යන යන තැන ඔබ පසුපස පාවෙමින් සෙල්ෆි අරන් දෙන කැමරාවක්

  👤  1703 readers have read this article !
Published by : MB WEB 2017-03-15 12:02:51

සෙල්ෆි රුසියන්ට තිබෙන ලොකුම ගැටලුව, රිසි පරිදි සෙල්ෆියක් ගැනීමට තමා හෝ වෙනත් කෙනකුගේ උපකාරය අත්‍යවශ්‍ය වීම. (මොහොතකට කල්පනා කරලා බලන්න) සිතන්න මේ සෙල්ෆි රුසියන්ට තමන්ගේ මුහුණ, ශරීරය හඳුනා ගනිමින් තමා පසුපස පාවෙමින් සිතූ පැතූ සෙල්ෆි අරන් දෙන පාවෙන කැමරාවක් තිබුණා නම් ඔවුන් හට ජීවිතයේ අනෙකුත් අවශ්‍යතාවන් හට අවධානය යොමු කරන්නට ඉඩක් ලැබෙනවා.

එම සද්කාර්යයකට දායක වෙමින් ලොවට හඳුන්වා දී ඇති හවර් කැමරා පාස්පෝට් එක ඩොලර් 600ක මුදලකට මිලදී ගත්තොත් කැමරාව රඳවා තබා ගැනීමේ කරදරයෙන් මිදී සෙල්ෆි ලබා ගන්නට ලෝලීන්ට පුළුවන.

ග්‍රෑම් 250ක් බර, පැයට කිලෝමීටර් 30ක වේගයෙන් පාවිය හැකි මෙම කැමරාව ඔබේ මුහුණ සහ ශරීරය අන් අයගෙන් වෙන්කර හඳුනාගෙන, ඔබ ඇවිදින, වාහනයක යන සෑම අවස්ථාවකම ඔබ පසුපස එමින් ඔබට අවශ්‍ය ඕනෑම ඉරියව්වක සෙල්ෆි කැමරාවට අතවත් නොතබමින් ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙනවා.

තවද මෙය ඔබට හුරු ඩේ‍රා්න් මෙන් නොව, කැමැති පරිදි පාවෙන විට අතින් අල්ලා ගෙන නිශ්ක්‍රිය කරන්නත් පුළුවන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon