කාලගුණ අනාවැකි

  👤  1489 readers have read this article !
Published by : MB WEB 2017-03-20 11:49:34

දිවයිනේ බොහෝ  ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

කෙසේ නමුත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයයක සවස් භාගයේ එනම් ප.ව. 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව ඔවුන් තවදුරටත් දන්වා සිටියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල  ප්‍රධාන වශයෙන් වැසි රහිත  කාලගුණික තත්ත්වයක් පවතී 

ඉදිරි පය 24 තුල දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු නොවන බවත් දිවයිනට බස්නාහිරින් වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොන සිට දකුණ දිශා වල සිට හමා එන බවත් ඔවුන් දන්වා සිටියි. සුළගේ වේගය පැයට කිලෝමීටර 20-30 ක් පමණ වේ.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්