හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය අද

  👤  1355 readers have read this article !
Published by : MB WEB 2017-04-15 11:15:36

සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (15) පෙ.ව. 11.04 ට යෙදෙන සුබ මොහොතින් මහනුවර නාථ දේවාලයේ දී පැවැත්වෙන බව එහි බස්නායක නිළමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා පවසයි.

අස්ගිරි මල්වතු උභය මහ විහාර මහනායක ස්වාමීන් වහන්සේලා දෙනමගේ අනුසාශනා පරිදි හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාළිගාව අභියස නාථ දේවාලයේ දී සිදු කෙරෙන අතර මධ්‍යම පළාත් ආණ්කාර නිලුකා ඒකනායක මහත්මියගේ ඉල්ලීම පරිදී මෙවර හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දී පැවැත්වේ.

මින් ඉදිරියට මෙම උත්සවය මහනුවර දළදා මාලිගාව අභියස නාථ දේවාලයේ දී පැවත්විමට රජය තිරණය කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon