නිවසක හදිසි ගින්නක් හටගනී

  👤  1820 readers have read this article !
Published by : MB WEB 2017-01-12 10:15:13

එරාවුර් පොලිස් වසමේ අම්මාන් කෝවිල් පාර අසල නිවසක ඊයේ (11) සවස ගින්නක් හටගෙන ඇති බවට පොලිස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න ගැන තොරතුරු ලද වහාම ක්‍රියාත්මක වූ කැකිරාව පොලිසිය ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩපවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වේ.

හදිසියේ ඇති වූ ගින්න නිසා නිවසේ කොටසක් විනාශ වී ඇති බවත් ජිවිත හානි සහ තුවාල වීම් කිසිවක් අනාවරණය වී නොමැති බවත් ඔවුන් තවදුරටත් කියා සිටියි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන එරාවුර් පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්