ප්‍රේම සබඳතාවක් මරණයෙන් කෙලවර වෙයි

  👤  1736 readers have read this article !
Published by : MB WEB 2017-03-20 12:19:53

ප්‍රේම සබඳතාවක් මත ඊයේ (19) දහවල් තරුණයෙකු විසින් තරුණියක් ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය අනාවරණය කරයි.

අවිස්සාවේල්ල පොලිස් වසමේ යාහැල්ලවත්ත ප්‍රදේශයේ තරුණයෙකු තරුණියකට පිහියෙන් ඇන බරපතල තත්ත්වයේ අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

කලක සිට පැවති ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය කල මූලික පරීක්ෂණ වලදී කරුණු අනාවරණය වී ඇත.

මරණකාරිය 20 හැවිරිදි බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන අතර ඇගේ මළසිරුර අවිස්සාවේල්ල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (20) දින සිදු කිරීමට නියමිත වන අතර ඝාතනය සිදු කල සැකකරු ඝාතනයට උපයෝගී කරගත් පිහියද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද (20) දින අවිස්සාවෙල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වන අතර අවිස්සාවේල්ල පොලිසිය විසින් මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon