ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තුවාල ලැබූ ගණන තවත් ඉහලට

  👤  1558 readers have read this article !
Published by : MB WEB 2017-05-18 13:58:46

රුවින්ද වීරසිංහ

වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව අසල ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් රෝහල් ගත කර ඇති තුවාල කරුවන් ගණන මේ වන විට 23 දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.

මේ පිලිබඳ කළුබෝවිල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණරත්න මහතාගෙන් අප කළ විමසිකදී ඔහු සඳහන් කර සිටියේ මේ වන විට අදාළ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 13ක් කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි.

ඒ අනූව මේ පිලිබඳ අදහස් දැක්වූ ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ අදාල රෝගීන්ගෙන් කිසිවෙක් බාහිර තුවාල සැලකීමේදී බරපතල තත්වයක නොපවතින බවත් ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරයට මෙම අනතුරින් යම් හානියක් සිදු වී ඇත්ද යන්න සොයා බැලීමට අදාල රෝගීන් මේ වන විට X-RAY පරික්ශනයන්ට භාජනය කරමින් පවතින බවත්ය.

මිට අමතරව මෙම අනතුරින් තුවාල ලැබූ තවත් තුවාල කරුවන් පිරිසක් මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

කළුබෝවිල රෝහලේ මේ වන විට තත්වය..

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්