පෙම්වතිය නිසා වරුන්ගේ කට ඇරෙයි

  👤  1699 readers have read this article !
Published by : MB WEB 2017-08-08 15:04:09

කඩවසම් බොලිවුඩ් නළු වරුන්දාවන් රසිකයන් හඳුනාගන්නේ Students of the Year චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටයේම ප්‍රධාන නිළියට රඟපෑ අලියා බාත් සමඟත් ඔහු පෙමින් බැඳුණා. මේ ගැන කට කතා පැතිරුණත් වරුන් නම් ඒ ගැන මාධ්‍යට කිසිම දෙයක් කියලා තිබුණේ නැහැ.

ඒ වුණත් වරුන්, සමීපව ඇසුරු කරන නටාෂා දලාල් සමඟ තියෙන පෙම් සබඳතාව ගැන නම් ඔහු මේ ළඟදී මාධ්‍යට හෙළි කළා. තමන් අන්තිමට ගැළපෙනම සහකාරිය සොයා ගත් බව මාධ්‍යට කිව්වෙ මේ විදියටයි.

"මට දැන් පෙම්වතියක් ඉන්නවා. මම ඒක හංගන්නෙ නැහැ. මම ඒ ගැන විවෘතව කතා කරන්න කැමති නැත්තේ මාධ්‍ය වැරදි කටකතා පතුරවන නිසයි. ඇය සිනමාවට සම්බන්ධ කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා මම ඇයව මාධ්‍යයෙන් අෑත් කරලා තියන්න උත්සාහ කරනවා.

ඒ වගේම මගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නත් මම ගොඩක් සැලකිලිමත් වෙනවා. ඔන්න ඔහොමයි වරුන් තමන්ගේ පෙම්වතිය ගැන රටට ලෝකයට කියලා තිබුණේ.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්