සිද්ධාර්ත් විවාහයට වයස තීරණය කරලා

  👤  1568 readers have read this article !
Published by : MB WEB 2017-07-10 16:36:32

ළඟදීම තිරගත වන්නට සූදානම් වන ඒ ඨඥදබතඥථඥදබ චිත්‍රපටයේ වැඩකටයුතු නිසා සිද්ධාර්ත් මේ දිනවල හරිම කාර්යබහුලයි. ජැකලින් ෆර්ඩිනෑන්ඩස් සමඟ ප්‍රධාන නළු චරිතයට පෙනී සිටින සිද්ධාර්ත්ගේ රංගනයත් දැන් කාගෙත් කතාබහට ලක්වෙනවා. කඩවසම් දක්‍ෂ රංගන ශිල්පියෙක් නිසාම විටින් විට සිද්ධාර්ත්ටත් සුරූපී නිළියන්ගේ නම් පට බැඳුණා. ආලියා බාත් ඔහුගේ පෙම්වතිය වෙලා හිටිය කතාව නම් දැන් කාටත් රහසක් නෙවෙයි.

ඒත් සිද්ධාර්ත් නම් කිව්වේ ආලියා එක්ක හිතවත්කමක් මිස වෙන සම්බන්ධයක් නොතිබුණ බව. සිනමා තරුවක් වුණාම පෙම් සබඳතා ගැන විවිධ කටකතා පැතිරුණත්, මේ තරු විවාහය ගැන තීරණය කරන්න ටිකක් කල් ගන්නවා. තමන් විවාහය දකින්නේ ජීවිතේ වගකීමක් තියෙන තීරණයක් විදියට කියලා තමයි ඔහු මාධ්‍යයට කියලා තිබුණේ.

පසුගිය කාලේ සිද්ධාර්ත්ගෙ විවාහය ගැනත් විවිධ කටකතා පැතිරුණත් ඒ ගැන සුබදායී අදහසක් නම් ඔහු පළ කරලා තිබුණේ නැහැ. 'මට නම් ඒ ගැන අදහසක් නැහැ. ඒත් මගේ අම්මා නම් මගේ විවාහය ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නවා. ඒ ගැන මගේ අකමැත්තක් නැහැ. ඒත් අවුරුදු 30න් පස්සේ නම් මට ඒ ගැන හිතන්නම වෙනවා' ඔහු විවාහය ගැන කියලා තිබ්බේ එහෙමයි.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්