සංවත්සරයට නොඑන අය ගැන පසුව තීරණයක් ගන්නවා

  👤  1982 readers have read this article !
Published by : MB WEB 2017-08-23 10:27:34

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

ශ්‍රී ලනිපයේ 66 වැනි සංවත්සර උළෙල සඳහා සහභාගි නොවන පක්ෂයේ සාමාජිකයන් වෙනුවෙන් සංවත්සර උළෙලෙන් පසුව තීන්දු තීරණ ගන්නා බව ශ්‍රී ලනිප මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

පක්ෂ සංවත්සරය සඳහා පක්ෂයේ සියලුම නිලධාරීන්ට, පක්ෂයෙන් ඡන්දයට ඉදිරිපත් වූ සාමාජිකයන්ට, ඉදිරියේදී මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අපේක්ෂකයන්ට, සියලුම ආසන බල මණ්ඩල පාක්ෂිකයන්ට විවෘතව ආරාධනා කර තිබෙන බවත් ඒ අනුව යම් කෙනකු එදිනට සහභාගි නොවන්නේ නම් ඒ පිළිබඳව සංවත්සර උළෙලෙන් පසුව තීරණයක් ගන්නා බවත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඊයේ (22දා) ශ්‍රී ලනි පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී මෙවර ශ්‍රී ලනි පක්ෂ සංවත්සරයට සහභාගි නොවීමට පක්ෂයේම ඇතැම් අමාත්‍යවරුන් තීරණයක් ගෙන තිබෙන බවට 'මව්බිම' කළ විමසුමට පිළිතුරු ලබාදෙමිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්