සල්ලියි-වතුරයි දෙකම ඉතුරු කරන ස්මාර්ට් ජලසම්පාදන පද්ධතිය

  👤  1932 readers have read this article !
Published by : MB WEB 2017-07-11 14:02:39

ලොව කොහේ ජීවත් වුවත්, ජලය සංරක්ෂණය කර ගැනීම පොදුවේ ලෝකයාටත්, පෞද්ගලිකව ඔබේ පොකැට්ටුවටත් හොඳ දෙයක්. Sprinkl Conserve Smart Irrigation System ඔබට ඒ සඳහා අවශ්‍ය ආම්පන්න දැන් ලබා දෙනවා. මෙම පද්ධතිය නිරායාසයෙන්ම ඔබේ ජලසම්පාදන පද්ධතියෙන් සිදුවන අපතේ යෑම මුළුමනින්ම බැහැර කරන්නේ, ඔබට මුදලක් ඉතිරි කර දෙන ගමන්ම, වැදගත් පාරිසරික බලපෑමක් කරන්නටත් අවස්ථාවක් ලබා දෙමින්.

මෙම හුරුබුහුටි, එමෙන්ම පාවිච්චියට ඉතාමත්ම පහසු Sprinkl Conserve Smart Irrigation පද්ධතිය ඔබේ ගෙවත්තට වතුර දැමීමට අවශ්‍ය වන ජලය ප්‍රමාණය සහ වාර ගණන, කෙළින්ම ඔබේ ස්මාර්ට්ෆෝන් එක හරහා පාලනය කරනවා.

මෙය හරහා කලින්ම වතුර භාවිත කළ යුතු වේලාව සහ ප්‍රමාණය තීරණය කළ හැකි වන අතරම ප්‍රාදේශීය කාලගුණ වාර්තා සමඟ අන්තර් සම්බන්ධ වෙමින් අවශ්‍ය විටකදී පමණක් වතුර දැමීමට සැලැස්වීමෙන් ජලය සංරක්ෂණයද කරගත හැකියි. (වහින්න ඉස්සර වෙලා ගෙවත්තේ මල් පැළවලට වතුර දාගන්නට උත්සුක වන සමාජිකයන් ඔබේ පවුලෙත් සිටිය හැකි බැවින්, මෙම උපාංගයට ඇති ප්‍රායෝගික වටිනාකම බොහෝයි.)

ඔබට මෙම වතුර දැමීමේ ජල චක්‍රය ඇප් එක හරහා දිනපතා, සතිපතා, දෙසතියකට වරක් හෝ තෙසතියකට වරක් ලෙස වෙනස් කරමින් පාලනය කළ හැකියි. මෙම උපාංගය හරහා ජල බිල්පතෙන් 30%ක් ඉතිරි කර ගත හැකි බව ගණන් බලා තිබෙනවා. දැනට සීමාසහිත කාලයකට අලෙවි වන Sprinkl Conserve Smart Irrigation හි මිල ඩොලර් 80ක් වෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්