කුඩාම ඉඩක් වුවත් පිරික්සන්නට 'එන්ඩොස්කොප්'

  👤  1486 readers have read this article !
Published by : MB WEB 2017-07-14 15:13:39

එන්ඩොස්කොප් යනුවෙන් හැඳින්වෙන්නේ බොහෝවිට සැත්කම්වලදී සිරුර ඇතුළ බැලීමට යොදා ගන්නා උපකරණයක් වාගේම ඔබ ගැස්ට්‍රයිටීස් නැතහොත් ආමාශයේ දැවිල්ලට ප්‍රතිකාර ගැනීමට ගිය යම් අවස්ථාවකදී වෛද්‍යවරයා ඔබට එන්ඩොස්කොපි එකක් කරගෙන එන ලෙසට නියම කළ අවස්ථාත් ඇති.

අප සෞඛ්‍යය පැත්තකින් තැබුවහොත් ගෙදර ‍ෙදාරක වාහනයක කුඩාම ඉඩක් (අත පොවන්නට නොහැකි) වුවත් පිරික්සන්නට උපකාර කරනා ජලය කාන්දු නොවන, වයිෆයි හැකියාවත් තිබෙන එන්ඩොස්කොපි කැමරාවක් දැන් නිමවා තිබෙනවා. වාහනයේ එන්ජිමක් පිරික්සන අවස්ථාවක, මුළුතැන්ගෙයි නැතහොත් වැසිකිළියේ ජලය බැසයන නළයක් ඇහිරුණු අවස්ථාවක, ප්‍රශ්න කාරකය පියවි ඇසින් දැක ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් ඔබ කලකිරීමට පත්වූ බොහෝ අවස්ථාවන් ඇති.

අඳුරු අහුමුලු, තදබද අවකාශ ඇතුළු මීට පෙර සාමාන්‍ය ආම්පන්නවලින් දැකිය නොහැකි වූ ස්ථාන දැකීමේ හැකියාව මෙම කැමරාව සපයන අතර අඩි 10ක දිගක්ද ඇති බැවින් ඕනෑම සිදුරක, පැල්මකට ඇතුළු කිරීමේ හැකියාවද තිබෙනවා.

8 විදියකට සීරුමාරු කළ හැකි එල්.ඊ.ඩී. විදුලි එළියක්ද අෑ¼දා ඇති මෙයට, එහි ඇති මෙගාපික්සල් 2 කැමරාව හරහා දර්ශන ලබාගෙන වයිෆයි තාක්ෂණයෙන් ඒවා ඔබේ ෆෝන් එකට, ටැබ් එකට හෝ කම්පියුටරයට ලබා දෙන අතර මීටර් 1ක ගැඹුරක මිනිත්තු 30ක් ගත කිරීමටද හැකිවන පරිදි නිමවා ඇත්තේ ජල නළ වැඩවලටද පහසු වන ලෙසින්. මෙම කැමරාව ඩොලර් 33කට අලෙවි වෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්