අයි. සී. සී. කප් එක ගත්තොත් තෑගි මල්ල කෝටි 34යි

  👤  1875 readers have read this article !
Published by : MB WEB 2017-05-15 13:23:50

රටවල් 8ක සහභාගීත්වයෙන් අටවැනි වරටත් පැවැත්වෙන අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී (ICC Champions Trophy) ලබන ජුනි මස 1දා සිට 18දා දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත අතර මෙවර ශූරතාව දිනාගන්නා කණ්ඩායමට හිමිවන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2.2ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 336කි.

තවත් අයුරකින් සඳහන් කළහොත් ජයග්‍රාහි කණ්ඩායමට ලැබෙන මුදලේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 33.6ක් වන අතර මෙවර ශූරයන්ගේ කුසලානයේදී පිරිනමන මුළු ත්‍යාග මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5කි. මෙම මුදල් ප්‍රමාණය මින් පෙර පැවැති 2013 තරගාවලියේදී ලබාදුන් මුළු ත්‍යාග මුදල් ප්‍රමාණයට වඩා ඩොලර් ලක්ෂ 5ක වැඩිවීමකි.

තවද එංගලන්තයේ කාඩිෆ්, එජ්බැස්ටන් හා ඕවල් යන ක්‍රීඩාංගණ තුන යොදා ගනිමින් පැවැත්වෙන මෙම අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක් ලබාදීමට අයි. සී. සී.ය කටයුතු කර ඇති අතර අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 4 ට ඩොලර් හාරලක්ෂ පනස්දහස ({450,000) බැගින් ප්‍රදානය කරනු ඇත.

එසේම සෑම කණ්ඩායමකම 3 වැනි ස්ථානයට පත්වන කණ්ඩායම් දෙකට ඩොලර් අනූදහසක් ({ 90,000) ක් බැගින් ලබාදෙන අතර කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම කණ්ඩායමකම 4 වැනි ස්ථාන හෙවත් අවසන් ස්ථාන ලබාගන්නා කණ්ඩායම්වලට ඩොලර් හැටදහසක් ({ 60,000) බැගින් හිමිවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්