කේරල ගංජා සමඟ විදේශිකයන් 2ක් අත්අඩංගුවට

  👤  1962 readers have read this article !
Published by : MB WEB 2017-01-12 11:43:28

ශ්‍රී ලංකා මුහුඳු තිරයේ දී මෙරටට කේරළ ගංජා ප්‍රවාහනය කල ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු මෙලෙස නාවික හමුදාව විසින් ඊයේ (11) සවස අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

බෝට්ටුවක් මගින් මෙරටට කේරල ගංජා ප්‍රවාහනය කල ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු මෙලෙස බෝට්ටුවත් සමඟ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව ඔවුන් දෙදෙනා කන්කසන්තුරය පොලිස් මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.

ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 52 ග්රෑම් 200ක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් 24 සහ 33 යන වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකි.

සැකකරුවන් අද (12) දින මල්ලාකම් ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කන්කසන්තුරය පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්