ඉන්දියාවේ ආකාශ් මිසයිල වියට්නාමයට

  👤  2085 readers have read this article !
Published by : MB WEB 2017-01-10 13:00:48

ඉන්දියාව විසින් වැඩි දියුණු කරන ලද බිම සිට ගුවනට විදිය හැකි ආකාශ් මිසයිල පද්ධති වියට්නාමයට විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන අතර එය ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රතිවාදී රටක් වන චීනයේ දැඩි විමර්ශනයට ලක් වී තිබේ.

එදිරිවාදී ගුවන් යානා හෙලිකොප්ටර් ඩේ‍රා්න යානා යනාදියටද එල්ල කළ හැකි මෙම මිසයිල පද්ධති පිළිබඳ සාකච්ඡා ඉන්දියාවත් වියට්නාමයත් අතර ඇතිවූයේ බ්‍රහ්මෝස් කෘෘස් මිසයිල හා වරුණශාස්ත්‍ර සබ්මැරින් නාශක ටෝර්පිඩෝ වියට්නාමයට සැපයීමෙන් පසුව යැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියාව එහි සුඛෝභ්‍ර - 30 එම්.කේ.අයි. ප්‍රහාරක ජෙට් යානා මඟින් වියට්නාම ප්‍රහාරක ගුවන් නියමුවන් පුහුණු කිරීමද මේ වසරේ ආරම්භ කරනු ඇත.

ඉන්දියාවේ 'ආකාශ්' මිසයිල පද්ධති මිලට ගැනීමට වියට්නාමය දැඩි උනන්දුවක් දක්වන බවද වාර්තා වෙයි.

දෙරට අතර සාකච්ඡා පොදු සැලැස්මක් පිළිබඳ අරමුණ කරා වර්ධනය වන බවත් දෙරටේ ආරක්ෂක ඇමැතිවරුන් ඒ සඳහා ළඟදීම මුණගැසීමට නියමිත බවත් වාර්තා වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්