රාජ්‍ය සම්මානයක් ලැබීම සතුටක්

  👤  3063 readers have read this article !
Published by : MB WEB 2017-04-14 15:13:12

මෙවර ජනාධිපති සම්මාන උළෙලේදී අමිලත් සම්මානනීය චරිතයක් වුණා. ඒ සම්මානනීයත්වය දැනෙන්නේ කොහොමද කියලා මුලින්ම කියමු..?

ඇත්තම කිව්වොත් ගොඩක් සතුටුයි. 2007දී තමයි මම චිත්‍රපට ගීත සඳහා ගායනයෙන් දායක වෙන්න පටන් ගත්තේ. කාලයත් එක්ක විවිධ ගීත මම ගායනා කළා. ඉතින් 2017දී තමයි මට සම්මානයක් ලැබුණේ. රාජ්‍ය සම්මානයක් ලැබීම ගැන මට සතුටුයි.

සම්මානයක් වෙනුවෙන් බලාපොරොත්තුවක් තියාගෙන හිටියද..?

සම්මානයක් ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තිබුණේ නෑ. හොඳම ගායකයාට හිමි සම්මානය මට ලැබුණේ 2015දී ගායනා කරපු සිනහව අතරින් චිත්‍රපටයේ ගීතය වෙනුවෙන්. හැබැයි සමහර අවස්ථාවල සම්මානයක් ලැබෙයි කියලා පුංචි හැඟීමකුත් දැනුණා.

අමිලට තියෙන්නේ සුවිශේෂ හඬක්. ඒ කටහ¾ඩින් ප්‍රයෝජන ගන්නවා මදියි කියලා හිතෙන්නේ නැද්ද..?

මං කාලයක් තිස්සේ විවිධ ගීත ගයන්න උත්සාහ කළා. මට ලැබෙන ආරාධනා එක්ක ඒ හැමදේම භාරගෙන කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. මම කාලයක් ගත්තා කළ යුතු දේ තෝරා ගන්න. මේ රටේ කලාවට වගකීමකින් දෙයක් දෙන එකයි අපි කරන්න ඕන. ඉතිං මම මගේ මිතුරෙක් එක්ක අලුත් වැඩක් පටන් ගත්තා. ඉතින් ඉදිරියේදී අපි ඒ වැඩෙන් හමුවෙමු.

අලුත් වැඩේ මොකක්ද කියලා කිව්වොත් නරකද..?

ඒ ගැන විස්තර පස්සේ කියන්නම්. අපේ සූදානම අපේම වැඩක් කරන්න.

අමිල කියන්නේ වැඩිපුර ජනප්‍රියත්වය හඹායන කෙනෙක් නෙවෙයි නේද..?

මම හිතන්නේ ඒක හැමෝම දන්නවා. ජනප්‍රියත්වය කියන්නේ කාලයකදී අපිට ඕනවටත් වඩා ලැබුණු දෙයක්. ඉතින් ප්‍රමාණවත් තරම් ලැබුණාම ආයේ හඹාගෙන යන්න අවශ්‍ය නෑනේ. එහෙම හඹාගෙන යන එකේ තේරුමකුත් නෑ. ජනප්‍රියත්වයක් ලැබුණු කාලයේදී හොඳ අත්දැකීම් අරන් ජීවත්වෙන්න ඉගෙන ගත්තම අලුතින් ජනප්‍රිය වෙන්න දෙයක් නෑ.

අමිල කාලයක් රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කළා. දැන් පේන්නවත් නෑනේ...?

මං කරපු වැඩසටහන අවසන් වුණා. ඉතින් දැන් වැඩසටහන්වල නෑ.

ආයෙත් අලුත් වැඩකට ආරාධනා ලැබුණේ නැද්ද..?

ආරාධනා කිහිපයක්ම ආවා. යම් යම් ප්‍රශ්න නිසා මං ඒවා භාරගත්තේ නෑ.

අමිල ප්‍රසංග වේදිකාවල දකින්න ලැබෙන්නෙත් නෑ නේ..?

මම ෂෝස්වලට යන්නේ නෑ. මං ඒක නවත්තලා ගොඩක් කල්. මට ප්‍රසංග වේදිකාව ගැළපෙන්නේ නෑ. මම මුලින් ප්‍රසංගවලට සහභාගි වුණා. ඒත් ගායකයෙක් විදියට මං ඒකෙන් තෘප්තිමත් වුණේ නෑ.

අලුත් නිර්මාණ කරන්න කල් ගන්නේ ඇයි..?

කල් ගන්නවා නෙවෙයි. නිර්මාණවලට මං දායක වෙවී හිටියා. දායක වීමයි, නිර්මාණ කිරීමයි කියන්නේ දෙකක්. මං නිර්මාණවලට දායක වුණා මිසක් අලුතින් නිර්මාණයක් කිරීමට කාලය, මුදල් වෙන් කළේ නෑ. හිමින් හිමින් අලුත් වැඩකින් එළියට එනවා ඉක්මනටම.

අමිල කියන්නේ රැල්ලට යන කෙනෙක් නෙවෙයිද..?

කොහෙත්ම නෑ. මං හිතන්නේ ඒක හැමෝම දන්නවා.

අමිල කලාව කරන්නේ මුදල් වෙනුවෙන්ද..? තෘප්තිය වෙනුවෙන්ද..?

මං කවදාවත් මුදල් වෙනුවෙන් කිසිම දෙයක් කරලා නෑ. මුදල් ඕන නම් මට ඒකට වෙනම මාර්ග තියෙනවා. කලාව කියන්නේ මිනිහෙකුට වැඩකට ඇති දෙයක්. සමහර වෙලාවට යම් අයකුට ආධාර උපකාරයක් වෙනුවෙන් මාත් වැඩ කරලා ඇති. ඒත් මං කලාවෙන් හොයන්නේ තෘප්තිය.

රියැලිටි ෂෝවලින් ආපු අයගෙන් සමහරු මඟ නතරවෙලා. සමහරු ගොඩක් දුර ගිහිං ඉන්නවා. අමිල ඉන්න තැන ගැන සතුටුද..?

ඇත්තටම ඔව්. මම මගේ දක්ෂතාවන්වත්, ජනප්‍රියත්වයවත් අවභාවිත කරලා නෑ. මම ආපු මේ ගමනේදී මාව නම්මගන්න හදපු හැම අවස්ථාවකදීම මට ස්ථාවර තීරණයක ඉන්න පුළුවන් වීම ගැන මට තියෙන්නේ ආඩම්බරයක් වගේම සතුටක්.

ඒ කියන්නේ අමිලව රැල්ලට හසුකරගන්න මාන බලපු අයත් හිටියද..?

ඔව්. ඒ හැමදේකදීම කලාවට තිබුණු කැමැත්ත වගේම අවබෝධය නිසාම මට ඒ වගේ සරල දේවල්වලින් අෑත්වෙන්න පුළුවන් වුණා. හැමදාම කලාවෙන් සමාජයට වැඩක් කිරීමේ අරමුණක අපි ඉන්නවා.

අමිල ටැටූවලට ගොඩක් ආසයි වගේ..?

මං ඊචබබධ වලට ගොඩක් ආසාවෙන් හිටියා. දැන් නම් එහෙම නෑ. ඉස්සර ජ්චඵඩඪධද එකක් විදියට භාවිත කළා. ටැටු කලාව කරන මගේ යාළුවොත් ඉන්නවා. ඒ නිසා තාමත් ඒ දේවල් කරනවා ඉතින්.

අමිල දැන් සැමියෙක් වගේම පියෙක්නේ. කොහොමද පවුල් ජීවිතයේ තොරතුරු..?

මගේ චූටි දුවට දැන් අවුරුද්දයි මාස අටක් වෙනවා. බිරියයි මමයි චූටි දුවයි සතුටින් ඉන්නවා.

නලිනිකා ලක්ෂාණි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්