අභිෂේක් අයිශ් විරසක කළ පුංචි ආරාධ්‍යා

  👤  3048 readers have read this article !
Published by : MB WEB 2017-03-19 15:16:05

සිනමා රසිකයන් අමන්දානන්දයට පත් කරමින් සාර්ථකව රංගනයේ යෙදුණ අභිෂේක්-අයිශ්වර්යා හරිම ආදරණීය අඹු සැමි යුවළක්. ඒ වුණත් මේ දවස්වල මේ දෙන්නා පොඩි අමනාපයකින් පසුවෙනවා කියලා ආරංචි වෙනවා.

මේ විරසකයට හේතු වුණේ අයිශ් හා අභිෂේක් අතර ඇතිවුණ වැරදි වැටහීමක්වත් ආදරය අඩුවීමක්වත් නෙමෙයි. ඇත්තෙන්ම කිව්වොත් මේ දෙන්නගේ පුංචි සුරතලිය වන ආරාධ්‍යා බච්චන් නිසා තමයි මේ හිත් අමනාපකම ඇතිවෙලා තියෙන්නේ.

හරිම ආදරණීය පියෙක් විදියට අභිෂේක් බච්චන් තම සිඟිත්තියගේ රංගනයන් බොලිවුඩ් සිනමාවෙන් දකින්න නොඉවසිල්ලෙන් ඉන්න බව සමාජ මාධ්‍යයකට කියා සිටියා. ඒත් තවමත් ආරාධ්‍යා සුරතල් සිඟිත්තියක් නිසා ඇගේ මව නම් මේ කතාවට ඒ තරම් කැමැත්තක් නැහැ. මේ නිසා ආරාධ්‍යාගේ මවුපියන් විදියට අභිෂේක්-අයිශ්වර්යා අතර මත ගැටුමක් ඇතිවෙලා. අභිෂේක් පුංචි ආරාධ්‍යාගේ රංගනය දකින්න නොඉවසිල්ලෙන් පසුවුණත් මවක් විදියට අයිශ් හිතන්නේ පුංචි ආරාධ්‍යාට තවමත් සිනමාවට යන්න තරම් දැනමුතුකමක් නැති බවයි.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon