ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමත් දකුණු අප්‍රිකාව බලා පිටත් වෙයි

  👤  1477 readers have read this article !
Published by : MB WEB 2017-01-09 14:12:50

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් සහභාගි වන තරග 7කින් යුත් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ සවස දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේය.

අවිශ්ක ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලබන බදාදා (11දා) පුහුණු තරගයකට සහභාගි වීමට නියමිත අතර ලබන ඉරිදා (15දා) දකුණු අප්‍රිකා යොවුන් පිල සමඟ පළමු එක්දින තරගයට මුහුණදීමට නියමිතය. දෙවැනි තරගය 16 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී ද. අප්‍රිකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමඟ තරග 6කට සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ අවසන් මහ තරගය ජනවාරි මස 28 වැනිදා (සෙනසුරාදා) බොලන්ඩ් පාක් හිදී පැවැත්වීමට නියමිත අතර තුන්කොන් තරගාවලිය අවසානයේ දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වන ද්වි පාර්ශවික එක්දින තරග තුනක් පැවැත්වීමටද නියමිතව ඇත.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ලෙස මහින්ද හලන්ගොඩ මහතා කටයුතු කරන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස රෝයි ඩයස් සහ වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් සංචාරයට එක්ව සිටී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon