාශ කරන්නට කැමැති මැතිවරණ තෝරාගෙන, එය දැනුම් දෙන්නට හැකියාව ඔවුන්ට ලැබෙනවා. මැතිවරණයට මාස 6කට පෙර ඔවුන් හට “Voter Registration and Absentee Ballot Request - Federal Post Card Application”යන පෝර්මය නැතහොත් ආකෘති පත්‍රය ලැබෙනවා.

අභ්‍යාවකාශයේ සිට ඡන්දය ප්‍රකාශ කළ ප්‍රථම ඇමෙරිකානු ජාතිකයා ලෙස ඉතිහාසයට එක්වන්නේ, රුසියානු මීර් අභ්‍යාවකාශ ස්ථානයේ සිටියදී 1997 ප්‍රාදේශීය ඡන්දයකට තම ඡන්දය ප්‍රකාශ කළ නාසා අජටාකාශගාමී ඩේවිඩ් වුල්ෆ්ය.

වින්දන අරියවංශ 

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්