මිනිස් මොළය ඉතාමත් වේගවත්

  👤  2183 readers have read this article !
Published by : MB WEB 2017-05-17 16:14:35

මොළය සෑදී ඇත්තේ නියුරෝන බිලියන ගණනක සංකලනයකිනි. මෙම නියුරෝන එකිනෙකට සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් විදියට තමයි සිරුරේ බොහෝ චලනයන් වගේම ක්‍රියාකාරකම් සිදු වන්නේ.

මෙම ස්නායු එකිනෙක හා සම්බන්ධ වන්නේ සම්පර්කන නැතිනම් සයිනැප්සස් (ඉරදචනඵඥ) හරහායි. තත්ත්පරයක කාලයක් තුළදී මෙවැනි සම්පර්කන ටි්‍රලියන 18ක් ක්‍රියාකරනවා.

අපගේ මොළයේ සාමාන්‍යයෙන් නියුරෝන බිලියන 85ක් තිබෙන බවට පිළිගන්නවා. මේ නියුරෝන අතරේ සම්පර්කන ටි්‍රලියන 18ත් - 32ත් අතර ප්‍රමාණයක් තිබෙනවා. මේවා හරහා සංඥා ගමන් කිරීමට ගතවන්නේ තත්පරයකටත් අඩු කාලයක් නිසා සෑම තත්පරයකම මොළයේ එහා මෙහා යන සංඥා ප්‍රමාණය ටි්‍රලියන 18 සිට 640ක් දක්වා ප්‍රමාණයක් විය හැකියි.

මෙතරම් දත්ත ප්‍රමාණයක් එකවර එහා මෙහා යන තරම් අපේ මොළය සංකීර්ණයි නම් එය සුපිරි පරිගණකයක් වගේ කියලා ඔබ මොහොතකටවත් සිතුවාද? අපේ මොළය සුපිරි පරිගණකයකටත් වඩා වේගයෙන් ක්‍රියා කරනවා. මිනිස් මොළයේ අරුමය එයයි.

අපි ගොඩදෙනෙක් මේ පිළිබඳව නිසි අවබෝධයකින් තොරව ඔහේ කල්මරමින් සිටියත් මොළයේ නිවැරැදි හැකියාව වටහා ගන්නා පුද්ගලයන්ට ජීවිතය ජයගැනීමට මේ මොළයම යොදාගන්න පුළුවන්.

2011 වසරේදි ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණකය නැතිනම් ඉභනඥප ඛ්ධථනභබඥප එක ලෙස කිරුළු පැලඳ සිටි ජපානයේ ම් පරිගණකය (මේ වන විට 7 වැනි ස්ථානය) නිර්මාණය කෙරුණේ මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය අනුකරණය කිරීමේ උත්සාහයක් වශයෙනි. මෙම පරිගණකය නිර්මාණය කිරීමට ප්‍රොසෙසර 83000ක් යොදා ගෙන තිබෙනවා. ඒ සම්පර්කන ටි්‍රලියන 10.4කින් සම්බන්ධ වී ඇති නියුරෝන බිලියන 1.73කට සම කිරීමක් වශයෙනි.

මෙතරම් වේගවත් පරිගණකයක් නිර්මාණය කිරීමෙන් අනතුරුව මිනිස් මොළයෙන් 1%ක ක්‍රියාකාරීත්වයක් කෘත්‍රිමව නිර්මාණය කිරීමට ඔවුන් සමත් වූ නමුත් මිනිස් මොළයක තත්පරයක සිදුවන දත්ත හුවමාරුව සිදු කිරීම සඳහා මේ පරිගණකයට විනාඩි 40ක පමණ කාලයක් වැය වුණා.

නමුත් විද්‍යාඥයන් නම් මේ පර්යේෂණ අනාගතයේ සාර්ථකව මිනිස් මොළයකට සමාන පරිගණකයක් නිර්මාණය කිරීමේ හැකියාව පෙන්වන පෙර නිමිත්තක් ලෙස සලකන්නට වුණා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්