දකුණු කොරියාවේ කසාද ප්‍රමාදයි-උපත් අඩුයි

  👤  1939 readers have read this article !
Published by : MB WEB 2017-08-12 12:00:31

දකුණු කොරියාව තුළ තරුණ ප්‍රජාව අතර විරැකියාව ඉහළයෑම හේතුවෙන් විවාහ ප්‍රමාද කිරීම හේතුවෙන් දකුණු කොරියාවේ අපේක්ෂිත උපත් අනුපාතය මේ වසරේ වාර්තාගත මට්ටමකින් පහත වැටී ඇතැයි වාර්තා වේ.

ඒ හේතුවෙන් ඉදිරියේදී දකුණු කොරියාව තුළ ශ්‍රම බළකායේ තුළ දැඩි හිඟයක් ඇතිවිය හැකි බව එරට ආර්ථික විශේෂඥයන් මත පළකර තිබේ.

වසර දෙදහස් දහහතේදී දකුණු කොරියාව තුළ සිදුවිය හැකි උපත් සංඛ්‍යාව තුන් ලක්ෂ හැට දහසක් පමණ විය හැකි බව එරට බලධාරීන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇති අතර එය එරට උපත් අනුපාතයේ විශාල පහත වැටීමක් බව පෙන්නුම් කරයි.

බලධාරීන් පෙන්වා දෙනුයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට උපත් සංඛ්‍යාව ලක්ෂ හතරකට අඩුවෙන් සිදුවන අවස්ථාව මෙය වන බවයි. දකුණු කොරියාව තුළ දිනෙන් දින ඉහළ යමින් පවතින තරුණ විරැකියාව මෙලෙස උපත් සංඛ්‍යාව පහත වැටීමට හේතුවී ඇති බව බලධාරීහු පෙන්වා දෙති.

රැකියාවන්හි නිරත ප්‍රජාවද දැරිය නොහැකි මට්ටමකට මේ තත්ත්වයට පත්වීම හේතුවෙන් දරුවන් බිහිකිරීමට අකැමැත්තක් දක්වන බව බලධාරීහු පවසති.

පසුගිය කාලයේදී විවාහක පිරිස් දිරි ගැන්වීම සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන හැත්තෑවක ව්‍යාපෘතියක්ද දියත් කළ බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වුවද එරට නිවාස මිල ඉහළ යෑම, ජීවන වියදම ඉහළයෑම සහ අධ්‍යාපන වියදම ඉහළ යෑම වැනි කරුණු හේතුවෙන් දරුවන් බිහිකිරීම කළ නොහැකි බව මවුපියෝ පවසති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්