ඩයනා කුමරිය ගැන වසර විස්සක් අමතක කළා - හැරී කුමරු

  👤  1691 readers have read this article !
Published by : MB WEB 2017-04-19 16:16:17

සිය මව වූ ඩයනා කුමරියගේ අභාවයෙන් අනතුරුව විසි වසරක් මුළුල්ලේ ඇය පිළිබඳව "කිසිවක් නොසිතා සිටීමට" දැරූ උත්සාහය ව්‍යවර්ථ වූ කළ මානසික උපදේශන සේවාවල පිහිට පැතූ බව හැරී කුමරු පවසයි.

ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව අනාවරණය කළ ඩයනා කුමරියගේ බාල පුතුවන හැරී කුමරු, විසි වැනි වියේ අගභාගයට පමණ එළැඹෙන තුරුම ඒ වේදනාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත් සඳහන් කළේය.

ඒ අතරවාරයේ තමන් වසර දෙකක් "තනිකරම අවුලක්" වූ බව පවසන ඔහු, එක් අවස්තාවක "සම්පූර්ණ මානසික බිඳවැටීමක" ආසන්නයටම පැමිණි බවත් විස්තර කර තිබේ.

එහෙත් උපදේශන සේවාවල පිහිට පැතීමෙන් අනතුරුව සිය මානසික කඩාවැටීම යථා තත්වයට පත් වූ බවත් 32 හැවිරිදි හැරී කුමරු සඳහන් කරයි

හැරී කුමරු පවසන පරිදි ඔහුගේ ආවේගය පිටකිරීමට අවස්ථාව සලසා දුන් බොක්සිං ක්‍රීඩාවද ඔහු "බේරාගෙන" තිබේ.

මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳව බ්‍රිතාන්‍යය වැනි සමාජයක පවා පවතින පසුගාමී ආකල්ප බිද දැමීමේ අරමුණින් තමන් මුහුණදුන් මානසික ගැටළු පිළිබඳව විවෘතව අදහස් දැක්වීමට ඔහු තීරණය කරන ලද බව ටෙලිග්‍රාෆ් පුවත්පත පවසයි.

සිය සොහොයුරු විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳවන කේට් කුමරිය සමග එක්ව ඔහු Heads Together මානසික සෞඛ්‍යය පිළිබඳ පුණ්‍යායතනයට ආධාර කරයි.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon