'සියලු බෝම්බවල මව': මේ කරුණු දැන සිටියාද?

  👤  1293 readers have read this article !
Published by : MB WEB 2017-04-15 13:10:15

විවාදයට තුඩු දී ඇති වඩාත් විනාශකාරී බෝම්බයක් ඇමරිකානු හමුදාව විසින් සටන් බිමේදී යොදා ගනු ලැබුවේ පළමු වරටයි.

න්‍යෂ්ටික නොවන බෝම්බයේ ඉලක්කය වූයේ ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පිහිටි නන්ගර්හාර් පළාතයි.

GBU-43/B Massive Ordnance Air Blast Bomb (MOAB) නොහොත් 'සියලු බෝම්බවල මව' ඊයේ (අප්‍රේල් 13) හෙළනු ලැබූ අතර ආචින් දිස්ත්‍රික්කයේ පිහිටි ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අයත් උමං ජාලයක් එහි ඉලක්කය වූ බව පැවසේ.

න්‍යෂ්ටික නොවන බෝම්බයක් බැවින් MOAB බෝම්බය භාවිත කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවේ.

MOAB බෝම්බයේ ප්‍රධාන බලපෑම වන්නේ දැවැන්ත පිපිරුම් තරංගයකි. අධි බලැති පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8,164 ක බලපෑම සැතපුමක් දුරට සියලු දිශා ඔස්සේ පැතිර යන බව පැවසේ.

එහි පැතිර යෑම උපරිම කිරීම සඳහා බෝම්බයේ ලෝහමය කොපුව තුනී ඇලුමිනියම් යොදා විශේෂයෙන් සකසා ඇත.

භූගත කඳවුරු සංකීර්ණ සහ උමං මාර්ගවලට හානි කිරීම සඳහා MOAB බෝම්බය විශේෂයෙන් නිර්මාණය කොට තිබේ.

ඉරාක යුද්ධයේදී යොදා ගනු වස් සකසන ලද MOAB බෝම්බයක් නිර්මාණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ එකසිය හැටක් වැයවන බව වාර්තා වේ.

 

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon