යතුරු පුවරුවක් නොමැතිව ටයිප් කළ හැකි Tap පටිය

  👤  1692 readers have read this article !
Published by : MB WEB 2017-04-20 16:04:21

ඔබ පන්ති කාමරයක, දේශන ශාලාවක නැති නම් කාර්යාලයේ වැදගත් රැස්වීමක සිටින මොහොතක දුරකතනය අතට ගෙන කෙටි පණිවිඩයක් යැවීම ඔබව අපහසුතාවට පත් කරන අවස්ථාවක් විය හැකියි. එහෙම නැති නම් ඔබට ඔබගේ මිතුරකුට e-mail පණිවිඩයක් යැවීමට අවශ්‍ය නමුත් යතුරු පුවරුවක් ළඟපාත නැති විය හැකියි.

එවැනි අවස්ථාවල ඔබගේ අපහසුතාව මඟහරවා ගැනීමට ඕනෑම මතුපිටක් යතුරු පුවරුවක් බවට පත් කර ගැනීමට හැකි උපාංගයක් ඔබ ළඟ තිබුණොත් කොතරම් අපූරුද? මේ අපූරු උපාංගය "Tap" නමින් හඳුන්වනවා. එය Bluetooth තාක්ෂණය මඟින් ක්‍රියා කරන අතේ ඇඟිලිවලට පැලඳිය හැකි අපූරු උපාංගයක්.

මෙම උපාංගය නිර්මාණය කර තිබෙන්නේ රබර් භාවිතයෙන්. මෙය Bluetooth තාක්ෂණය මඟින් ඕනෑම උපකරණයකට සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා. එහි ඇති පිටතට නොපෙනෙන සංවේදක මඟින් ඔබේ ඇඟිලිවල චලනය හඳුනාගෙන එමඟින් ඔබට අවශ්‍ය පණිවිඩය ටයිප් කිරීම මෙහිදී සිදුවෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ටයිප් කිරීම සඳහා ඕනෑම මතුපිටක් යොදා ගැනීමට ඇති හැකියාවයි.

මෙහි ක්‍රියාකාරිත්වය සිදු වන්නේ ඇඟිලිවල චලන රටා මේ තුළ ඇති සංවේදකවලින් හඳුනාගෙන ඒවා අකුරු බවට පත් කිරීමෙන්. මෙහි අකුරු ටයිප් කිරීමට විවිධ Combinations නැති නම් සංතුලන රටා තිබෙනවා.

හරියටම කිව්වොත් එවැනි රටා 31ක් තිබෙනවා. මේ උපාංගයේ අතේ ඇඟිලි 5ට ප්‍රාණාක්ෂරය (vowels) අනර්තර්ගත වන අතර බොහෝ දෙනෙක්ට පැයක පමණ කාලයකින් ඉගෙනීමට හැකි බව නිර්මාණකරුවන් පවසනවා. එමෙන්ම ටයිප් කිරීම පුරුදු වීමට Tap Genius නමින් චනන එකක්ද නිර්මාණය කර තිබෙනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්