සුභානිට ළඟදීම ලැබෙන පදවිය මොකද්ද?

  👤  3748 readers have read this article !
Published by : MB WEB 2017-04-20 15:42:34

මේ දවස්වල සතුටින් ඉන්නවා කියලා ආරංචියි?

ඔව්. මං හරි සතුටින් ඉන්නේ.

ඇත්තද සුභානි අම්මා කෙනෙක් වෙන්න යනවා කියන්නේ?

ඔව්. තව මාස දෙක තුනකින් මං අම්මා කෙනෙක්.

පවුලට එකතු වෙනවට කැමැති දුවෙක්ද? නැත්නම් පුතෙක්ද?

එහෙම ඉතින් මට විශේෂත්වයක් නම් නෑ. මං ඒ ගැන බැලුවෙත් නෑ. දුවෙක් වුණත් පුතෙක් වුණත් එන්න ඉන්න කෙනාව මම ආදරෙන් භාර ගන්නවා. මොකද ඒ ඉතින් මට හිමි කෙනානේ. එයාව ඉභපනපඪඵඥ එකක් විදියට ලැබෙනවට මම කැමැතියි.

සුභානිගේ සැමියත් ඒ වගේ සප්‍රයිස් එකක්ද බලාපොරොත්තු වෙන්නේ?

එයත් කැමතියි ලැබෙන දුව හරි පුතා හරි ඒ විදියට භාර ගන්න. වැඩි කැමැත්ත කියලා විශේෂත්වයක් තියාගන්න එයා කැමැති නැහැ. අපේ දරුවා කවුරු වුණත් කමක් නැහැ කියලා තමයි එයා කියන්නේ.

තාමත් සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙනවද?

ඔව්. තාමත් ඒ වැඩකටයුතුවලට මම සම්බන්ධ වෙලා ඉන්නවා.

ඒ කියන්නේ මවක් වෙන්න ඉන්නවා කියලා සුභානි වැඩ මඟහැරගෙන නැද්ද?

මෙහෙමයි. දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන්නේ සාමාන්‍ය සංසිද්ධියක්නේ. මට ඒක අලුත් අත්දැකීමක්. ඒත් මම මගේ වැඩකටයුතු නතර කරලා නැහැ. මං ලෙඩෙක් වගේ ඉන්න කැමැතිත් නැහැ. ඒ නිසා වෙනදටත් වැඩියෙන් වැඩ කරගෙන ඉන්නවා.

දැන් ඉන්න තත්ත්වයත් එක්ක වැඩ කරනවාට සැමියාගේ අකැමැත්තක් නැද්ද?

මගේ මහත්තයා ඇත්තටම මං ගැන ගොඩක් හොයලා බලනවා. එයා නම් කියන්නේ අඥතචය එකේ ඉන්න කියලා. නමුත් මම ඒකට කැමැති නැහැ. මම දකින්නේ මගේ අම්මව. මගේ අම්මා ගැහැනු ළමයි තුන්දෙනෙක් හැදුවා. එයා අපිව මේ තත්ත්වයට ගේන්න හැම විදියටම කඩිසරව වැඩ කළා. මං දකින්නේ මගේ අම්මව. මටත් ඒ වගේ වැඩ කරන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනවා. අනිත් එක අපේ දරුවොත් ඒ ආදර්ශය ගනී කියලා මට හිතෙනවා.

බබා ලැබුණම සංගීත වැඩවලින් අයින් වෙනවද?

අනේ නෑ. කිසිම හේතුවක් නිසා මං මගේ වැඩ කටයුතු නතර කරන්නේ නෑ. මම කලායතනයකුත් කරගෙන යනවා. මං වෘත්තීය ගායන ශිල්පිනියක්. මගේ තුන් හිතකවත් එහෙම නම් අදහසක් නෑ. මට පුළුවන් තාක්කල් මේ ක්ෂේත්‍රයේ ඉන්න තමයි මං හිතන් ඉන්නේ.

බබාගේ වැඩත් එක්ක ප්‍රසංගවලට සහභාගි වෙන්න කාලය හොයා ගන්න පුළුවන් වෙයිද?

අපේ ගොඩක් ගායන ශිල්පිනියන් ඉන්නවා බබාලවත් එක්ක ඇවිත් ප්‍රසංගවලට යනවා. අපිට ලැබෙන දරුවොත් හැමදේටම ඔරොත්තු දෙන විදියටයි හැදෙන්න ඕන. මං හිතනවා ඉතින් මට එහෙම වැඩ කරන්න බැරි වෙන එකක් නෑ කියලා.

සුභානි පසුගිය කාලයේ කරපු "ඔබ හමු නොවුණා නම්" ගීතය කලින් ගීත තරම් ජනප්‍රිය වුණාද?

ලාභ සිනා ගීතය තරම් නම් ඒ ගීතය ජනප්‍රිය වුණේ නෑ. ලැබෙන ප්‍රතිචාර අනුව ඒක තාමත් ජනප්‍රිය වෙමින් පවතින ගීතයක් කියලා හිතෙනවා.

"ලාභ සිනා" තරම්ම ඒ ගීතය ජනප්‍රිය නොවුණා කියලා හිතන්නේ ඇයි?

සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ගීතයක් අති ජනප්‍රිය වුණොත් ඊට සමානව ගීතයක් ජනප්‍රිය කරන එක අමාරු කාරණාවක්. මගේ නම කියනවාටත් වැඩිය "ලාභ සිනා" කියලා තමයි මාව හඳුනන්නේ. මං හිතන්නේ නෑ ඒ වගේ තවත් නමක් ආයෙත් හැදෙයි කියලා. මෙතැනදි ඉතින් නිර්මාණයක් ජනප්‍රිය වෙන්න ඒකෙ ගුණාත්මක පැත්තත් බලපානවා. "ඔබ හමු නොවුණා නම්" ගීතයට තිබෙන ප්‍රතිචාරත් එක්ක සාර්ථක තත්ත්වයක තියෙනවා කියලත් හිතනවා.

සුභානිට තවමත් මාධ්‍යවලින් සහයෝගයක් ලැබෙනවාද?

අනිවාර්යෙන්ම. ඒ ගැන මම කියන්නේ සතුටින්. මං ඒ අයත් එක්ක ගනුදෙනු කරන වැඩ කරන විදියට වෙන්නැති ඒ අය මාත් එක්ක ඉන්නේ. මට කිසිම අසාධාරණයක් වෙලත් නෑ. හමෝම මට උදවු උපකාර කරනවා. මගේ මේ අලුත් ආරංචිය දැන ගත්තාම වුණත් හැම මාධ්‍යක්ම මට කතා කරලා ඒ ගැන තොරතුරු අහනවා. මං හිතන්නේ කලාකාරයෙක්ට විය යුත්තේ ඒක. අනිත් එක දැන් මගේ ගීත වුණත් මාධ්‍ය ආයතනවලින් සතුටින් භාර අරගෙන ප්‍රචාරය කරන්න මට උදව් කරනවා. ඒක කලාකාරයෙක්ට ලැබෙන ලොකු වටිනාකමක්.

ළඟදි අලුත් ගීතයක් කරන්න අදහසක් නැද්ද?

තාමත් මං ළඟදි කරපු ගීතය ජනප්‍රිය නිසා තව මාස තුන හතරකින් අලුත් ගීතයක් කරන්න හිතාගෙන ඉන්නවා.

සුභානි කැමැති ඉදිරියටත් ඔබේ ගීත වේදිකාවෙන් ජනප්‍රිය වෙනවටද?

මං මේ මෑතකදි ප්‍රසංග පැත්තට අයිති නොවන වෙනම ගීත කිහිපයක් කළා. කතරගම දෙවියන් වෙනුවෙන් ගීතයක් වීඩියෝ එකක් එක්කම කළා. පත්තිනි දෙවියන් වෙනුවෙනුත්, රාජසිංහ රජුගේ බිසවක් ගැනත් ගීත කිහිපයක් කළා.

මම හිතනවා මගෙන් විය යුතු යුතුකමක් විදියට හැම පැත්තකම නිර්මාණ අපි කරන්න ඕන කියලා. විශේෂයෙන්ම මම දෙවියන් බුදුන් අදහන කෙනෙක් විදියට මගේ හිතේ තියෙන භක්තියට තමා මං ඔය කියපු නිර්මාණ කළේ.

නලිනිකා ලක්ෂාණි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon