සල්මන් නිසා ලුලියාටත් තැන

  👤  1122 readers have read this article !
Published by : MB WEB 2017-05-13 15:47:41

බොලිවුඩයේ කඩවසම් නළු සල්මල් ඛාන් සුරූපී නිළියන් කිහිප දෙනෙක් සමඟම පෙමින් බැඳුන කතාව නම් රහසක් නෙවෙයි. මේ අතරින් පසුගිය කාලයේම ඔහුට කටකතා ගෙතුනේ බටහිර පෙනුමක් හිමි lulia vantur නිසයි. මේ දෙන්නා දැනටමත් පෙම්වතුන් යුවළක් විදියට විදෙස් සංචාර වලටත් එකතු වෙනවා.

ඒ වුණත් සල්මන් නම් මේ ගැන හරි තොරතුරක් මාධ්‍යයට කියලා නැහැ. මේ යුවළ ගැන පැතිරෙන අලුත්ම ආරංචිය නම් සල්මන්ගේ රසිකයන්ටත් හොඳ අත්දැකීමක් වේවි.

සල්මන් රංගනයේ යෙදුණ Dabangg චිත්‍රපටයේ 3 වන කොටසේ වැඩ කටයුතු ළඟදීම ආරම්භ කරන්නට සියල්ල සූදානම් බව තමයි ආරංචිය. මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි දෙපළට සල්මන් හා ලුලියා යුවළ සම්බන්ධ කර ගන්නට තමයි අධ්‍යක්ෂක උත්සාහ ගන්නේ.

සල්මන්ගේ සොයුරු අර්බාස් ඛාන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ දමමින් සාර්ථකව තිරගත වෙතැයිද ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්