ව්‍යාජ මුඳල් සමඟ සැකකරුවන් දෙදෙනක් දැලේ

  👤  1810 readers have read this article !
Published by : MB WEB 2017-01-12 09:12:54

ව්‍යාජ මුඳල් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දහවල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය වාර්තා කරයි.

කළුතර උතුර පොලිස් වසමේ කැලිඩෝ හන්දිය අසල දී කළුතර කොට්ඨාශ අපරාද විමර්ශන අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී ව්‍යාජ රු.5,000 නෝට්ටු 57ක් ළග තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 29 සහ 34 යන වයස්වල පසුවන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (12) දින කළුතර උතුර ගරු මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කළුතර උතුර පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්