වැල්ලවත්ත නගරයේ ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි

  👤  1657 readers have read this article !
Published by : MB WEB 2017-05-18 11:29:34

වැල්ලවත්ත නගරයේ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 7ක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මේ වන විට අදාල තුවාල කරුවන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පැවසෙන්නේ.

තවත් පිරිසක් මෙම ගොඩනැගිල්ලට යටවී සිටින බවයි වැඩි දුරටත් පැවසෙන්නේ.

වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ ගොඩනැඟිල්ලක් මෙලෙස කඩා වැටීමට ලක්වී ඇති අතර මේ හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන තද බදයක්ද ඇති වී ඇති බවයි සඳහන් වන්නේ.


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්