කරන්ගේ ජීවිතය සම්පූර්ණ කළ නිවුන් බබාලා...

  👤  1686 readers have read this article !
Published by : MB WEB 2017-03-15 16:08:07

ජනප්‍රිය හා දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් මේ දිනවල හැමෝගෙම උණුසුම් සුබ පැතුම් ලබා ගන්නේ කුලුඳුලේම නිවුන් දරුවන් දෙදෙනකුගේම පිය පදවිය ලබන්නට වරම් හිමිවූ නිසයි.

සුරතල් දියණියකගේ හා පුතකුගේ පියෙක් වීමේ සතුටින් කාලය ගෙවන කරන් මේ ගැන මාධ්‍යට අදහස් පළ කර තිබුණේ ආඩම්බර හැඟීමකින්. දැනට අවුරුදු 44ක් පමණ වන කරන්ගේ, නිවුන් දරුවන්ට උපත ලබා දුන්නේ වෙනත් කාන්තාවකගෙන් කුලියට ගත් ගර්භාශයකින්. මේ නිසාම ඒ කාන්තාව ගැන කිසිම තොරතුරක් මාධ්‍යට වාර්තා කරලා නැහැ. ෂාරුක්ගේ තුන්වැනි දරුවා වන ඒබ්‍රම්ට උපත ලබා දුන්නේත් මේ විදියටම කුලියට ලබාදුන් ගර්භාශයකයි.

කරන්ගේ මේ සිඟිත්තන් දෙදෙනා පසුගිය මාසයේ මුම්බායි නගරයේ ර්චඵපචදඪ රෝහලේදී උපත ලැබුවා. දරුවන් දෙදෙනා රූහි හා යෂ් නමින් කරන් නම් කළේත් තම මවුපියන්ගේ නම් සිහිවන්නටයි. "ඇත්තෙන්ම දැන් මගේ ජීවිතේම සම්පූර්ණ වුණා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. දැන් මට හැම දේකටම වඩා වටින්නේ මගේ දරුවො දෙන්නා. මවුපියන් වීම ඇත්තටම ලොකු වගකීමක්. මම ඒ වගකීම හරිම සතුටෙන් භාර ගන්නවා. මේ විදියට තමයි බොලිවුඩයේ අලුත්ම ආඩම්බරකාර තාත්තා කුලුඳුල් සිඟිත්තන් දෙන්නා ගැන අදහස් පළ කළේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon