ජපානයෙන් ඔත්තුබැලීමේ චන්ද්‍රිකාවක්

  👤  1143 readers have read this article !
Published by : MB WEB 2017-03-17 19:25:41

පැය 24ක ප්‍රමාදයකින් පසුව, ජපන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් H-IIA යන රොකට් යානය සමඟ තොරතුරු රැස්කිරීමේ චන්ද්‍රිකාවක් වන Radar 5 අති සාර්ථකව කක්ෂ ගතකිරීම සිදුකරන ලදි.

මෙය ඔත්තුබැලීමේ චන්ද්‍රිකාවක් වන අතර මෙම යානය ජපානයේ තනෙගශිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එරට වේලාවෙන් ප.ව.9.20ට කක්ෂ ගත කිරීම සිදු කර ඇත.

මෙම කක්ෂ ගතකිරීම මීට පෙර සිදු කිරීමට නියමිතව පැවති අතර එරට කාලගුණික තත්වයේ පැවති අයහපත් භාවය හේතුවෙන් කක්ෂ ගත කිරිමේ කටයුතු ප්‍රමාද කිරීමට සිදුවී ඇත.

මෙම ජපන් ඔත්තුබැලීමේ චන්ද්‍රිකාව සැතපුම් 300ක් ඉහළ අහසේ උතුරු කොරියානු කලාපය දෙසට ආනතව කක්ෂ ගත කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්