ජදේජාට පල්ලෙකැලේ තහනම්

  👤  2127 readers have read this article !
Published by : MB WEB 2017-08-08 09:45:24

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති හා රෙගුලාසිවලට පටහැනිව ක්‍රීඩා කිරීම හේතුවෙන් ඉන්දීය පිලේ රවින්ද්‍ර ජදේජාට තරග තහනමක් පනවා ඇත.

ශ්‍රී ලංකා-ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී මලින්ද පුෂ්පකුමාර සිටි කඩුල්ල වෙත පන්දුව දමා ගැසීම හේතුවෙන් හා මාස 24ක් ඇතුළත කළ පෙර වැරැදි සලකා බැලීම තුළ 12 වැනිදා පල්ලෙකැලේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය ජදේජාට අහිමි කිරීමට අයි.සී.සී.ය පියවර ගෙන තිබිණි.

මෙයට පෙර එනම් 2016 වසරේ ඔක්තෝබර් මාසයේදී නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී තණතීරුව මත ඇවිදීම හේතුවෙන් ජදේජාට තරග මුදලින් 50%ක දඩයකට හා අප්‍රසාද ලකුණු තුනක් ලබා දී තිබූ අතර, එයට තවත් අප්‍රසාද ලකුණු හතරක් එකතු කරගනිමින් දඬුවම් ලකුණු 2ක් බවට පත් කරගත්තේය.

කෙසේ වුවත් කිසියම් ක්‍රීඩකයකු දඬුවම් ලකුණු දෙකක් එකතු කරගතහොත් ටෙස්ට් තරගයක් අහිමි වී යන අතර, අයි.සී.සී. ය හා ක්‍රීඩකයන් අතර පවතින ගිවිසුමෙහි 2.2.8 නීති රාමුව තුළ කළ මෙම වරද හේතුවෙන් ජදේජාට ඉදිරියෙහි ඇති එක් ටෙස්ට් තරගයක හෝ එක්දින තරග දෙකක හෝ විස්සයි තරග දෙකකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇත.

මෙම තරගයේදී විනිසුරුවන් ලෙස කටයුතු කළ බෘෘස් ඔක්සන්ෆර්ඩ් සහ රොඩ් ටකර් හා තෙවැනි හා සිවුවැනි විනිසුරුවරුන් ලෙස කටයුතු කළ රිචඩ් ඉලංවර්ත් හා රුචිර පල්ලියගුරු යන මහත්වරු මෙම චෝදනාව එල්ල කර ඇති අතර, ජදේජා වරද පිළිගැනීම හේතුවෙන් මෙම තරගාවලියේ තරග තීරක ලෙස කටයුතු කරන රිචී රිචඩ්සන් මහතා මෙම දඬුවම පනවා තිබේ.

කෙසේ වෙතත් ජදේජාට පළමුවෙන්ම ඇත්තේ ටෙස්ට් තරගයක් බැවින් පල්ලෙකැලේදී පැවැත්වෙන තෙවැනි තරගය මේ අනුව ඔහුට අහිමි වී ගොස් තිබෙන අතර, 2016 වසරේ ඔක්තෝබර් සිට 2018 වසරේ ඔක්තෝබර් දක්වා වූ මෙම මාස 24ක් ඇතුළත තවත් වරදක් ජඩේජා විසින් සිදුකරනු ලැබුවහොත් ඉදිරියේදී ටෙස්ට් තරග දෙකක හෝ එක්දින තරග හතරක හෝ විස්සයි-20 තරග හතරක් අහිමිවී යෑමට ඉඩ තිබේ.

මේ අතර එළැඹෙන 12 වැනිදා මහනුවර පල්ලෙකැලේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය සඳහා රවින්ද්‍ර ජදේජාගේ ස්ථානයට චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් නම් කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්