ඇමෙරිකාවට හෝ මිත්‍ර රටකට ගහන මිසයිල බිම හෙළනවා

  👤  2296 readers have read this article !
Published by : MB WEB 2017-01-11 15:35:38

අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් "ඕනෑම මොහොතක" තම නායකයා කියන ඕනෑම තැනක සිට ගුවන්ගත කිරීමට තමන්ට හැකියාව ඇතැයි උතුරු කොරියාව ප්‍රකාශ කරයි. ඒ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඉදිරි කාලයේදී සාකච්ඡා කිරීම සඳහා උතුරු කොරියාව සූදානම් බව පෙනී යතැයිද සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි.

කොරියානු අර්ධද්වීපය පිළිබඳ උණුසුම් තත්ත්වයක් උද්ගත වූයේ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට තමන් ඉතා ආසන්නව සිටින බැවින් බවත් ඉන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයට වුවද න්‍යෂ්ටික අවියක් එල්ල කිරීමට තමන්ට හැකි වනු ඇති බවත් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රකාශ කළේය.

උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩපිළිවෙළක් ආරම්භ කිරීම ගැන සම්පූර්ණ දෝෂාරෝපණය ඇමෙරිකා එක්සත් ජනපදය භාරගත යුතුව ඇතැයි ද ඇමෙරිකාවේ සතුරු පිළිවෙත ඊට හේතු වූ බවද උතුරු කොරියා විදේශ ඇමැතිගේ ප්‍රකාශකයෙක් මාධ්‍ය හමුවකදී පැවැසීය. උතුරු කොරියාව ඇමෙරිකාවට බලවත් තර්ජනයක් එල්ල කර

ඇතැයි පැවැසූ ඇමෙරිකා ආරක්ෂක ලේකම් අෑෂ් කාටර් (Ash Carter) ඇමෙරිකාවට හෝ එහි මිත්‍ර රටකට එල්ල වන මිසයිල වෙඩි තබා බිම හෙළන බව පැවැසීය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් එරටට තව තවත් තහංචි පැනවීමට හේතුවනු ඇතැයි චීනයත් දකුණු කොරියාවත් ප්‍රකාශ කරයි.

ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon