කෝපි කෝප්පයෙ සල්ලි ඉතිරි කරලා ගෙවල් 40ක් අනුන්ට හදන ඕස්්ට්‍රේලියාවෙ සිංහලයා

  👤  1209 readers have read this article !
Published by : MB WEB 2017-08-05 14:15:57

නුවන් බඹරැන්දගේ

සමහර අය ඉහළට යන්න යන්න තමන් ආපු තැන අමතක කරනවා. තමන්ගේ ජීවිතේ පටන් ගත්තේ කොහොමද කියන එකත් අමතක කරනවා. හැබැයි ඒකත් අරුම පුදුම දෙයක් නෙවෙයි. මොකද තමන් හදා වඩා ගත්ත අම්මා, තාත්තට නොසලකන සමාජයක් තමයි අද බිහිවෙලා තියෙන්නේ.

මේ කාරණේ කියන්න වුණේ තමන් හැදුණු වැඩුණු සුජාත පුත්‍රයෙක් මට අහම්බෙන් හම්බ වෙනවා. ඔහු දැනට ඕස්ට්‍රේලියාවේ තමයි ජීවත්වෙන්නේ. හැබැයි ඔහු ඉපදුණු හැදුණු ගම ගාල්ල නගරයෙන් කිලෝමීටර් 15ක් 20ක් ඇතුළට යද්දි හම්බ වෙන අපූරු ගමක්. ඒ ගම නමින් කොට්ටවගම. ඒ අපූරු පිටිසර ගම තේ වතුවලින් වටවෙලා තියෙන්නේ. තවත් මේ ගමේ විශේෂ කාරණක් වන්නේ ප්‍රධාන නගරයකට ආසන්න නිවර්තන තෙත් කලාපීය වනාන්තරයක් ලෙස තමයි කොට්ටව රක්ෂිත වනාන්තරය හඳුන්වන්නේ.
මෙම වනාන්තරය ගැන එක්සත් ජාතීන්ගේ රතු දත්ත පොතට ගෙනයන්නත් කටයුතු කළේ මේ කතා කරන මිනිසා.

ඔහු නමින් දුලාන් ආසිරි හෙට්ටිආරච්චි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහනවයේ ජීවත්වන අසරණ වූ පවුල් තෝරාගෙන ඔවුන්ට නිවාස සාදා නිමකර දීමට අනුග්‍රාහක භවතුන්ගේද සහාය ඇතිව ඔහු කටයුතු කරමින් ඉන්නවා. මේ වෙද්දී ගෙවල් 4ක් හදලා නිම කර භාරදී තිබෙනවා.

ඔහු මේ සද්කාර්යය පිළිබඳ අපට මෙසේ පැහැදිලි කරනවා.

මම ඉපදුණේ කොට්ටව කියන ගමේ. ගම අසල තියෙන්නේ විශේෂිත රක්ෂිතයක්. ඒ තමයි කොට්ටව රක්ෂිතය.

කොට්ටව රක්ෂිතය කියන්නේ සිංහරාජ, දෙදියගල කන්නැලිය වගේ ප්‍රාථමික ගණයේ වනාන්තරයක්. මම මැදිහත් වෙලා මෙම වනාන්තරය රක්ෂිත වනාන්තරයක් කිරීමට අවශ්‍ය කටයුතු කළා. තවද නාම පුවරු සවිකරලා එය අලංකාර අන්දමින් සකස් කිරීමටද කටයුතු කළා.
මේ වෙද්දි කොට්ටව වනාන්තරය රක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කරලා අවසානයි. මා ස්වාධීන රූපවාහිනියේත්, කම්කරු අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ලෙසත් සේවය කළා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රාජ්‍ය තානාපති කාර්යාලයේ මාධ්‍ය සම්බන්ධීකරණ උපදේශක ලෙස යන්න ලැබුණෙ ඔය අතරෙදි. එහි සේවය කරද්දි මට හිතුණු දෙයක් තමයි එහේ මිනිස්සු කෝපි කෝප්පයකට ඩොලර් 8 - 10ක් අතර මුදලක් වැය කරනවා. ඒ කියන්නේ රු. 1000ක් 1200ක් වගේ. ඒ වගේ කෝපි කෝප්ප 3ක් 4ක් දවසකට බොනවා. මං හිතුවා ර්ණීදඥ ඛ්ධටටඥඥ කියල ඛ්චථනචඪඨද එකක් කරන්න. ඒ කියන්නේ එක කෝපි කෝප්පයක සල්ලි ටිල් බොක්ස් එකකට එකතු කරලා. ඒ සල්ලිවලින් ලංකාවේ තෝරාගත්ත අසරණ පවුල්වල අයට නිවාස හදලා දෙන්න. කියන්න සතුටුයි. මේ වෙද්දි මගෙත් එක්ක මෙයට 127 දෙනෙක් එකතුවෙලා ඉන්නවා. මෙයට මගේ ව්‍යාපාරික යාළුවන් සම්බන්ධ කර ගත්තා. මම ඔවුන්ට කීවා අපි එකතු වෙලා ලංකාවේ අසරණ මිනිසුන්ට ගෙවල් හදලා දෙමු කියලා. මම ඔවුන්ට කිව්වා මොකක් හරි ඛ්ධථනචදර එකක අනුග්‍රහයෙන් ගෙයක් හදල දෙනවා නම් ඒ ගෙදර ඉස්සරහින් ඛ්ධථනචදර එකේ නාම පුවරුව ගහන්න කටයුතු කරමු කියලා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස මම තීරණය කළා ගාල්ල දිස්ත්‍රික්කයේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නිවාස 40ක් හදලා 2019 වර්ෂය වෙද්දි අවසන් කරන්න. දැන් අපි ඒ වැඩේට සූදානම්.
මේක මුලින්ම පටන් ගත්තේ ගාල්ල බළපිටිය ප්‍රදේශයෙන්. පටන් අරගෙන උඩුගම, ගෝනපීනුවල, හිනිදුම ප්‍රදේශවල නිවාස හැදීම ආරම්භ කරල තියෙනවා. මේ වෙද්දි වැඩ අවසන් කරපු නිවාස 03ක් ඒ පවුල්වලට භාරදීලා තියෙනවා. තවත් නිවාස 04කට පසුගිය සතියේ මුල්ගල් තැබීමත් සිදු කළා. තවත් පුස්තකාලයක් ආරම්භ කිරීමටත් අවශ්‍ය කටයුතු කළා.
තවද සහෝදර නගර සංකල්පයක් ඇති කරලා ඩැන්ඩිනොං නගරාධිපති ගාල්ලට ගෙනැවිත් ඔවුන්ගේ සහයෝගය ගාල්ල නගරයේ අයට ලබාදෙන්න කටයුතු කළා.
ඔහුගේ පැමිණීමත් සමඟ මම පන්සල් ආශ්‍රිතව වැඩසටහන් රාශියක් සිදු කිරීමට අවශ්‍ය කටයුතුත් කළා.
මේ සියල්ල විනිවිදභාවයකින් වෙන්නත් ඕන කියලා මා විශ්වාස කළා. ඒ නිසා මම ගාල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිතුමන්, යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිතුමන්, යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මැදිහත්වීමෙන් තමයි මුදල භාවිත වෙන්නෙ. නිවාස අවශ්‍ය පවුල් තෝරා ගැනීමත් සිදු කරන්නේ. තවද නාවික හමුදාව විශාල සහයෝගයක් ලබාදෙනවා. ඔවුන්ගේ ශ්‍රමය ලබාදීලා මෙම කර්තව්‍ය සාර්ථක කරගන්න අපට විශාල සහයෝගයක් ලබාදෙනවා. ඒ නිසා අඩු පිරිවැයකින් මේ කටයුත්ත කිරීමට අපට හැකි වුණා.
මේ වගේ දේවල් කටින් කිය කිය ඉන්නේ නැතිව ප්‍රායෝගිකව කරද්දි තමයි එයට ලැබෙන සහයෝගය තේරෙන්නෙ. මේ නිවාස හදද්දි මේවාට සහාය දුන්නේ ගමේම උදවිය. ගුරුවරු පොලිසියේ උදවිය වගේ අය නිවාඩු දවස්වලට ඇවිත් තම ශ්‍රම දායකත්වය ලබාදුන්නා. තවද සිමෙන්ති, ගල්, වැලි වගේ අවශ්‍ය දේවල් ලබා දෙන්නත් කටයුතු කළා.
මේ වගේ දෙයක් කිරීමෙන් අප බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමටයි. ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225යි, පළාත් සභා මන්ත්‍රිවරු 500කට අධික ප්‍රමාණයක් ඉන්නවා. නගරාධිපතිවරුන් 272ක් ඉන්නවා. ඔවුන් අවුරුද්දකට එක ගෙයක් හැදුවත් අවුරුද්දකට ගෙවල් 1000ක් විතර හදන්න පුළුවන්. අවුරුද්දට ගෙවල් 4 ගාණේ අවුරුදු හතරක සේවා කාලය තුළ ගෙවල් 40,000ක් හදලා ජනතාවට ලබාදීමේ හැකියාව තියෙනවා. මේකට අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණයි. නිවාස ව්‍යාපෘති අභිභවා යමින් විශාල වෙනසක් ඇති කිරීමට හැකියාව අපට තියෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්