දිවයින වටා මුහුදේ වැසි රහිත කාලගුණයක්

  👤  1091 readers have read this article !
Published by : MB WEB 2017-07-17 11:38:05

ඉෂාරා සිල්වා

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපය තුළ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර උතුර, උතුරු මැද සහ උෟව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 50 දක්වා වූ තරමක තද සුළං ඇති විය හැකි බවද එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා පැවැසීය.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 - 60 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද බණ්ඩාර මහතා කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්