ගීතා ආයෙත් වැඩට
කාලයක් නිහඬ වෙලා හිටපු ගීතා ආයෙමත් වැඩ පටන් අරගෙන නේද?
ඔව්. නිහඬ වෙලා හිටියේ මගේ අසනීප තත්ත්වය නිසා. මගේ අතක් කැඩිලා මං මාස 6ක් විතර ඇඳේ හිටියා. මේ අවුරුද්දේ මුල ඉඳලා මම ආයෙත් වැඩ පටන් ගත්තා.
දුවලා, පැනලා අවිවේකීව හිටපු ඔබ පසුගිය කාලයේදී ලැබුණු
නිදහස් කාලය කොහොමද ගෙවා ගත්තේ?
ඇත්තටම ඒක නිදහසක් නෙවෙයි. මං ඒ කාලය ගෙවා ගත්තේ හරි අමාරුවෙන්. මගේ වැඩ මං කරගෙන ඉන්නවා නම් එතකොට මං නිදහස්. ඒත් අසනීප වෙලා ඉද්දි මගේ වැඩ ඔක්කොම මට තනියම කරගන්න බැරි වුණා. මට කවන එක, නාවන එක වගේ හැමදේම කළේ අනිත් අය. ඉතින් මං හරිම අමාරුවෙන් ඒ කාලෙ හිටියේ.
වැඩිපුරම හොයන්නේ නිදහසද? එහෙමත් නැත්නම් කාර්යබහුලත්වයද?
මෙහෙමයි. ගොඩක් කාර්යබහුල වෙද්දි හිතෙනවා පොතක් බලලා ටී.වී. බලලා නිදහස් වෙලා සැහැල්ලුවෙන් ඉන්න එක හොඳයි කියලා. හැබැයි මට වැඩක් කරන්නේ නැතිව ඉන්න බෑ. වැඩක් නොකර නිදහස හොයනවා කියන්නේ බොරු සිතුවිල්ලක්. මට එහෙම ඉන්නවා නම් ඉන්න පුළුවන් දවසයි දෙකයි.
අසනීපෙන් හිටපු කාලේ ක්ෂේත්රයේ අයත් ඔබව වැඩවලින් නිදහස් කරලද තිබුණේ?
නෑ. මට වැඩවලට කතා කළා. සාමාන්‍යයෙන් ඉතින් මට ගොඩක් වැඩවලට කතා කරන්නේ නෑ. මං ගොඩක් වැඩ කරන කෙනෙකුත් නෙවෙයිනේ. අද කාලේ හැටියට අදාළ තැනට යොමු කරවන්න සුදුසුම කෙනා නැතත් වෙනත් අයව දානවා. එහෙම යොදවන්නත් බොහෝ පිරිසක් දැන් ක්ෂේත්රයේ ඉන්නවා. එහෙම ඉන්නවටත් වඩා අවශ්‍යමයි කියන කෙනා අරගෙන කරනකන් බලාගෙන ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි මේ.
ඔබ අම්මා කෙනෙක්ගේ, අත්තම්මා කෙනෙක්ගේ වගකීම්වලත් හිර වුණ කෙනෙක්ද?
ඒ පැත්තෙන් නම් මං හරිම නිදහස්. දුව ඉන්නේ වෙනම. මං හරි නිදහස් අම්මා කෙනෙක්, අත්තම්මා කෙනෙක්. මට ඕන වුණාම මට තියෙන්නේ ගිහින් එයාලව බලලා එන්න.
අලුත් නිර්මාණවලට දායක වුණාද?
මේ වෙනකොට චිත්‍රපට දෙකක් සහ ටෙලි නාට්‍යක රූගත කිරීම් කළා. මේ දවස්වල නම් හඬ කැවීම් කටයුතුවලත් යෙදිලා ඉන්නවා.
කැලණි පාලම වේදිකා නාට්‍යයෙත් දිගටම වැඩ කරනවා. මාසෙකට තුන් හතර පාරක් එහි දර්ශනවලට සම්බන්ධ වෙනවා.
ඒ කියන්නේ ආයෙත් කාර්යබහුල වෙලාද?
මේ දවස්වල මට අවුරුදු උත්සවවල අවුරුදු කුමාරි තරගවල විනිශ්චය කරන්න ආරාධනා ලැබෙනවා. කොයිම කාලෙකදිවත් මට ක්ෂේත්රයේ කිනක් නම් ඉන්න ලැබිලා නෑ. මං තනිවෙලා ඉඳලත් නෑ. කලාව නිසා තමයි මං මෙච්චරකල් මෙහෙම ඉන්නේ.
ඉස්සර ඔබට ලැබුණු ප්‍රතිචාරය තාමත් ලැබෙනවාද?
ඇත්තටම ඔව්. අදටත් මගේ නමින් මාව හඳුනන මගේ රසික පිරිසක් මට ඉන්නවා. දැන් ඉන්න නළු නිළියන්ගේ නම්වලින් ඔවුන්ව බොහෝ පිරිස් හඳුනන්නේ නැහැ. අපි කලා කටයුතු නොකළා වුණත් ප්‍රේක්ෂකයෝ අපිත් එක්ක ඉන්න නිසා මට දුකක් නෑ.
වර්තමානයේ තියෙන ටෙලි නාට්‍ය රැල්ලට බොහෝ අය විරුද්ධයි.
ප්‍රවීණ ශිල්පිනියක් විදියට ඔබත් එයට විරුද්ධද?
ඇත්තටම විදේශීය රටවල ටෙලි නාට්‍යවලට හඬ කවලා අපේ රටේ විකාශනය කරනවාට මම විරුද්ධයි. නමුත් දැන් යම් තරමකට මේ තත්ත්වය අඩුයි. කාලය කා දමමින් මිනිස්සු මේවා බැලුවත් එහෙම බලන්නේ ඇයි කියලා ඒ අයත් හිතන්න අවශ්‍යයි. නමුත් එහෙමයි කියලා අපිට ඒවා වර්ජනය කරන්න බෑ. ඉහළින් මේ සම්බන්ධව තීරණයක් ගන්නවා නම් නිකන්ම මේවා නැති වෙලා යයි. අපේ අයට ටෙලි නාට්‍ය කරන්න වගේම විකාශනය කරන්න අවස්ථාව ලැබෙයි. මේ ටෙලි නාට්‍යවලට කැමැති වගේම අකැමැතියි කියන දෙපිරිසක් ඉන්නවා. අපේ රටේ රසික පිරිස මේවායේ හොඳ නරක තෝරා ගන්නවා නම් මේවායින් සිද්ධවෙන රැවටිල්ල ඉබේම නැතිවෙලා යයි.
නලිනිකා ලක්ෂාණි
විනෝදාත්මක
අද මව්බිමෙන්
- නොඑන ගමන ගිය මොරටු විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු සිසුවා 🕔2018-04-23
- කිතුල්ගලදී මියගිය කනිෂ්කගේ මරණ පරීක්ෂණය 🕔2018-04-23
- ගිරිතලේ ජාතික උද්‍යානවල සිටින අලින්ට මුඛ හා කුර රෝගයක් 🕔2018-04-23
- හක්කපටස් වෙඩිල්ලකින් සෙංගල්පඩෙයි අවුරුදු 3ක අලි පැටියෙක් මරුට 🕔2018-04-23
- උතුරෙන් දකුණට මිතුදම් චාරිකාවේ පිරිස කතරගම පුදබිමේ ආගමික වැඩසටහන් රැසකට එක්වෙති 🕔2018-04-23
- විදෙස් සංචාරකයෝ සීගිරිය අවුරුදු උළෙලේදී අලියා සමඟ කඹ අදිති 🕔2018-04-23
- සුළං බාධකයක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව ඇමැති රංජිත් සියඹලාපිටිය කියයි 🕔2018-04-23
- මිරිස්සේ අනවසර ඉදිකිරීම් මැයි 1 වැනිදා ඉවත් කරන්න යයි 🕔2018-04-23
- අක්කර 40ක් විනාශ කරමින් පැතිරුණු ගින්න පිළිබඳව පරීක්ෂණයක් 🕔2018-04-23
- යාල වනෝද්‍යානයේ සොඳුරු දසුන් ගෙනෙන ලාංකේය කොටි 🕔2018-04-23
- අලුත් සැසිවාරයකට පාර්ලිමේන්තුව කල් තැබීම විශාල පාඩුවක් 🕔2018-04-23
- වෙසක් සැමරුම් මුද්දරය 29දා එළි දකී 🕔2018-04-23
- විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් මැති-ඇමැතිවරුන්ට එරෙහි විශ්වාසභංගයට හවුල් පක්ෂවල සහාය 🕔2018-04-23
- නව පාසල් වාරය අද ඇරැඹේ 🕔2018-04-23
- එජාපයේ වෙනසක් විය යුතුයි ඇමැති නවීන් 🕔2018-04-23
- විශ්වාසභංගය නිසා කාරණා දෙකක් සිදුවුණා 🕔2018-04-23
- වික්‍රමසිංහගේ පරාජයේ ගිනස් වාර්තාව 🕔2018-04-23
- සිරකරුවෝ මනුෂ්‍යයෝය 🕔2018-04-23
- ජාතීන් මරා ගෙන යන යුගයක් ඉදිරියටම යයිද? 🕔2018-04-23
- ලංකාව සැබෑ මිනිසුන් වාසය කරන දහම් දිවයිනක් කිරීමට නම්... 🕔2018-04-23
- මැයි දිනට දෙන බොරු පොරොන්දු 🕔2018-04-23
- මහියංගණයේ පාළු නිවෙසක කාන්තා මළ සිරුරු දෙකක් 🕔2018-04-23
- පැරැණි ආරවුලකට තිදරු පියකුට පිහියෙන් ඇනලා 🕔2018-04-23
- මවු රටට ගිය විදේශිකයන් සාක්කි දීමට යළි පැමිණෙන්නේ නම් වියදම් රජයෙන් 🕔2018-04-23
- ලිංගික හිංසන සිදුකළ අයට නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා 🕔2018-04-23
- ඉන්දියාවේ නීති වෙනස් වෙයි ළමා දූෂකයන්ට මරණ දඬුවම 🕔2018-04-23
- රත්රන් තොගයක් ඉන්දියාවට හොරෙන් ගෙන යන්න හැදූ යුවළක් රේගු දැලේ 🕔2018-04-23
- මිරිස්ස වෙරළේ කඩ ඉවත් කිරීම ගැන ඇමැති ෆයිසර්ගේ විරෝධය 🕔2018-04-23
- හැඩය වෙනස් වූ ලංකා සිතියම මැයි අවසන් වීමට පෙර එළියට 🕔2018-04-23
- පොඩි මිනිහාට අප බෙදිය යුත්තේ ලොකු හැන්දකින් 🕔2018-04-23
- බොරු චෝදනා කරමින් මට බනින බැනිල්ලට වෙන කෙනෙක් නම් වහ බොනවා 🕔2018-04-23
- imf ගිවිසුම නිසා තෙල්වලට මිල සූත්‍රයක් එනවා 🕔2018-04-23
- නොපමාව පාර්ලිමේන්තුව විසුරුවන්න 🕔2018-04-23
- දඹුල්ල දිගම්පතහ රක්ෂිතයේ වේවැල් දළ ඇත් පැටවාට පිරිසක් වෙඩි තියලා 🕔2018-04-23
- ඇතින්නියට මඟහැරුණු මාස දෙකේ අලි සිඟිත්තා වනජීවී නිලධාරීන් පිරිසකට හමුවෙලා 🕔2018-04-23
- එංගලන්ත ෙදාස්තර යළි හදවත් සැත්කම් කළොත් සේවා කටයුතුවලින් ඉවත් වෙනවා 🕔2018-04-23
- සාමුහික ගිවිසුමට අනුව වතු කම්කරුවන්ට හිඟ වැටුප් නොගෙවීමෙන් කෝටි 8ක මුදලක් අහිමි වෙලා 🕔2018-04-23
- සතොසට හොර නෝට්ටු දුන් අයට ඇප 🕔2018-04-23
- කම්කරු දිනය 7 වැනිදා සමරන්න උඩරට දමිළ ප්රගතිශීලී පෙරමුණ තීරණය කරයි 🕔2018-04-23
- ඒකීය රාජ්‍ය අහෝසි කිරීමේ කොන්ත්‍රාත්තුව ජවිපෙ භාර අරගෙන 🕔2018-04-23
- සිංහල දෙමළ මුස්ලිම් දරුවන්ට අධ්‍යාපනය දිය යුත්තේ එකම වහලක් යටයි 🕔2018-04-23
- අද මේ රටේ නීතිය වල් වැදිලා 🕔2018-04-23
- ජාතික ආණ්ඩු මිථ්‍යාවෙන් ඉවත් වෙලා එජාපය තනි ආණ්ඩුවක් හදන්න ඕනෑ 🕔2018-04-23
- ආණ්ඩුවේ සිටි කුහකයන් දැන් එළියට ඇවිත් 🕔2018-04-23
- මැණික් ගඟේ දිය නාද්දි දිය වළක වැටී අතුරුදන් ව්‍යාපාරිකයාගේ මළ සිරුර හමුවෙයි 🕔2018-04-23
- අවුරුදු සාදයේදී ඉඩම් ආරවුලක් දුරදිග ගොස් පියාත් මාමාත් රෝහලට 🕔2018-04-23
- විශාල රළ පහරක් සමඟ මුහුදට වැටිලා දුව ගහගෙන ගියා එතකොටම පුතා මුහුදට පැන්නත් දෙදෙනාම ගහගෙන ගියා 🕔2018-04-23
- මළ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණයට රජයේ රස පරීක්ෂකට යොමු කරයි 🕔2018-04-23
- රස පරීක්ෂණ වාර්තාව සති දෙකක් තුළ හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ලබා දෙනවා 🕔2018-04-23
- බිරියගේ ගෙල කපා පුද්ගලයකුට පිහියෙන් ඇන මරා තවකෙකුට පිහියෙන් ඇන පලා ගිය අපරාධකරු සොයා පරීක්ෂණ 🕔2018-04-23
- දෙසතියකට පෙර විවාහ වූ යුවළක් මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට 🕔2018-04-23
- මම හොඳට ක්‍රීඩා කළා: හොඳට ෆිට්: ඉවත් කරන්න සාධාරණ හේතුවක් නැහැ - මාලිංග 🕔2018-04-23
- ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ නව පුහුණුකරු පීටර් ස්ලීප් 🕔2018-04-23
- කොදෙව් පිලට එරෙහි ලෝක කණ්ඩායමට ලංකාවෙන් තිසර පමණයි 🕔2018-04-23
- ගාල්ලේ රොෂේන් දඹුල්ලේ මනෝජ් ශතක වාර්තා කරති 🕔2018-04-23
- ක්‍රිකට් සභාපති තනතුර ගන්නට තිලංග සහ අර්ජුන කරළියට 🕔2018-04-23
- විශ්‍රාම ගිය මැතිඇමැතිවරු බදු නැති වාහන ඉල්ලති 🕔2018-04-23
- මෛත්‍රිගෙන් රනිල්ට තවත් ටොක්කක් 🕔2018-04-23
- අත්තනගල්ලේ වෙඩි තැබීමකින් වැලි ව්‍යාපාරිකයා මරුට 🕔2018-04-23
- DIG උසස්වීම් නොදෙන හේතු අද පොලිස්පතිගෙන් අසයි 🕔2018-04-23
- ජනපති-අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද 🕔2018-04-23
- හොරණ කම්හලේ හිමිකරුට රටින් පිටවීම තහනම් 🕔2018-04-23
- සිරිකොත තුනට බෙදෙයි 🕔2018-04-23
- හිරේට නියම වූ පියා සමඟ යන්න හැදූ දියණිය ගැන ආණ්ඩුකාරවරයාගේ හිත උණු වෙලා 🕔2018-04-23
- පස් හැවිරිදි දරුවා සෙල්ලම් කරන්න AK-47 තුවක්කුවක් ඉල්ලලා 🕔2018-04-23