ඇමරිකානු සිප ගැනීමේ තරඟයකින් මෝටර් රථයක් දිනූ අපේ කෙල්ල

  👤  2243 readers have read this article !
Published by : MB WEB 2017-04-20 15:17:42

රුවින්ද වීරසිංහ

ඇමරිකාවේ අපූරු තරඟයකින් ඩොලර් 23,108 ක් වටිනා අපූරු මෝටර් රථයක් දිනාගන්න ශ්‍රී ලංකාවේ කාන්තාවක් සමත් වෙලා.

KISS FM කියන ඇමරිකානු රේඩියෝ නාලිකාවක් විසින් "Kiss A Kia" නමින් පවත්වපු මෙම අපුර්ව තරඟයෙදි කරන්න තිබිල තියෙන්නේ මෝටර් රථයක් වැඩිම වේලාවක් සිප ගෙන ඉන්න එකයි.

ඒ අනුව දින දෙකක් පුරා ඇමෙරිකාවේ ඔස්ටින් ප්‍රාන්තයේ, ටෙක්සස් ප්‍රදේශයේ පැවති මෙම සිප ගැනීමේ තරඟයෙන් දිනලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය රසායානාගාරයක සේවය කරන දිලිනි ජයසූරිය කියන ලාංකික තරුණියයි.

තරඟ කරුවන් 20ක් පරදවමින් මෝටර් රථ සිප ගැනීමෙන් ඉදිරියට ආපු දිලිනි මෙම ජයග්‍රහණය ලබලා තියෙන්නේ පැය 50ක කාල සීමාවක් මෝටර් රථය සිප ගෙන සිටීමෙනුයි. 

මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇයට සිප ගන්න සිදු වෙලා තියෙන්නේ අලුත්ම 'Kia, Optima' වර්ගයේ මොටර් රථයක්. ඒ අනුව ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇයට එම වර්ගයේම මෝටර් රථයක් හිමිවන බවයි අදාළ ඇමරිකානු ගුවන්විදුලි නාලිකාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තරඟ ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්  දිලිනි සඳහන් කර තිබුනේ තම ස්වාමි පුරුෂයාටත් තමන්ටත් එකම වහනයක් හුවමාරු කරමින් ගමන් කිරීමට සිදුව තිබු නිසා තමන් මෙම තරඟය වෙනුවෙන් සහභාගී වීමට  සිතු බවයි. 

දිලිනි ජයසූරිය සිය සැමියා සහ අවසන් තරංග කරුවන් 6 දෙනාද සමඟ 


 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon