නොරොච්චෝලේ හදන්න දවස් 10ක් යනවලු

  👤  914 readers have read this article !
Published by : MB WEB 2017-07-17 12:51:52

හර්ෂණී අර්සකුලරත්න

නොරොච්චෝලේ බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රයේ හුමාලය ගෙනයන නළ පද්ධතියේ හටගත් දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින දහයක් පමණ ගතවන බවත් විදුලි සැපයුමට මෙය සැලකිය යුතු අභියෝගයක් එල්ල කර ඇති බවත් විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසයි.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් පැය හතළිස් දෙකකට ආසන්න ප්‍රමාණයක් දක්වා වැඩිවී ඇති බවත් මෙම ජනන යන්ත්‍රයේ සිදු වූ දෝෂය නිසා ජාතික විදුලිබල සැපයුමෙන් මෙගා වොට් තුන්සියයක පමණ ප්‍රමාණයක් ඉවත් වී ඇති බවත් හෙතෙම පැවැසීය.

පිරිවැය අධික වුවත් අන් විදුලි ජනන ක්‍රමයන් යොදා ගනිමින් පාරිභෝගිකයාට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසුවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්