Google එකෙන් Jacket එකක්

  👤  1803 readers have read this article !
Published by : MB WEB 2017-04-13 09:18:12

Fiber තාක්‍ෂණය උපයෝගී කරගනිමින් Google සමාගම නවතම Jacket එකක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍යවල සඳහන් වේ.

මෙම Jacket එක පැලඳ ඔබේ ස්මාට් ජංගම දුරකතනයේ Bluetooth ඔන් කිරීමෙන් අනතුරුව මෙම Jacket එකේ අත මත ස්පර්ශ කිරීමෙන් හෝ තට්ටු (Tap) කිරීම මඟින් දුරකතනයේ සංඥා පුවරුවේ ඇති යතුරු පාලන කිරීමේ හැකියාව ඔබට ලැබේ.

මෙමJacket  එක පැලඳ ඔබට ගීතයක් ශ්‍රවණය කිරීමට හෝ ශ්‍රවණය කරන ගීතය නැවැත්වීමට අවශ්‍ය වූ විට ඔබ කළ යුත්තේ Jacket එකේ අත මත තම ඇඟිලි දෙක මඟින් දෙවරක් තට්ටු කිරීම වේ. මෙම නවතම Jacket එක මඟින් ඔබගේ ජංගම දුරකතනය පහසුවෙන්ම පාලනය කිරීමේ හැකියාව ලැබේ.

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්