තරු හැඩ වෙන හැටි

  👤  1506 readers have read this article !
Published by : MB WEB 2017-07-08 16:33:00

ගීත රූප රචනා කිහිපයකින්ම රසිකයන්ට සමීප වුණු ශෂී ඇන්ජලීනා කාගේත් මතකයේ රැඳෙන්නේ ඇගේ සුරූපී බව නිසාමයි. මේ වනවිට නිවේදන හා රංගන කටයුතු නිසාත් ඇය කාර්යබහුල වෙලා. කාර්යබහුලව දවස ගත කළත් ඇය රූපය ගැන සැලකිලිමත් වන්නේ මේ විදියටයි.

අව්වට සන්ස්ක්‍රීන්

නිතරම අව්වෙ රූගත කිරීම් කරන නිසා මම Sunscreen ක්‍රීම් එකක් ආලේප කරනවා. ඒත් සමහර හදිසි වේලාවට නම් ක්‍රීම් ගාන්න අමතක වෙනවා.

කොණ්ඩෙට Oil Treatment 

අපි නිතරම කොණ්ඩෙට විලාසිතා වර්ණ ගැන්වීම් කරන නිසා සතියකට වරක්වත් ර්ණීඪත ඊපඥචබථඥදබ එකක් කරනවා. කොණ්ඩෙට හානි වෙන නිසා විශේෂ සත්කාර කරන්නත් මම සැලෝන් යනවා.

මාසෙට සැරයක් සැලෝන් ගිහින් කොණ්ඩෙට සත්කාර කළත් ගෙදරදි නම් කොණ්ඩෙට තෙල් සාත්තු කරන්නේ නැහැ.

මාසෙට සැරයක් මෙනිකි්‍යු පෙඩිකි්‍යු

මම කාර්යබහුල වෙන නිසා අත් පාවලට ගෙදරදි සත්කාර කරන්න නම් වෙලාවක් නැහැ. මේ නිසාම මාසෙකට වරක්වත් මෙනික්‍යු පෙඩික්‍යු සත්කාරවලට සැලෝන් එකට යනවා.

වියළි සමට ස්වාභාවික සත්කාර

හිරු එළිය නිසා වියළි හා අවපැහැ වෙන සමට ස්වාභාවික සත්කාර කරන එක හරිම වැදගත්. මේ නිසා කෝමාරිකා, යෝගට් හා කහ මුසු මිශ්‍රණයක් පැක් එකක් විදියට සමේ ආලේප කරගන්නත් පුළුවන්.

කහ ගාලා නිදා ගන්නවා

මේකප් අයින් කරලා මුහුණ පිරිසුදු කර ගත්තට පස්සෙ කහ මිශ්‍ර මඳ රස්නෙ ජලයෙන් මුහුණ සෝදනවා. නිතර මේකප් කරන නිසා විසබීජ නැති කරන්නත් කහ ගොඩාක් හොඳ සත්කාරයක්. සමහර වෙලාවට මේකප් අයින් කරලා කහ ටිකක් මූණේ තවරලා නින්දට යන්නේ සමට ප්‍රබෝධමත් පැහැපත් බවක් ලබගන්නයි.

කෝමාරිකා, යෝගට් සත්කාර

මට ඉඩ තියෙන හැම වෙලාවෙම යෝගට් කෝමාරිකා යුෂ වගේ දේවල් මූණේ ගානවා. මේ දේවල් බ්ලීචිං අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදනවලට වඩා සමට හිතකරයි.

ඇස්වලට පිපිඤ්ඤා

ෂූටින්වලට යන නිසා දවස ගෙවෙන්නේ හරිම වෙහෙසකර විදියට. වෙහෙසකර දෑස්වලට අල පෙති, පිපිඤ්ඤා පෙති, තේ කුඩු වගේ දේවල් හොඳම සත්කාර. ඇස් යට කළු වීම නැති කරලා ප්‍රබෝධවත් බවක් ලබා ගන්නට මේ සත්කාර මම ගෙදරදී කරනවා. සතියට දවස් දෙකක්වත් පිපිඤ්ඤා පෙති දෑස් මත විනාඩි 15ක් තියලා ඇස්වලට සත්කාර කරනවා.

තොල්වලට මී පැණි

මේකප් කරද්දී ලිප්ස්ටික් ගාන්න කලින් මම අනිවාර්යයෙන්ම ලිප් බාම් එකක් ආලේප කරනවා. රෑ නින්දෙදි තොල් වේළෙන නිසා ලිප් බාම් එකක් හරි මී පැණි ටිකක් හරි ගාන්න නම් අමතක කරන්නේ නැහැ. තොල් කළුවෙන එක අඩු වෙන්නත් මී පැණි හොඳ සත්කාරයක්.

සමේ පෝෂණයට Night Cream

රෑ නින්දට යන්න කලින් සමේ තෙතමනය රැක ගන්න ක්‍රීම් වර්ග ගානවා. අත්වලට කකුල් වලටත් Moisturising ක්‍රීම් ගානවා වගේම ඇඟටත් Body lotion එකක් පාවිච්චි කරනවා. රාත්‍රියේදී සමට පෝෂණයක් දෙන night cream එකකුත් අනිවාර්යයෙන්ම ගානවා.

කෑම කන්නේ අඩුවෙන්

ව්‍යායාම් කරන එක ඇඟට ගොඩාක් හොඳයි. ඒත් කාර්යබහුල නිසා ඒ දේවල්වලට වෙලාවක් නැහැ. කෑම වැඩිය කන්නෙ නැති නිසා මහත් වෙන ප්‍රශ්නයක් නම් මට නැහැ.

උදේට යෝගට්

පෙනුම ගැන හිතලා මම විශේෂ ආහාර ගන්නේ නැහැ. ඒත් ගෙදර ඉන්න වෙලාවට නම් ගස්ලබු, ‍ෙදාඩම් බීම හදාගෙන බොනවා. උදේට කෑම වේලක් මඟ හැරුණොත් යෝගට් එකක් කනවා.

රෑට කන්නේ අඩුවෙන්

උදේම දවස පටන් ගනිද්දි මම වතුර වීදුරුවක් බොන්න අමතක කරන්නේ නැහැ. උදේට වැඩ වැඩි වෙන නිසා කෑම වේල මඟ හැරුණත් මම යෝගට් එකක් කන්න පුරුදු වෙලා ඉන්නවා. දවල්ට නම් එළවළු මාළු බිත්තර එක්ක බත් කනවා. හවසට තේ එක්ක බිස්කට් එකක් කෑවත් රෑට නම් අඩුවෙන් කන්නෙ.

කැඳ වර්ගවලටත් කැමැතියි

මම ගොටුකොළ කැඳ බොන්න කොහොමත් කැමැතියි. ගෙදර ඉන්න වෙලාවට අම්මාත් නිතරම කැඳ වර්ග හදලා දෙනවා.

විලාසිතා කරන්නෙ තැනට ගැළපෙන්න

සාමාන්‍ය ගමනට ඩෙනිම් එකයි ටී ෂර්ට් එකයි ඇඳලා යන්න මම කැමැතියි. විලාසිතා කරන්න කැමැති වුණත් මම යන තැන ගැන හිතලා තමයි විලාසිතා කරන්නේ.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්