අප්‍රිකාවට යන විස්සයි-20 පිලට නවක තීක්ෂණත් ඇතුළත්!

  👤  1887 readers have read this article !
Published by : MB WEB 2017-01-10 09:06:43

ජනවාරි 20 වැනිදා සිට ආරම්භ වන තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට නවක වමත් පිතිකරුවකු වන තික්ෂිණ ද සිල්වා ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

චිලව් මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරන තික්ෂිල ද සිල්වා පළමු පෙළ විස්සයි-20 තරග 16කට සහභාගි වී එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 218ක් ලබා ඇති අතර, මේ දිනවල පැවැත්වෙන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී පසුගියදා පැවැති තරගයකදී එස්.එස්.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 92ක්ද ලබාගත්තේය.
නම් කළ ශ්‍රී ලංකා සංචිතයට විස්සයි-20 ජාත්‍යන්තර තරග දෙකක් නියෝජනය කර සිටින රමිත් රඹුක්වැල්ල මෙන්ම සික්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න වැනි තරුණ ක්‍රීඩකයන්ද ඇතුළත් කර ඇතැයි දැනගන්නට ඇති අතර, දිනේෂ් චන්දිමාල්ද එම සංචිතයට එක්කර ඇති බවද පැවැසේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජිලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර, ඩෙංගු රෝගය වැළඳී සිටි ලසිත් මාලිංග කණ්ඩායම ඇතුළත් කර නැතැයිද දැනගන්නට ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්