පොලිතින් තහනම් නම් වහාම විකල්පයක් දෙන්න

  👤  2039 readers have read this article !
Published by : MB WEB 2017-08-23 09:42:37

සැප්තැම්බර් 1දා සිට පොලිතින් (Lunch Sheet) තහනම් කරනවා නම් ඊට වෙළෙඳපොළ විකල්පයක් වහාම හඳුන්වා දිය යුතු බවත් එය මිල අවම වන හඳුන්වා දීමක් විය යුතු බවත් ආපනශාලා හිමියන්ගේ සංගමය රජයට අවධාරණය කරයි.

එම සංගමයේ ජාතික සංවිධායක, අසේල සම්පත් පැවැසුවේ හඳුන්වාදෙන විකල්ප පොලිතින්වල පවතින මයිකේ‍රා්න අඩු හෝ වැඩිද යන්න සොයාබැලීමේ ක්‍රමවේදයක්ද සැකසිය යුතු බවයි.

එසේ නොමැතිව කුමක් හෝ නිෂ්පාදනයක් හඳුන්වා දී වැටලීම් නිලධාරීන් රට පුරා නිරත කරවීම සිදු කිරීමට ඉඩ නොදෙන අතර හඳුන්වාදෙන විකල්ප මිලෙන් අඩුකිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන ලෙසද ඒ මහතා දැනුම් දෙයි.

කෙසේ නමුත් එක්තරා දේශපාලනඥයෙක් නව පොලිතින් විකල්පයක් මේ වන විට පරිසර හිතකාමී බව පවසා හඳුන්වා දීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව පවසන ඒ මහතා කියා සිටියේ මෙවැනි ක්‍රමවේදයක් නොසැලකිල්ලෙන් සිදු කළහොත් මෙරට ලක්ෂ ගණනක ව්‍යාපාරිකයන් මෙන්ම සියලු පාරිභෝගික ජනතාවද අසීරුවට පත්වීම නොවැළැක්විය හැකි බවයි.

එම හඳුන්වාදීමට යන විකල්ප පොලිතින්වල අඩංගු මයිකේ‍රා්න ප්‍රමාණය, ඒවා දිරාපත් වීමට ගත වන කාලසීමාව හා පරිසරයට කොතරම් දුරට හිතකර වන්නේද යන කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතු බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්